දකුණු අප්රිකානු කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු හෂීම් අම්ලා අන්තර්ජාතික ක්රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. දකුනු අප්රිකාව වෙනුවෙන් ක්රීඩා කළ තාක්ෂණයෙන් අනූන පිතිකරුවෙකු වන අම්ලා මෙම තීරණය ගෙන ඇත්තේ සිය පසලොස් වසරක අන්තර්ජාතික ක්රිකට් දිවිය නිමා කරමිනි. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි. එක්දින පිටියේදී සුවිශේෂි දස්කම් දැක්වූ හෙතෙම එක්දින පිටියේ ලොව වේගවත්ම 2000, 3000, 4000
5000, 6000 හා 7000 යන ලකුණු රැස් කළ ක්රීඩකයා වේ. එමෙන්ම කළක් ඔහු දකුනු අප්රිකානු ටෙස්ට් නායකයා ලෙසින්ද ක්රියා කලේය. සමුගැනීමෙන් අනතුරුවද ඔහු තවදුරටත් ප්රාන්ත තරග ක්රීඩා කරනු ඇත.