පෞරාණික හා කලාත්මක වශයෙන් මෙරට දැනට ශේෂව පවතින බෝධිඝරවලින් එකක් ලෙස නිල්ලක්ගම බෝධිඝරය පෙන්වා දිය හැකිය. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙට්ටිගමවැව ආසන්නයේ එය පිහිටා තිබේ. හෙළ ගෘහ නිර්මාණ ශිල්පයේ මිල කළ නොහැකි දායාදයක් ලෙස මෙම බෝධිඝරය හඳුන්වා දිය හැකිය.
ක්‍රි.ව.8-9 ශත වර්ෂයේදී මෙම බෝධිඝර ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර එය මහල් දෙකකින් යුක්තයි. මෙහි බිත්ති සම්පූර්ණයෙන් ගල්ලෑලිවලින් සකස් කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වන්නේ මෙම බෝධිඝරය නිල්ලක්ගම බෝධිය වශයෙනි. නමුදු එම ස්ථානයේ නිල්ලක්ගම බෝධිඝරය යනුවෙන් නම සඳහන් නාමපුවරුවක් තවම සවිකර නොමැත. මෙම භූමියේ ඇත්තේ ශිලා ලිපියක අඩංගු තොරතුරු පමණි.
පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ හමුවන ගල්ගමුව නගරයෙන් දකුණු දෙසට ඇති ඇහැටුවැව මොරගොල්ලාගම මාර්ගයේ කි.මී. 9ක් පමණ ගිය විට ‘නිල්ලග්ගම බෝධිඝරය, යනුවෙන් සඳහන් නාමපුවරුවක් හමුවන අතර එතැනින් හැරී. කි.මී.5ක් පමණ ගිය විට මෙම බෝධිඝරය හමුවෙයි.
බෝධිඝරය ඉදිකර ඇත්තේ තනි ශිලා පාදමකිනි. එහි වටා අලංකාර ගල්වැටක් ඇත. ගල්වැටේ අලංකාර ලෙස හස්ති රූප නිර්මාණය කර ඇති අතර එහි වටා ඇතුන්ගේ රූප 105කි. මෙම හස්තීන්ගේ රූපවල දකින්ට ඇත්තේ ඉදිරිපස පමණි. ඒ මත දිගඅතට ගල් ලෑලි පෙළක් ද සකස් කර ඇති අතර එහි උඩුකුරුව හා යටිකුරුව පත්මාකාර බොරදමින් යුතු ආවරණ ඵලකයකි. එම ඵලකය දොරටුව දක්වා විහිදෙයි. දොරටුව දෙපස ඇති ඵලකයේ යටි පැත්තේ අලංකාර හංස රූප ඇඳ ඇත. ගොඩනැගිල්ලට ඇතුළුවන රූප කිසිවක් නොමැති සඳකඩපහණක් පිහිටා තිබේ. පියගැට දෙපස අලංකාර කොරවක්ගල් දෙකකි. එහි ඇත්තේ දොරටුපාල රූප සහ මකර රූපයි. මේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණයි.
සඳකඩපහණ අසල සිට මළුවට නැඟීමට පඩි පේළි දෙකකි. මළුවට ඇතුළු වන තැන ඇත්තේ අඩි 7ක් උසද අඩි 5ක් පළල ගල් උළුවස්සකි.
විසිතුරු කැටයමකින් මේ උළුවහු කණු හා උඩ එලිපත නිර්මාණය කර ඇති අතර ඒ විචිත්‍ර කැටයමේ පිටතින්ම වූයේ සාමාන්‍ය සම්ප්‍රදානුකූලව ගිනි සිළු රටාවකි. උළුවස්සේ හරි මැද නාග මානවකයෙකුගේ රූපයක් දක්නට ලැබෙයි. ඒ රූපයේ හිස මුදුනින් නැගී නටුව කැරකී ඉහළට ඇදී ගිය ලියවැලකි. ලියවැලේ පත්‍ර සම්ප්රදානුකූලය. නාග මානවකයාගේ හිසට පිටින් පෙන ගොබ කිහිපයක් දක්නට ලැබෙයි. මූලික ප්‍රතිමා ලක්ෂණ අනුව මෙම නාග රූපය අනුරාධපුර යුගයේත් පොළොන්නරුවේත් කොරවක් ගල්වල දක්නට ඇති නාග රූපවලට සමාන බව විද්වතුන්ගේ අදහසයි. නාග රූපයට යටින් ඇති සතරැස් කොටුවේ ඇන තියා ඉඳගෙන නළාවක් පිඹින ගණ රූපයකි. ලියවැලට උඩින් ඇති ආයත චතුරශ්රාකාර කොටුවක උඩ පැන නටන අශ්වයකි. පැහැදිලි දෙයක් නොමැතිව දැතින් උස්සාගත් වාමන දරුවෙක් අශ්වයා පිට නැග සිටියි. අත්තිවාරම් පඩිලෑල්ලේ පිට පැත්ත විසිතුරු කර ඇත්තේ හංස රූප පෙළකින් ද වන අතර උඩපැත්ත ලියවැලකින්ය. ඇතුව මළුවේ ප්රදක්ෂණ පථය මත පූජාසන තුනක් දක්නට ඇත. එයින් බෝධිය රෝපණය කර ඇත්තේ ඇතුළු මාලකයේ. මේ මාලකය අලංකාර හංස පන්තියකින් ද ලියවැල්වලින්ද අලංකාර ලෙස සකස් කර ඇත. මේ රූප අනුරාධපුර, පොළොන්නරු යුගවලට ආවේණික ලක්ෂණවලින් යුක්ත බව විචාරකයෝ පෙන්වා දෙති.
බස්නාහිර දොරටුවට වම් පසින් වූ අත්තිවාරම් ගලේ අටවැනි හෝ නවවැනි හෝ සියවසට අයත් සිංහල අක්ෂරවලින් කොටන ලද එක් පාඨයකි. එහි & මම මොනරගල් බුදිමි, මම දසඇතුන් කරවා මහබෝධි පිදු පිනින් අනුත්තර සම්මා සම්බුදු* යනුවෙන් සඳහන් වෙයි. ඒ අදහස අනුව පරණවිතාන මහතා මෙසේ කියයි. මේ පාඨයෙහි ඉතිරි වී ඇති අන්තිම වචනය සම්බුදු යන්නයි. %මම මොනරගල බුද්දමි. මේ දසඇතුන් කරවා මහා -බෝධියට පූජා කළ පිනින් සම්මා සම්බුදු බව ලබම්වා.^ මෙයින් පැහැදිලි වන්නේ මෙම ගොඩනැගිල්ල මහා බෝධියට සම්බන්ධ වූවක් බවයි. මෙහි දස ඇතුන් යනු පාඨයට ඉහළින් ඇති ඇත් රූප දහය ගැනවිය යුතුයි. ඒ ඇත් රූප මෙම ගොඩනැගිල්ලේ කොටසක් වුවත් ඒවා මහා බෝධියට පූජා කළ බවයි. විචිත්‍ර කැටයම් අතින් නිල්ලක්ගම බෝධිඝරය අභිභවා සිටින වෙනත් සමකාලීන අන් කිසිදු ගොඩනැගිල්ලක් තවම සොයා ගෙන නොමැත. ඇතොත් ඒ අනුරාධපුරයේ ප්‍රාසාදවලට අයත් සඳකඩපහණින් යුතු සමහර පියගැට පේළි කිහිපයක් පමණි.
උඩමළුව මැද පිහිටි බෝරුක දේවානම්පියතිස්ස රජු දවස අනුරාධපුරයේ රෝපණය කළ බෝධි ශාඛාවේ පළමුවෙන් හටගත් ඵලයකින් නැගුණු පැළයක් යැයි වීශ්වාසයක් ඇති බව සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි.
මෙම ස්ථානය දැක බලාගැනීමට දිවයිනේ විවිධ පළාත්වලින් දිනපතා විශාල පිරිසක් පැමිණෙති.
වාරියපොළ -එන්.එස්.එස්.කුමාර