පාස්කු ප්රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තාව ශ්රී ලංකා අමරපුර හා රාමඤ්ඤ නිකායන් වෙත භාර නොදීමෙන් රජය මෙම නිකායන් දෙක නොසලකා හැරි ඇති බවට ගැගී යන්නේ යැයි ශ්රී ලංකා අමරපු - රාමඤ්ඤ සාමාග්රී සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම කොමිෂන් වාර්තා දෙක මල්වතු - අස්ගිරි දෙපාර්ශ්වයේ මහා නායක හිමිවරුන් වෙත හා කාදිනල් තුමන් වෙත භාර දී ඇති බව එම සංඝ සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ශ්රී ලංකාවේ තුනෙන් දෙකක් වූ මහා සංඝරත්නය නියෝජනය කරන ප්රධාන භික්ෂු නිකාය දෙකක් ලෙස ශ්රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමාග්රී සංඝ සභාව හඳුන්වාදිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්යස්තව ක්රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලවත් අප්රසාදය හා කනගාටුව රජයට ප්රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.