ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය් අද (21දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට කලීෆා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඒ ඉරානය හා එංගලන්තය අතරය. යුරෝපානු කලාපයේ මෙන්ම ලෝකයේද අතිශය සාර්ථක කණ්ඩායමක් වන එංගලන්තය, ආසියානු කලාපයේ ප්‍රභලයින් වන ඉරානය සමගින් ජාත්‍යන්තර පාපන්දු පිටියේදී මුණගැසෙන පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රේණිගත කිරීම්
අවසන් වරට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුකළ ශ්‍රේණිගතකිරීම් වලට අනුව අන්තර්ජාතික පාපන්දු පිටියේ එංගලන්තය පස්වැනි ස්ථානයේ පසුවන අතර ඉරානය පසුවන්නේ 20 වැනි ස්ථානයේය.
යුරෝපානු කලාපයේදී එංගලන්තයට තෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීම්හි ඉරානය පෙරමුණේ පසුවේ.
කෙසේ වෙතත් ලොව වැඩිම රටවල් ප්‍රමාණයක් සහභාගි වන පාපන්දුවේ ශ්‍රේණිගත කිරීම්හි සුළු පහළ යෑමක් යනු කණ්ඩායමක් අවතක්සේරු කිරිමට කිසිසේත්ම හේතුවක් නොවේ.
මේ දක්වා ලෝක කුසලානයේ දක්වා ඇති දක්ෂතා
මේ දක්වා මෙම කණ්ඩායම් ලෝක කුසලානයේදී දක්වා ඇති දක්ෂතා අනුව එංගලන්තය පැහැදිලි ලෙසින්ම පෙරමුණේ පසුවේ. මේ දක්වා පැවති ලෝක කුසලාන 22 න් 16 න්ම ඔවුන් නියෝජනයට සමත්වී ඇත.
එහිදී මේ දක්වා සමස්ථ තරග 69 කට සහභාගි වී ඇති ඔවුන් එයින් තරග 29 ක් ජය ගැනීමට සමත්වී ඇත. තරග 21 ක් ජය පැරදුමින් තොරව නිමා වද්දී තරග 19 න් ඔවුන් පරාජයට පත්වී ඇත. සිය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් පසුකරමින් 1966 වර්ෂයේදී තරගාවලියේ ශූරතාව දිනා ගැණීමට ඔවුන් සමත්විය.
එයින් පසු 1990 හා පසුගිය 2018 වර්ෂයේ තමන් සත්කාරකත්වය දැරූ තරගාවලියේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්වීම ඔවුන් දැක්වූ හොඳම දක්ෂතාවයි. එමෙන්ම ඔවුන් 2020 වර්ෂයේ පැවති යුරෝපානු පාපන්දු ශූරතාවයේ අනුශූරතාවද දිනා ගැනීමට සමත්විය.
ඉරානය මේ දක්වා පැවති තරගාවලි 22 න් 4 ක පමණක් සිය ස්ථාන වෙන් කර ගැණීමට සමත්විය. නමුත් එහිදී වැඩියමක් සිදුකිරීමට නොහැකි වූ ඉරානය මූලික වටයෙන් පිටට යාමට නොහැකි වී ඇත. එහිදි සමස්ථ ලෝක කුසලාන තරග 15 කට සහභාගි වූ ඔවුන් ඉන් ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණි.
තරග 4 ක් ජය පැරදුමින් තොරව නිමා වද්දී තරග 9 ක් ඔවුන් පරාජයට පත්වී ඇත. පසුගිය 2018 වර්ෂයේදී කැපී පෙණෙන තරගාවලියකට ක්‍රීඩා කළ ඔවුන් එහිදී මොරොක්කෝ කණ්ඩායම පරාජයට පත් කළහ.
එහිදී සිය කාණ්ඩයේ ප්රභයින් වූ ස්පාඤ්ඤයට හොඳ තරගයක් ලබා දෙමින් පරාජය වුවත් ප්‍රභල පෘතුගාලය සමග තරගය ගෝල 1-1 ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් කිරීමට ඔවුන් සමත්වූහ.
අද තරගයේ ප්‍රභල ක්‍රීඩකයින්
අද තරගයේදී එංගලන්ත ප්‍රභල ක්‍රීඩකයින් දෙස බැලූ විට එහි නායක හැරී කේන්ට වැඩි වගකීමක් පැවරි ඇති බව පැහැදිලිය. පසුගිය 2018 වර්ෂයේ ලෝක කුසලානයේදී ද වැඩිම ගෝල ලාභියා (6) බවට පත්වූ හැරී කේන් එංගලන්ත ටොටෙන්හැම් කණ්ඩායමෙද නිත්‍ය සාමාජිකයෙකි.
එමෙන්ම චෙල්සි කණ්ඩායමේ රහීම් ස්ටර්ලින්ද ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායමට දායකත්වයක් සැපයිය හැක.
එමෙන්ම ඉරානයට එරෙහිව පසුපෙළ ක්‍රීඩකයින් 4 දෙනෙකු, මැදපෙළ ක්‍රීඩකයින් තිදෙනෙකු හා ඉදිරිපෙළ ක්‍රීඩකයින් තිදෙනෙකු (4-3-3) හෝ පසුපෙළ ක්‍රීඩකයින් 3ක්, මැදපෙළ ක්‍රීඩකයින් 4 ක් හා ඉදිරිපෙළ ක්‍රීඩකයින් තිදෙනෙකු (3-4-3) සංයුතියෙන් කණ්ඩායම සැකසීමට එංගලන්ත පුහුණුකරු ගැරත් සවුත්ගේට් බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එංගලන්ත රයිට් බැක් ක්‍රීඩක කයිල් වෝකර් කකුලේ සැත්කමක් කර තිබීම හේතුවේන මෙම තරගයෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
මේ අතර ඉරාන කණ්ඩායම පසුපෙළ ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමගින් වඩාත් ආරක්ෂාකාරීව මෙම තරගයට සහභාගිවිමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී මැද පෙළ එක් ක්‍රීඩකයෙකු හා ප්‍රහාරාත්මක මැදපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙන්ම ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු (4-1-3-2) ඔවුන්ගේ කණෟඩායමට ඇතුලත්වනු ඇත.
ඉරාන කණ්ඩායමේ අත්දැකීම් සහිත මැදපෙළ ක්‍රීඩක ඔමිඩ් ඊබ්‍රාහිමි පාදයේ ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයයට ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් පෘතුගාල පෝටෝ පාපන්දු කණෟඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක මෙහ්දි ටෙරේමි මෙම තරගයේදී ඉරානය වෙනුවෙන් වැඩි වගකීමක් දරණු ඇති බව වාර්තා වේ.
ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්
එංගලන්තය - ජෝර්ඩන් පික්ෆෝඩ්, කිරන් ට්‍රිපර්, ජෝන් ස්ටෝන්ස්, හැරී මිගුරේ, ලූක් ෂෝ,ඩික්ලාන් රයස්, ජූඩ් බෙලින්ග්හැම්, රහීම් ස්ටර්ලින්, මේසන් මවුන්ට්, පිල් ෆෝඩෙන්, හැරී කේන්
ඉරානය - ඇලිරෙසා බෙයිරන්වාන්ඩ්, සාදේ මොහරාමි, මොර්ටෙසා පොරාලිගන්ජි, මජීඩ් හොසෙයිනි, මිලාද් මොහොමදි, අහ්මඩ් නූරොලාහි, සයීඩ් එසටොලාහි, එසාන් හජ්සාෆි, අලිරෙසා ජහන්බක්ෂ්, මෙහ්දි ටරේමි, නදීම් අම්රි
හැරී කේන්
රහීම් ස්ටර් ලින්