සධීර සමරවික්රම හා අවිශ්ක ප්රනාන්දුගේ පිතිහරඹය නිසා තරගාවලියේ දෙවැනි ජයග්රහණයත් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමත්විය. ඒ් දඹුල්ල ඔ්රා කණ්ඩායම පරදා කඩුළු 9 ක ජයක් හිමිකර ගනිමිනි. තරගාවලියේ තෙවැනි තරගය ලෙස මෙය සූරියවැවදී පැවැත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ඔ්රා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුනු 121 ක් රැස් කලේය. ජෝඩන් කොක්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 22 කදී ලකුනු 43 ක් රැස් කලේය.
එහිදී මහීෂ් තීක්ෂණ හා විජයකාන්තන් වියස්කාන්ත් කඩුළු 3 බැගින් දවා ගත්හ.
ලකුනු 122 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායමට ජයග්රාහී ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්රනාන්දු හා සධීර සමරවික්රම සමත්වූහ. සධීර සමරවික්රම එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී ලකුනු 62 ක් වාර්තා කලේ හතරේ පහර 7 ක් හා එක් හයේ පහරක් සමගිනි. ඔවුන් පන්දුවාර 15.4 කදී ඉලක්කය හඹායාමට සමත්වූහ.
ඊට අගනා සහයක් ලබාදුන් අවිශ්ක ප්රනාන්දු ලකුණු 51 ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 93 දී ලකුණු 118 ක සබඳතාවක් පැවැත්වීය.
තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ සධීර සමරවික්රමට හිමිවිය.