සුදු ඇදුම අඳින පුද්ගලයන් සියළු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පැවසූහ.
ඊයේ කොළඹදී පැවැති යතීන්ද්ර පූජා උත්සවයේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට ගෞරව උපහාර දැක්වීම පිණිස මෙම උත්සවය සංවිධානය කර තිබුණි