කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගල්ගමුවට නුදුරුව ඇති රැස්වෙහෙර ඓතිහාසික පුරාණ විහාර ස්ථානයේ ඇති පැරණි සත් පිළිම විහාර මන්දිරයේ සහ මහ විහාර මන්දිරයේ ඇති මහනුවර යුගයට සම්බන්ධ ඉතා වටිනාකමකින් යුත් චිත්‍ර සහ බුදු පිළිම මේ වනවිට අපැහැදිලි වෙමින් සහ මැකීයමින් පවතින බවට වාර්තාවේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම විහාරස්ථානයේ කිසිම පිළිසකර කිරීමක් වසර ගණනාවකින් කර නොමැති වීම හේතුවෙන් පිළිම සියල්ලම කළුපැහැ ගැන්වී ඇති බව විහාරස්ථ දායක සභාව පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර මෙම ස්ථානයේ විහාර මන්දිරවල ඇති බුදු පිළිම සහ චිත්‍ර විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කරදෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
වාරියපොළ -එන්.එස්.එස්.කුමාර