රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ජූලි මස 21 වෙනිදා සිට අගෝස්තු මස 4 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිත බව මොනරාගල දිසාපති හා කඳවුරු භාර නිලධාරී ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
මෙවර ඇසළ උත්සවය රුහුණු කතරගම දේවාලේ වැඩබලන බස්නායක නිලමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර උත්සවය පැවැත්වෙන ආකාරය පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක