මේ වන විට පැවැත්වෙන සිරි දළදා දැක්ම නියම කරගත් පරිදිම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි අප්‍රේල් මස 27 වැනි දින නිමා කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
සිරි දළදා දැක්මේ හත් වන දිනය නිමා වූ ඊයේ (25) සවස දියවඩන නිලමේවරයා පවසා සිටියේ මෙවර දළදා දැක්ම සඳහා බලාපොරොත්තු නොවූ ජනතාවක් පැමිණි බවත් දළදා දැක්ම කාලය තුළ මහත් කැපවීමෙන් එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන වලට සිය ස්තූතිය පිරිනැමීය.