2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවැසූහ.
ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් (21) දින ඒ බව කියා සිටියේ ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නිලධාරින් දැනුවත් කිරිම සඳහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති විශේෂ රැස්විමකදිය.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු නාහිමියන් කියා සිටියේ වෙසක් පොහෝ දින අවසන් වන තෙක් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැකි බවත්, 2023.05.06 දින ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත , රත්නපුර කුරුවිට මාර්ගය, නල්ලතන්නිය බගවන්තලාව මාර්ගය සහ නල්ලතන්නිය ලක්ෂපාන හරහා අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා පෙරහැරවල් හතරකින් වැඩම කරවා එදින රාත්‍රි ගල්පොත්තාවෙල ද රජමහා විහාරස්ථානයේ විශේෂ පිංකම් රැසක් පවත්වන බවයි.
තවද ශ්‍රී පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් සිදු කරන සංවර්ධන කටයුතු හෝ පරිසර වැඩසටහන් තමන් ඇතුළු ඒ සදහා පත් කර ඇති කමිටුව දැනුවත් කර සිදු කරන ලෙසත්, එසේ දැනුවත් කිරිමකින් තොරව ශ්‍රී පාදස්ථානය කෙන්ද්‍ර කරගනිමින් කිසිදු කටයුත්තක් සිදු කිරිමට ඉඩ ලබා නොදෙන බවයි නාහිමියන් මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.