නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී මේ සඳහා වූ රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීය.
