කුල දරුවන් සිවු දෙනෙකු සසුන් ගත කිරීමේ පින්කමක් අද (12) එප්පාවල ගල්කන්ද පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානාධිපතී, උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහමාන්කඩවල පියරතන හිමියන්ගේ හා ගල්කන්ද පුරාණ රාජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත උපරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මහා සංඝරත්නය ඉදිරිපිටදී කුල දරුවන් සිවු දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍ය කර්මයක් අද (12)දින පෙරවරුවේ එප්පාවල ගල්කන්ද පුරාණ රාජ මහා විහාරස්ථාන ධර්ම ශාලාවේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සසුන්ගත වූ කුල දරුවන්ගේ පවුල් වල ඥාතීන්, විහාරස්ථ දායකකාරකාදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.