පසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
වෙසක් දිනයේ දහවල් වන විට දේශීය සංචාරකයන් 2000කට ආසන්න පිරිසක් සීගිරිය නැරඹීම සදහා පැමිණ තිබේ. විදේශීය සංචාරකයන්ද දෙසීයක් පමණ වෙසක් පුන් පොහෝ දිනයේ සීගිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
දේශිය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරීහු සේවයේ යොදවා ඇතැයි සීගිරි ව්‍යාපෘති කළමනාකරු අනුර නිශාන්ත මහතා පැවසීය.
18 වෙසක් දිනයේ සිට 20 දා දක්වා දේශීය සංචාරකයන්ට නොමිලේ සිගිරිය නැරඹීමට අවස්තාව ලබාදී ඇති බව මේජර් අනුර නිශාන්ත මහතා පැවසිය .
එස්.කරුණාරත්න