කොවිඩ් 19 වෛරසය යළිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවැසූහ.
මාධ්‍යට අද (30) දින විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ කියා සිටියේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමේදි සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් කරුණා කරන ලෙසයි.
දිවයිනේ අනෙකුත් ආගමික ස්ථානවලට බැතිමතුන් පැමිණෙනවා සේම ශ්‍රි පාදස්ථානයද කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසති.
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එම වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට සමන් දේව පිහිටෙන් කිසිදු ආපදාවක් ඇති නොවු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.