ඔලිවර් ජිරවුඩ් හා කයිලියන් එම්බගේ ගේ විශිෂ්ඨ ප්‍රහාරය හේතුවෙන් මෙවර තරගාවලියේත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පසුගියවර ලෝක ශූර ප්‍රංශය සමත්විය. ඒ් පෝලන්තය ගෝල 3-1 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගය අග් තුමාමා ක්‍රීඩාංගණයේදි පැවැත්වින.
තරගය පළමු අර්ධයේදී තියුනු මුහුණුවරක් ගත්තද 44 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩක ඔලිවර් ජිරවුඩ් පළමු ගෝලය ප්‍රංශයට වාර්තා කර දුන්නේය.
මෙම ගෝලයත් සමගින් ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ජිරවුඩ් සමත්විය.
ජිරවුඩ් මේ වන විට ප්‍රංශය වෙනුවේන තරග 116 කදී ගෝල 52 ක් වාර්තා කිරීමට සමත්ව ඇත.
ඔහු මෙහිදී අබිබවා ගියේ ප්‍රංශ හිටපු ඉදිරිපෙළ ක්‍රීඩක තියරි හෙන්රි තරග 123 කදී ගෝල 51 ක් වාර්තා කර තබා තිබූ වාර්තාවයි.
අනතුරුව තරගයේ 74 වැනි මිනිත්තුවේදී ප්‍රංශ සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක කයිලියන් එම්බපේ ගෝලයක් වාර්තා කලේ 2-0 ක් ලෙස ප්‍රංශය ඉදිරියෙට ගෙන යමිනි.
තරගය නිමාවට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී එම්බපේ තවත් ගෝලයක් වාර්තා කලේ ප්‍රංශ ලෝක කුසලාන සිහින තවදුරටත් ඉදිරියට ගෙන යමිනි. මෙම ගෝලයත් සමගින් එම්බපේ ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල ලාභීන් අතර 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ සුපිරි ඉදිරිපෙළ ක්‍රිීඩක සිනෙඩින් සිඩෑන් පසු කරමිනි.
ඔහු තරග 61 කදී ගෝල 33 ක් වාර්තා කරගෙන ඇත. එමෙන්ම ප්‍රංශය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිම ගෝල ලාබීන් අතර දෙවැනි ස්තානයට පත්වීමට ඔහු සමත්වී ඇත්තේ ගෝල 9 ක් දක්වා සිය ගෝල සංඛ්‍යාව ඉදිරියට ගෙනයමිනි.
ජිරවුඩ් (වමේ) හා එම්බපේ (දකුණේ)