කොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
රටට කොරෝනා අවදානමක් ඇති මේ අවස්ථාවේදි සියලුම ජනතාව සිතිය යුත්තේ මියගිය අය ගැන නොව ජීවත්වන අය ගැන බවත් කොරෝනා ආසාදනය වී ඇති හා නැති අය ගැන වඩාත් සිතිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.
මියගිය අයගේ මෘතදේහ පිළිබඳව ගන්නා ක්‍රියාමර්ග ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව බවත් මේ සඳහා ආගමික මතවාද ජාතීන් අතර මතවාද අවශ්‍ය නොමැති බවත් උන්වහන්සේ පැවැසූහ.
මෘත ශරිර මතින් නැවත කොරෝනා අවදානමක් ඇති නොවිය හැකි ආකාරයෙන් කටයුතු කළ යුත්තේ ඒවා ආදාහනය කිරීමෙන් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.