එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් වශයෙන් සිය හොදම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරිමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත්වී තිබේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 21 වැනි ස්ථානයට පත්වෙමිනි.
එක්දින තරගාවලියේදී අකිල කඩුලු 14ක් බිඳ හෙළීමට සමත්වූ අතර ඒ අනුව ඔහු ස්ථාන 22ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට පත්විය. ඔහු ප්‍රසාද ලකුණු 600ක් ලබාගෙන ඇති අතර එය ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
ඒ අනුව පන්දුවා 50 තරගවදලී මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන ඇති ක්‍රීඩකයා ලෙස අකිල පත්විය. සුරංග ලක්මාල් 28 වැනි ස්ථානයේ පසුවෙයි.
තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 25 වැනි ස්ථානයටත් පන්දු යවන්නන් අතර 68 වැනි ස්ථානයටත් පත්ව තිබේ. කුසල් පෙරේරා ස්ථාන 16ක් ඉදරියට පිවිස පිතිකරුවන් අතර 66 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 2ක් ඉදිරියට පැමිණ පිතිකරුවන් අතර 25 වැනි ස්ථානයට පත්ව තිබේ.
විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා හා ශකිබ් අල් හසන් පිළිවෙළින් පිතිකරණ, පන්දු යැවීම හා තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවෙති.