ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය. ඒ් ප්‍රභල තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයේ පෘතුගාලය සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ක ෙඒතිහාසික ජයක් හිමිකර ගනිමිනි.
මෙම තරගය අල් තුමාමා ක්‍රීඩාංගණයෙදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ 40 වැනි මිනිත්තුවේදී මොරොක්කෝ ඉදිරිපෙළ ක්‍රීඩක යූසුෆ් එල් නෙසීරි ගෝලයක් වාර්තා කරමින් තරගය ගෝල 1-0 ක් ලෙස මොරොක්කෝව ඉදිරියට රැගෙන ආවේය.
තරගයේ ඉතිරි කාළය පුරාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාල ක්‍රීඩකයින්ට සිය දැල ආක්‍රමණය කිරීමට මොරොක්කෝ පසුපෙළ ක්‍රීඩකයින් ඉඩක් ලබා නොදුන්නේ දැල් රකින ක්‍රීඩක යසීන් බෝනෝගේ දක්ෂ දැල් රැකීමද උපයෝගී කරගෙනයි. තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී මොරොක්කෝ අතිරේක ඉදිරිපෙළ ක්‍රීඩක වලීඩ් චෙදිරාට රතු කාඩ්පතක් ලැබුණද ඔවුන් පෘතුගාලයට සිය සීමාව ආක්‍රමණයට අවස්ථාව ලබා නොදීම විශේෂත්වයකි.
මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයට සදුසුකම් ලබා ඇත්තේ අවස්ථා 5 කදී පමණක් වන අතර මීට පෙර ඔවුන් එහිදි වාර්තා කළ ඉහළම මට්ටම වූයේ 1986 වර්ෂයෛ්දී අවසන්16 දෙනාගේ වටයට ගමන් කිරීම පමණි.