අප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසරය පරිදි තවත් දින කිහිපයකින් එය දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
ශ්‍රී දළදා දැක්ම 2025ට අදාළ ප්රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව අවධාරණය කළේය.
රටේ පවතින සාමකාමී වාතාවරණය තුළ දළදා දැක්ම කාලයේ අතිවිශාල බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට එක් රොක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔවුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය මේ වන විට සියලු සැලසුම් සකස් කොට තිබෙන බවද ඒ මහතා පැවසීය.
ශ්‍රී දළදා දැක්ම සම්බන්ධයෙන් පූර්ව ප්රචාරක කටයුතු සිදු කරන ආකාරයත් අප්‍රේල් මස 18 සිට 27දක්වා මහනුවර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රඥාව වඩවන ආකාරයේ වැඩසටහන් සැලසුම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අවධාරණය කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන්ද බලසම්පන්න වගකීමකින් කටයුතු කළ යුතුව තිබෙන බවද පැවසීය.
දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා විධිමත්ව ලියාපදිංචි වු මාධ්‍යවේදීන්ට පමණක් දළඳා දැක්ම පැවැත්වෙන පරිශ්‍රය තුළ කටයුතු කිරීමට ඉඩ සැලසෙනු ඇති බවද අවධාරණය කළේය.
බැතිමතුන් පවා මොහොතකින් මාධ්‍යවේදීන් බවට පත්වන තත්ත්වයක් අදවන විට තිබෙන බවත් දළදා සම්ප්‍රදායට ගරු කරමින් තොරතුරු ලෝකයට ගෙනයාමට සියලු දෙනාට වගකීමක් ඇති බවද පැවසීය.