පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදට (25දාට) යෙදී ඇති නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මෙවරද නත්තල සමරනුයේ පාස්කු ප්රහාරයේ කුරිරු වේදනව සිත්හි තබාගෙන වුවත් එදා පැවැති අනාරක්ෂිත බව හා භීතිය නැති කිරීමට කටයුතු කළ බවත් ඔහු සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරයි.