රම්මල කඳු පාමුල දර්ශනීය පසුබිමක කිරම වරාපිටිය සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය ක්‍රි.පූ. පළමු වන සියවසේදී ලංකාවේ රජකම් කළ වළගම්බා නිරිඳුන් විසින් සිදුකළ බවට ජනවහරට අනුව පිළිගැනේ.
රජු ගල්කටාරම් සහිතව වෙහෙර විහාර ඉදිකිරීමට යෝග්‍යය පරිසරයක් දැකීමෙන් වශීකෘතව මනහර සිතුවමින් යුතුව ගොඩනැගූ මෙම විහාරස්ථානය සිත්තම්ගල්ලෙන යන නාමයෙන් හැඳින්වේ.
මෙම ඓතිහාසික පූජනීය ස්ථානයෙහි රජු විසින් කරවන ලදැයි සැලකෙන කටාරම් කෙටූ ගල්ලෙන් දෙකක දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා දෙකක් ඇත. කල් යෑමෙන් ජරාවාසව තිබූ මෙම බුද්ධ ප්‍රතිමා ක්‍රි.ව. 1920 දී පමණ එවකට විහාරාධිපතිව වැඩ විසූ අගලකඩ සෝභිත මාහිමියන් විසින් ප්‍රතිසංස්කරණය කිරීම අරඹන ලදී.
ඉන්පසුව විහාරාධිපතිත්වයට පත් පෝරතොට ඉන්ද්‍රරතන නායක හිමි ලෙන් විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කොට වෙස්සන්තර රජු පූජක බමුණාට තම දරුවා දන්දීම ආදී චිත්‍ර නිර්මාණය කොට තිබේ.
පහළ විහාරය ප්‍රතිසංස්කරණයේදී දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවට අමතරව සැරියුත් මුගලන් දෙනම, සත්සතිය, සුජාතාවගේ කිරිපිඩු දානය, පස්වග මහණුන්ට දහම් දෙසීම යන අවස්ථා නිරූපනය කරමින් ප්‍රතිමා නිර්මාණය කර ඇත. මෙයට අමතරව සිවිලිමේ සූවිසි විවරණය සිතුවමට නගා ඇත.
විශාල ගල්පර්වතයක් මත ඝණ්ඨාකාර අකෘතියෙන් යුක්තව ඉදිකොට ඇති මෙහි චෛත්‍යය පැරණි එකකි. මෙය කුමන කාලයක ඉදිකළා දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් කළුගලෙන් සහ කුඩුගලෙන් බදින ලද බැවින් වළගම්බා රජුගෙන් පසු කලෙක මෙය ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම චෛත්‍යය ආසන්නයේ පර්වතය මත පොකුණක්ද පිහිටා ඇති අතර, එහි ජලය නොසිද සැමදා පවතී. මෙම චෛත්‍යයට අමතරව කිලෝමීටර් පහක් පමණ ඈතින් වෙහෙර කොටුව නමැති ස්ථානයේ චෛත්‍යයක් කරවා ඇති බවට දැනට ඇති නටඹුන්වලින් හෙළිවේ.
තවද වරාපිටිය වැවට යටවූ චෛත්‍යයක නටඹුන්ද දක්නට ලැබෙන අතර, මේවා කීර්ති කුමාරයා විසින් ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානය ඓතිහාසිකත්වයට මෙන්ම දේව බලයෙන්ද යුක්ත ස්ථානයක් ලෙස ප්රකටය.
රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අණසක පවත්නා ප්‍ර‘දේශයක් ලෙස වැඩිදෙනෙකු මෙය පිළිගන්නා අතර, එලෙසම කතරගම දෙවියන්ගේද අණසක පවත්නා ස්ථානයක් ලෙස මෙය ප්රකටව පවතින බැවින් පුංචි කතරගම ලෙසද සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය ලක්දිව ප්රකටය.
ක්‍රි.ව. 1968 වර්ෂයේ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන් සඳහා ආරම්භ වූ පෙරහර මේ වර්ෂය වන විට අඛණ්ඩව පවත්වාගෙන එමින් පනස්වැනි වරටත් සංවිධානය කොට තිබේ.මාතර යුගයේ ප්‍රසිද්ධ කවියෙකු වූ කිරම ධම්මානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය විහාරස්ථානයේ ආධිපත්‍යය උසුලමින් වර්තමානය වනවිට ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති අගලබඩ පියසිරි නායක හිමියන් වහන්සේ විහාරස්ථානයේ සියලුම අංග දියුණුවට පත්කරමින් වාර්ෂිකව පෙරහර මාලාව පැවැත්වීමේ කටයුතු විහාරාධිකාරී කිරම ගුණරතන හිමියන් විසින් දායක සභාවේ සහ බස්නායක නිලමේ මහාචාර්ය මහින්ද පාතේගම මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.
කිරම - ඩබ්.ඒ. නෙල්කා