ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 87වැනි වියේ පසුවිය.
ශ්‍රී ලාංකේය මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේද ආදරය දිනාගත් 'පර්සි අංකල්' ලෙසින් කා අතරත් ජනප්‍රිය පර්සි අබේසේකර මහතා, 1979 ලෝක කුසලානයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙසින් කටයුතු කළේය.
'පර්සි හා ක්‍රිකට්' අතර තිබුණා වූ සුවිශේෂී බැඳීම හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින්ද අබේසේකර මහතාගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 5 මුදලක් ප්‍රධානය කළේය.