සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය මේ වන විට එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වී තිබේ.
ජයග්රහණය සඳහා ලකුණු 483ක ඉලක්කයක් හඹා යන ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 26.2ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 60ක් රැස් කරගෙන සිටියහ.
මෙහිදී අද (01දා) දිනයේදී පළමු කඩුල්ල ලෙස ප්රභාත් ජයසූරිය ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියේය.