ඓතිහාසික මිහින්තලය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවය සදහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල යුතු එහෙත් වසර දෙකක් පුරාවට නොකරපු මේ රාජ්‍ය පොසොන් උත්සවය, මෙවර රජය මැදිහත්වීමෙන් කටයුතු කරනවා කියන කාරණාව අහන්න ලැබීමත් සතුටක් බව මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
මිහින්තලය රජ මහ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවත්වීමට නියමිත පොසොන් උත්සව නිමිත්තෙන් පැවැත්වූ පළමු පොසොන් කමිටු රැස්වීම ඉකුත් 6දා මිහින්තලය රජමහා විහාරස්ථාන මැද මළුවේදී පැවැත්විණි.
මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැඟුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පැවැත්වුණු අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ජේෂ්ඨ ලේකම්වරයා පැවසුවේ මෙවර පැවැත්වීමට නියමිත පොසොන් උත්සවය නිමිත්තෙන් රජයක් විදිහට මැදිහත් වෙමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මෙවර පොසොන් උත්සවය සඳහා ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී විහාරාධිපති හිමියන් පසුගිය වසර දෙක තුල මෙම පොසොන් උත්සවය පැවැත්වීමට යාමේදී සිදු වූ අපහසුතා පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් පසුගිය රජයේ ජනාධිපතිවරයා සහ ඇමතිවරුන් මෙහිදී දැඩි ලෙස විවේචනය කෙරිණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමිපාණන්
"පහුගිය ආණ්ඩුව මගෙත් එක්ක තියෙන වෛරය පිරි මහන්න මේ අය කලේ මේ රටේ සම්බුද්ධ ශාසනය, මේ රටේ ජනතාවගෙන් පුරවැසියන්ගෙ අයිතිය නැති කරලා දැම්මා. ඒ අය නැවතත් මං හිතන්නෙ පාර්ලිමේන්තුවට ගේන්න ඕන කියලා පිරිසක් කියනවා. ඒ මොලේ තමයිලු මොලේ ඒක තමයිලු වටින්නේ, ඒක රටේ මිනිස්සු තීරණය කරයි. ඒ වගේම මෙවර අප සමරන්නේ 2333 වන පොසොන් පින්කම.
විවිධ මත ගැටුම් හැල හැප්පීම් මධ්‍යයේ තමයි මේවා සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නෙ, අපේ පෞද්ගලික කටයුත්තකට නෙමෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආධුනික පිරිසකුත් ඇති. පෙරහරට ඒ කාලේ ලක්ෂ පනහක් දීලා තියෙනවා. ඒක මට නෙවෙයි දෙන්නේ ප්‍රාදේශී ලේකම්තුමාට, පෙරහැරේ නැටුම් වලට විතරක් යනවා ලක්ෂ 55කට එහා මුදලක්
ඒ නවය මාර්ගය, ඒ දොළහ මාර්ගය, උතුරට දිස්ත්‍රික් පහයි, නැගෙනහිරට තුනයි, උතුරු මැදට දෙකයි. දිස්ත්‍රික්ක දහයක් යා කරන ස්ථානයක් මිහින්තලේ නගරය පහුගිය ආණ්ඩුවේ ඇමතිලා රාජ්‍ය ඇමතිලා මිහින්තලේ සිට අනුරාධපුර දක්වා තැබැරුම් දාන්න ඉඩ දුන්නා. මේ අයට බැරිවුනා මිහින්තලේ මට රවුම හදන්න.
මම පෞද්ගලික දේවල් ඉල්ලන්නේ නැහැ. බලන්න මිහින්තලේ පාරවල් වල හැටි. කඩ වීදීයේ හැටි ලංකාවේ අනිත් නගර දිහා බලන කොට, මේ රටේ සම්බුද්ධ ශාසනය ආරම්භ වුණු මිහින්තලේ නගරය දිහා බලන්න.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පළවෙනි වතාවට තමයි ජනාධිපති ලේකම්තුමා නියෝජනය කරමින් සාධනීය විදිහට කරුණු කාරණා වලට සවන් දීලා, ඒ සම්බන්ධයෙන් කළ හැකි සහ කළ යුතු දේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රකාශයක් කළා.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල යුතු වසර දෙකක් නොකරපු මේ රාජ්‍ය පොසොන් උත්සවය, රජය මැදිහත්වීමෙන් , රජය සම්බන්ධ කර ගනිමින් මේ කටයුතු කරනවා කියන එක අහන්න ලැබීමත් සතුටක්. අද අපි හැමදාමත් මේ පොසොන් පින්කම් කරන කොට හැමදාම ගැටුම් ඇති කර ගන්නෙම මේ උත්සවය සාර්ථක කර ගන්නයි. වෙන කිසි දේකට නෙමෙයි. පෞද්ගලික පරමාර්ථ කිසිවක් නැහැ. තැබෑරුම් දාන්න එපා කියන්නේ, මස් කඩ දාන්න එපා කියන්නේ අතීතාය් තිබුණු විදියම තියන්න මේ මිහින්තලේ තියන්න ඕන නිසයි."