මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට ඒ් කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැණීමට සෙනගාලය සමත්විය. ඒ් තරගාවලියේ අද පැවති තරගයෙන් ඉක්වදෝරය පරදා ගෝල 2-1 ක ජයක් හිමිකර ගනිමිනි.
සෙනගාල කණ්ඩායම ලෝක කුසලානයේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේ 2002 වර්ෂයෙන් අනතුරුව වීම විශේෂත්වයකි. ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගෙන ඇත්තේ තෙවරක් (2002, 2018,2022) පමණක් වන අතර එයින් ඔවුන් දැක්වූ හොඳම දක්ෂතාව වන්නේ 2002 වර්ෂයේදී තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමයි.
එමෙන්ම අප්රිකානු කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේ වසර 8 කට පසුවන අතර අවසන් වරට 2014 වර්ෂයේ තරගාවලියේදී ඇල්ජීරියාව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
සෙනගාලය හා ඉක්දෝරය අතර පැවති තරගයේ 44 වැනි මිනිත්තුවේදි ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට සෙනගාල ඉදිරිපෙළ ක්රීඩක ඉස්මයිලා සාර් සමත්විය. නමුත් දෙවැනි අර්ධයේ ක්රියාත්මක වූ මොයිසස් කයිසෙඩෝ 67 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්ත කරමින් තරගය ඉක්වදෝරයට විවර කර දුන්නේය.
නමුත් ඉන් මිනිත්තු 3 ක් ගතවද්දීම සෙනගාල පසුපෙළ ක්රීඩක කලිඩෝ කොලිබාලි ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජයග්රහණය සෙනගාලයට සකස් කර දුන්නේය.
පසුගිය වසරේ (2021) අප්රිකානු ශූරයින් ලෙසින් තරගාවලිටය සුදුසුකම් ලැබූ සෙනගාලය මෙවර තරගාවලියට පිවිසියේ ඔවුන්ගේ සුපිරි ක්රීඩක හා නායක සාඩියෝ මානේ ද නොමැතිව වීම විශේෂත්වයකි. එමේන්ම තරගාවලියේ පළමු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් ලැබුවත් දෙවනි තරගයේදී සත්කාරක කටාරට ගෝල 3-1 ක් ලෙස පරදා සෙනගාලය තරගාවලියේ බලාපොරොත්තු අළුත් කර ගත්තේය.