මහනුවර දළදා පෙරහරට පොලීසිය හා ත්‍රිවිධ හමුදාව පූර්ණ ආරක්ෂාවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පෙරහර නැරඹීමට පැමිණීමේදී හැකිතාක් ගමන් මළු අඩුවෙන් රැගෙගන එන ලෙසත් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආරක්ෂක අංශ වෙත පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහනුවරට පැමිණෙන ජනතාව වෙනුවෙන් රථ වාහන ගාල් 9ක් ස්ථාපිතර කර ඇති බවත් රථ වාහන තදබදය අඩු කිරීමට කෙටි දුම්රිය සේවා වාර කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බමත් රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම පෙරහර ගමන් ගන්නා මාර්ගය දිනපතාම පැය කිහිපයට පෙර පරීක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.