පන්දුවාර විස්සයි20 ලොකු කුසලාන තරගාවලියෙ අවසන් පූර්ව වටයට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අද අහිමි වි ගියේය. ඒ් අද නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසිලන්තයත්, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ඔසස්ට්‍රේලියාවත් ජය ගැනීම හේතුවෙනි.
මේ අනුව නවසිලන්තයට හා ඔස්ට්‍රේලියාවට ප්‍රසාද ලකුණ දෙක බැගින් හිමිවූ අතර ඔවුන් පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවල රැදී සිටිති.
ශ්‍රී ලංකාව තරග දෙකක් ජයගනිමින් ප්‍රසාද ලකුණු හතරක් හිමිකරගෙන තිබේ. හෙට තරගය ජයගත්තත් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යව දෙකකි.
කෙසේ වෙතත් හෙට ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවතින තරගය එංගලන්තයට වැදගත් වෙනු ඇත. එංගලන්තය එම තරගය පරාජය වුවහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන අතර තරගය ජයගත හොත් ඔවුන්ට අවසන් පූර්ව තරගයට පිවිසීමට වැඩි අවස්ථාවක් තිබේ.