පාකිස්ථානයට එරෙහිව පැවැති දෙවැනි පන්දුවාර 20 තරගයෙන් ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රි ලංකාව සමත්විය. ඒ සමගින් ලොව අංක එකේ පන්දුවාර 20 කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් හිමිකර ගැනීමටද ශ්‍රී ලංකාව සමත්විය.
මෙය ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව ලැබූ පළමු පන්දුවාර 20 තරගාවලි ජයග්රහණයද වේ. ශ්‍රී ලංකාවෛන් ලැබුණු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19 කදී සියළුදෙනා දැවී රැස්කළේ ලකුණු 147 ක් පමණි.
පාකිස්ථාන ඉනිමේ කඩුළු 5 ක් ලකුනු 52 ක් තුළ දැවී ගිය මොහොතේදී ඉමාඩ් වසීම් හා ආසිෆ් අලි හයවැනි කඩුල්ලට වාර්තාගත ලකුනු 75 ක සබඳතාවක් එක් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නුවන් ප්‍රදීප් කඩුළු 4 ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුළු 3 ක් දවා ලීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 6 කට ලකුණු 182 ක් රැස් කළේය. එහිදී භානුක රාජපක්ෂ ලකුණු 77 ක් රැස් කළේය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය. තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 64 කිනි.
9.38 p.m.
පළමු පන්දුවාර 10 නිමාවද්දී පාකිස්ථාන කඩුළු 5 ක්ම බිද වැටෙයි
සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 තරගයේ ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 183 ක ඉලක්කයක් හඹා යන පාකිස්ථාන මුල්පෙළ කඩුලු 5 ක්ම ලකුණු 68 ක් තුළ බිද වැටී ඇත. පාකිස්ථානය වෙනුවෙන් නායක සෆ්රාස් අහ්මඩ් ලකුණු 26 ක් හා අහ්මඩ් සේෂාඩ් ලකුණු 13 ක් රැස් කළද අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ වනිදු හසරංග කඩුළු 3 ක් බිද හෙළීය.
පාකිස්ථානයෙ දැවී ගිය පිතිකරුවන්
ෆාකර් සමාන් -6
බාබර් අසාම් - 3
අහ්මඩ් සේෂාඩ් -13
උමාර් අක්මාල් - 0
සෆ්රාස් අහ්මඩ්-26
8.38 PM
ශ්‍රී ලංකාව 182/6 (20)
සත්කාරක පාකස්ථානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 182 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල පන්දුවාර 20 අර්ධ ශතකය රැස් කළ භානුක රාජපක්ෂ පන්දු 48 කදී ලකුණු 77 ක් රැස් කළේ හතරේ පහර 4 ක් හා හයේ පහර 6 ක් සමගිනි. ඊට අමතරව ෂෙහාන් ජයසූරිය ලකුණු 34 ක් රැස් කලේය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව-
උපුටා ගැනීම cricinfo වෙබ් අඩවිය
7.56 PM
භානුක රාජපක්ෂගේ මංගල පන්දුවාර 20 අර්ධ ශතකය පකිස්ථානයට එරෙහිව
පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 තරගයෙදී ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ සිය මංගල පන්දුවාර 20 අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 31 කදී වාර්තා වූ එම අර්ධ ශතකයට හතරේ පහර 2 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් විය.
7..48 P.M.
ශ්‍රී ලංකාව පන්දුවාර 10 කදී 80/2
පන්දුවාර 10 ක් නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින භානුක රාජපක්ෂ ලකුණු 33 ක් හා ෂෙහාන් ජයසූරිය ලකුණු 18 ක් ලබා සිටියි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 15 කට හා අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 8 කටදැවී ගියේය.
දැවී ගිය ක්‍රීඩකයෝ
ධනුෂ්ක ගුණතිලක - 15(10)
අවිශ්ක ප්‍රනාන්දු -08(10)
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
සත්කාරක පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. පළමු පන්දුවාර විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කරයි.
පාකිස්ථාන කණ්ඩායමේ ඉෆ්තිකාර් අහ්මඩ් හා ෆරීම් අෂ්රෆ් වෙනුවට ෆාකර් සමාන් හා වහාබ් රියාස් කණ්ඩායම එක්වී ඇත. මෙම තරගය පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.