Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
(PAID CONTENT) දේශයක යහපැවැත්ම සඳහා හේතුකාරක වන සාධක අතරින් ජාතික සෞඛ්‍යයට ප්රමුඛ ස්ථානයක් හිමිවෙයි. රටක, ජාතියක සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සහ පවත්වාගැනීම ඉතා වැදගත් වන්නේ ද එබැවිනි. කිසියම් ජන සමාජයක යහපත් සෞඛ්‍යය වෙනුවෙන් විශේෂ අවධානය යොමුකරමින්,ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන සුවිශේෂ පිළිවෙත් සහ ක්‍රමවේදයන් සකසා ගැනීම සමස්ත සමාජයේම වගකීමකි.
එහිදී සාමාන්‍ය ජනතාවටත් වඩා ඒ වගකීම ඉටුවිය යුතු වන්නේ සෞඛ්‍යය,සුවතාව සහ සනීපාරක්ෂාව පිළිබඳ විශේෂ දැනුමක්,පුහුණුවක් සහ පරිචයක් ඇති විශේෂඥයින් පිරිසකගෙනි. ජනතා සුබසිද්ධිය උදෙසා සෞඛ්‍ය ක්‍රමවේද උපයෝගී විය යුතු ආකාරය නිවැරදිව හඳුනාගෙන,නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පෙන්වාදෙන එවැනි පිරිසකගේ දැනුම,පළපුරුද්ද සහ විශේෂඥතාව ඔස්සේ වැඩිදියුණු වූ සෞඛ්‍ය පිළිවෙත්,මාර්ගෝපදේශ සහ ප්‍රතිකර්ම සියල්ල ඒකරාශී වීමෙන් ලොව පුරා සියලු රටවලට අනන්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම රැසක් මානව ඉතිහාසය තුළ ගොඩනැගී ඇත.
කිසියම් රටකට මුළුමනින්ම ස්වදේශික වන්නේ යැයි හඳුනාගත හැකි දේශීය ප්‍රතිකාර,ඖෂධ,අත්බෙහෙත් සහ කෙම් ක්‍රම මෙන්ම ඇදැහිලි ද ඒ අතර ඇති බව සැබෑවකි. එසේම,පුරාණයේ සිට විවිධ රටවල භාවිතයේ පැවත,විදෙස් සංක්‍රමණ සහ ආක්‍රමණ යනාදිය මඟින් වෙනත් රටවල ප්‍රතිකාර සමඟ මුසුවූ සමෝධානික වෛද්‍ය සම්ප්රදායයන් ද ලොව පුරා ක්‍රියාත්මක වෙයි.
සියවස් ගණනක් පුරා පැවත ආ එවැනි බොහෝ ප්‍රතිකාර ක්‍රම සොබාදහමත් සමඟ සමීපව ක්‍රියාත්මක වන පරිසර හිතකාමී වූත්,සෞඛ්‍ය හිතකාමී වූත් වෛද්‍ය ක්‍රමවේදයන් ලෙස ඉහළම පිළිගැනීමට පාත්රව ඇත. මේ සියල්ලට අමතර වශයෙන්,තාක්ෂණයේ දියුණුවත් සමඟ විද්‍යාත්මක චින්තනය ඔස්සේ ක්‍රමිකව වර්ධනය වූ බටහිර වෛද්‍ය විද්‍යාව හෙවත් ඉංග්‍රීසි වෙදකම ද ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඒ හා බැඳී ඇති දියුණු ප්රචාරකවාදී ලක්ෂණ මෙන්ම පෙති,කරල් සහ එන්නත් වැනි පහසු සහ වේගවත් ප්‍රතිකාර ක්‍රම යනාදිය හා ඈඳුණු ආකර්ෂණීය බව වැනි හේතු රැසක් ද මුල් කර ගනිමිනි. එපමණක් නොව,අද ලෝකයේ අතිශය කාර්යබහුල ජීවිත ගත කරන විශාල පිරිසක් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශ්වාසය තබා ඇත්තේ එය දියුණු රටවල සිදුකෙරෙන පර්යේෂණ සහ අත්හදා බැලීම් ඔස්සේ විධිමත්ව ක්‍රියාත්මක වන ප්‍රතිකාර සමුදායක් සහිත වෛද්‍ය ක්‍රමවේදයක් යැයි පිළිගන්නා බැවිනි.
සැකසුම වෛද්‍ය තරංගා මහත්මිය
කෙසේවුවද,ඇතැම් රටවල ප්‍රචලිතව ඇති දේශීය වෛද්‍ය ප්‍රතිකාර ශිල්ප රටාවන් බැලුබැල්මට ඉතා සරල හා පහසු ක්‍රමවේද සේ පෙනෙන්නට ඇති නමුදු,ඒවා පසුපස ඉතා දීර්ඝ කාලීන වශයෙන් කෙරුණු පර්යේෂණ,අත්හදාබැලීම් සහ නව සොයාගැනීම් රාශියක් ඇති බවට සාක්ෂි ඇත. විශේෂයෙන්ම,ඉන්දියාව සහ චීනය වැනි රටවල දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම විටෙක බටහිර වෛද්‍ය විද්‍යාව මූල ධර්මයන් ඇසුරින් ස්පර්ශ කළ නොහැකි තරමටම ගැඹුරු ය,ඵලදායී ය. ලෝක ඉතිහාසය පුරාම එවැනි විස්මිත දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින් සිදුකරන ලද ප්රාතිහාර්යයන් නිසි පරිදි අවබෝධ කරගැනීමට කිසිදු දියුණු තාක්ෂණ උපක්‍රමයකට නොහැකි වූ අවස්ථාවලට උදාහරණ ද ඇත.
මෑත කාලීනව ලොව පුරා පැතිර ගිය කොවිඩ් හෙවත් කොරෝනා වැනි වයිරස වසංගතය හමුවේ ඉතා දියුණු යැයි පිළිගැනෙන බටහිර වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම පවා පසුබෑමකට ලක්ව ඇති පසුබිමක සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සහ ගහකොළවලින් ලබාගත් මල්,ඵල,පත්‍ර වැනි ස්වාභාවික ඖෂධ මඟින් ආරක්ෂාවක් සලසා ගත් රටවල් ගැන ද පසුගියදා අසන්නට ලැබිණි. ඒ සමඟම දේශීය ඖෂධ සහ ප්‍රතිකාර ගැන යළි සිතා බලන්නට බොහෝ පිරිස් යොමුවූ බවක්ද දැකිය හැකිවිය.
ලොව සෙසු රටවලට සාපේක්ෂ වශයෙන්, ශ්‍රී ලංකාවේ ද ඉතා පැරණි සහ විස්මිත උරුමයක් සහිත දේශීය ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම ඇතුළත් හෙළ වෙදකම නමැති සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතී. වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන එය දෙස් විදෙස් පිළිගැනීමට පාත්‍ර වූ සර්ව කාලීන වෛද්‍ය ප්‍රතිකර්ම රාශියකින් සමන්විත සුවිශේෂ වෛද්‍ය සම්ප්රදායයන් සම්භාරයක එකතුවකි. මූලික වශයෙන් ස්වාභාවික පරිසරයෙන් සොයා සපයා ගත හැකි ශාකමය කොටස් උපයෝගී කරගනිමින්, පරපුරෙන් පරපුර පැවත එන ශාස්ත්‍රයක පිහිටා සිදුකරනු ලබන වෙදහෙදකම් ඔස්සේ රෝග ලක්ෂණවලට නොව,රෝග නිධානයට ප්‍රතිකාර ලබාදීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
බොහෝවිට ඉන්දියානු සම්භවයක් සහිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ හෙළ වෙදකම යනු දෙකක් නොව,එකක් ලෙස සැලකෙන බවක් දැකිය හැකි වුවද,ලංකාවට ආවේනික, පාරම්පරික හෙළ වෙද ශාස්ත්‍රය යනු පුරාතන ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ පාදක කරගනිමින් ව්‍යාප්ත වූ දේශීය වෛද්‍ය විද්‍යා ක්‍රමයක් බව පිළිගත හැකි සාධක හමුවේ. එහෙත්, ඉන්දියානු ආභාෂය සහිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට නෑකම් කියන ඇතැම් ලක්ෂණ ද සහිත අද්‍යතන ශ්‍රී ලාංකේය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ එයටම අනන්‍ය වූ සුවිශේෂතා ද හඳුනාගත හැකිය.
අද වනවිට ශ්‍රී ලාංකේය ආයුර්වේද සම්ප්රදායය ලෙස ප්‍රචලිතව ඇත්තේ දේශීය සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම,ඉන්දියානු ආයුර්වේදය සහ සිද්ධ වෛද්‍ය ප්‍රතිකාර,අරාබිකරය ඔස්සේ පැතිර ගිය ග්‍රීසියේ යුනානි ප්‍රතිකාර මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වදේශික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලෙස පිළිගැනෙන දේශීය චිකිත්සා යන සියල්ලෙහි මුසුවකි.
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය මූලික වශයෙන්ම ව්‍යාප්ත වූයේ වසර තුන්දහසකට අධික කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ඖෂධ වට්ටෝරු රාශියක් ඔස්සේ ය. ලංකා ඉතිහාසයේ වෛද්‍යවරුන් ලෙසද ප්රකටව සිටි රජවරුන්ගේ අනුග්‍රහය සහ දායකත්වය මෙම වෛද්‍ය ක්රමයේ පැවැත්ම සහ උන්නතිය උදෙසා වැදගත් වූ බව සඳහන් ය.
ඒ අතරින් වඩාත්ම කැපීපෙනෙන නරපතියෙකු වූ බුද්ධදාස රජු දේශීය වෙදකම හා අදාළ ඇතැම් මූලික සදාචාරාත්මක හා රීතිමය තත්ත්වයන් ස්ථාපිත කිරිම කෙරෙහි උනන්දුවක් දක්වා ඇතැයි කියැවේ. ප්‍රතිකාර ලබාදීමට පෙර රෝගීන්ගේ අවසරය ඒ සඳහා ලබාගැනීම සහ පුරාණ සම්මුතීන්ට අනුකූලව ඖෂධ නිෂ්පාදනයට පෙර ඒ සඳහා නිසි අවසර ලබාගැනීම වැනි කරුණු පිළිබඳව එතුමන් අවධානය යොමුකර ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.
අදටත් කතාබහට ලක් වන හෙළයේ මහා නරපතියකු වන රාවණා රජු හෙළ වෙදකමෙහි එක් අංශයක් වන නිල වෙදකම පිළිබඳ විශේෂඥතාවක් දැරූ බවද ඉතිහාසයේ සඳහන් ය. එසේම,රාවණා පරපුරේ ආදිතමයකු වූ පුලස්ති සෘෂිවරයාද වසර දහස් ගණනකට පෙර ඉපැරණි දේශීය වෙදකම සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති ජගත් හමුවක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවක් ද කියැවේ. දැනට සොයාගෙන ඇති නවතම තොරතුරුවලට අනුව,වසර 40,000 කට පෙර පැවති ශිෂ්ටාචාර පිළිබඳ පර්යේෂණ දත්ත මඟින් හෙළි වන පරිදි හෙළ වෙදකමෙහි මූලාරම්භය ශ්‍රී ලංකාවේ මුල්ම ශිෂ්ටාචාර බිහිවූ යුගය දක්වාම ඈතට දිවෙන්නේ යැයි අනුමාන කෙරෙයි.
සියවස් ගණනක් තිස්සේ මෙරට ඉතා ක්‍රමවත් හා විධිමත් ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවැති බවට පුරාණ සෙල්ලිපි සාක්ෂි ඇත. සතුන්ට පවා සැත්කම් කිරීමේ හැකියාව සහිත රෝහල් පැවැති ලොව ප්‍රථම රට ලෙසද ශ්‍රී ලංකාව සැලකෙයි. ලොව පළමු රෝහල යැයි විශ්වාස කෙරෙන ස්ථානයක නටබුන් මිහින්තලය ප්‍රදේශයේ අදටත් පවතී. පැරණි හෙළ වෙදකම ඔස්සේ ප්‍රතිකාර ලබාදීම කෙරුණු තවත් එවැනි පැරණි රෝහල් ගණනාවකද නටබුන් හමුව ඇති අතර,ඒ සියැල්ලෙන් කියැවෙන්නේ ද ඈත පුරාණයේ පවා ඉතා දියුණු දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මෙරට ක්‍රියාත්මක වූ බවය.
විවිධ හේතු කාරණා නිසා මෙරට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අවධානය කාලයක් යන තුරු පහළ ගොස් තිබුණු නමුදු,මෑත කාලයේ දී ලොව පුරා ඇති වූ වයිරස වසංගත තත්ත්වයන් හේතුකොටගෙන විශාල වශයෙන් ජීවිත හානි සිදු වන තත්ත්වයක් උද්ගතවීමත් සමඟ බටහිර වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ මඟින් විසඳුම් ලබාගත නොහැකි තැන බොහෝ අය දේශීය ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම කෙරෙහි නැවතත් යොමු වන්නට පටන් ගෙන ඇත.
සැබැවින්ම එය යහපත් ප්රවණතාවකි. දේශීය ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇතුළත් හෙළ වෙදකම අනාදිමත් කාලයක සිට මෙරට ජන ජීවිත සුවපත් කිරීමටත්,නිරෝගී දිවිපෙවෙතක් සඳහා අවශ්‍ය පසුබිම සකසාදීමටත් සමත් වූ නිහඬ,එහෙත් සාර්ථක හා ඵලදායී ප්‍රතිකාර ක්රමයකි. ස්වාභාවික පරිසරයෙන් සපයා ගනු ලබන ඖෂධීය ශාක කොටස් වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් සකසනු ලබන ඖෂධ මඟින් රෝගීන් සුවපත් කිරීමේ හැකියාව සහිත මෙම වෛද්‍ය ක්‍රමය පිළිබඳව නැවතත් සිතා බැලිය යුතු කාලය එළැඹ ඇති බව ඉතා පැහැදිලිය.
අතුරු ආබාධ ඇති කරන වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට සාපේක්ෂව හෙළ වෙදකම මඟින් කෙරෙන්නේ සිරුරට අහිතකර නොවන ස්වාභාවික ඖෂධ සංයෝග හරහා සුවය සැලසීමකි. හෙළ වෙදකම සඳහා ඖෂධ වශයෙන් යොදා ගැනෙන පැළෑටි වර්ග තනි තනි වශයෙන් හෝ ශාක කොටස්වල මුසු වශයෙන් භාවිතයට ගැනෙයි. එම ඖෂධ වර්ග සකසා ගත යුතු ආකාරය පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව සටහන් වූ පුස්කොළ පොත් රාශියක් මෙරට පවතී.
අතීතයේ සිට මෙරට හෙළ වෙදකම ඔස්සේ ප්‍රතිකාර ක්‍රම සපයන විවිධ වෙද පරම්පරා ගණනාවක් සතුව පරම්පරාගතව පැවත එන මෙවැනි පුස්කොළ පොත් පරම්පරාවක් ද ඇත. ඒවායේ සඳහන් තොරතුරු පාදක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්රමවලදී මූලික අවධානය යොමු කෙරෙන්නේ සමස්ත වශයෙන් සිරුර කෙරෙහිය. බොහෝ නවීන වෛද්‍ය ක්රමවලදී මෙන් වෙන් වෙන් අවයව ආශ්‍රිතව වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර කිරීමක් බොහෝවීට සිදු නොවේ.
එසේම,මෙකී දේශීය ප්‍රතිකාර ක්රමවලදී යොදාගැනෙන ඖෂධවල ක්‍රියාකාරිත්වය සිදු වන්නේ ද සමස්ත සිරුර කෙරෙහි බලපාන අයුරිනි. එබැවින් සමස්ත ක්‍රියාකාරී ස්වරූපයෙන් සිරුර තුළ සංසරණය වෙමින් සුවපත්භාවය ලබාදෙන ආකාරයේ ප්‍රතිකාර ක්‍රම සහිත මෙම හෙළ වෙදකම තුළ අන්තර්ගත වන විස්මිතබව රසායනාගාර හෝ සායනික පර්යේෂණ මඟින් හඳුනාගත නොහැකි තරමටම සංකීර්ණ හා ගැඹුරු වූවකි.
එසේම,හෙළ වෙදකමෙහි තවත් සුවිශේෂත්වයක් වන්නේ පුද්ගලයෙකුගේ කායික,මානසික මෙන්ම ආධ්‍යාත්මික සුවතාව කෙරෙහි ද අවධානය යොමුකිරීමය. රෝග නිවාරණය කෙරෙහි මෙකී සියලු කරුණු කෙරෙහි සැලකිල්ල දැක්විය යුතු බව හෙළ වෙදකමේ දී අනුගමනය කෙරෙන එක් ප්‍රධාන සංකල්පයකි. සුවපත්,යහපත් සහ සැපවත් දිවිපෙවෙතක් ගත කිරීමට හැකි තත්ත්වය පුද්ගලයකු වෙත හිමිකරදීම සඳහා කායික,මානසික මෙන්ම ආධ්‍යාත්මික සුවතාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව හෙළ වෙදකම ආශ්රිත ප්‍රතිකාර ක්රමවලදී සැමවිටම අවධාරණය කෙරෙනුයේ එබැවීනි.
බොහෝ ප්‍රති කර්මීය ශක්‍යතා හා සාධනීය ප්‍රතිඵල ලබාදීමේ හැකියාව සහිත වෛද්‍ය ශාස්ත්‍රය ක්ලෙස ඉහළම පිළිගැනීම සහ විශ්වාසය හිමි විය යුතුව ඇති හෙළ වෙදකම මෑත කාලය තුළ විවිධ හේතු කාරණා නිසා කිසියම් හෑල්ලුවීමකට,අවප්රමාණවීමකට හෝ නොසලකා හරිනු ලැබීමට පාත්‍ර වූ බවද රහසක් නොවේ.
මෙම උතුම් ශාස්ත්රයේ සැබෑ ස්වරූපය අවබෝධ කර නොගෙන,හුදු ආර්ථික හා වෙනත් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ පටු පරමාර්ථ ඇතිව පසුගිය කාලයේ දී ඇතැමුන් විසින් සිදුකරන ලද ප්රචාරාත්මක ව්‍යාපෘති මඟින් ද හෙළ වෙදකම පිළිබඳ ප්‍රතිරූපය යම්තාක් දුරකට විකෘති වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබිණි. එවැනි ඇතැම් ප්රචාරක ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර වාණිජ නිෂ්පාදන ඉතා ඵලදායී ඖෂධ ලෙස හුවාදැක්වීමක් සිදු වුවද,අවසානයේ දී ඒ සියල්ල ප්‍රලාප පමණක්ම බව හෙළිදරව් විය.
එහෙත්,ඒ වනවිට එවැනි නිෂ්පාදන මඟින් සැලකිය යුතු ආකාරයේ සමාජ දේශපාලනික හා සෞඛ්‍යමය අවදානමක් මෙරට ජන ජීවිත කෙරෙහි එල්ල වී අවසානය. මෙරට දේශීය වෙදකමට අයත් මහඟු ඖෂධ ලෙස හුවා දක්වමින් එවැනි වාණිජ නිෂ්පාදන සඳහා ඉහළ වෙළෙඳපොළක් නිර්මාණය කරදීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කළ බොහෝ පිරිසක් ද වූහ.
හෙළ වෙදකම යනු කුමක්දැයි නිසි ලෙස වටහා නොගෙන ඉතා අවිචාරශීලීව ඉවක්බවක් නැතිව කටයුතු කළ ඒ බොහෝ අය මේ වනවිට තමන් පිළිබඳව පසුතැවෙන බවට සැකයක් නැත. කෙසේ හෝ වේවා,ඔවුන්ගේ ඒ ක්‍රියාකලාපය හේතුකොටගෙන මෙරට හෙළ වෙදකමට හෝ ඒ ආශ්රිත මහා ශාස්ත්‍රයට කිසිදු හානියක් සිදුව නැති බව පෙනෙන්නේ අදටත් හෙළ වෙදකම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන විශාල පිරිසක් මෙරට සිටින බැවිනි. හෙළ වෙදකම යනු සුවපත් හෙටක් වෙනුවෙන් දිවියට වඩ වඩාත් ළං කර ගත යුතු,හෙට පරපුර වෙනුවෙනුත් රැකගත යුතු වෛද්‍ය සම්ප්රදායයක් බව ඔවුහු දැඩිව අදහති. එය සැබැවින්ම සතුටට කරුණකි.
මාරාන්තික කොවිඩ් හෙවත් කොරෝනා වයිරස වසංගතය වැනි තත්ත්වයක් හේතුකොට ගෙන දැනට උද්ගතව ඇති බරපතළ තත්ත්වය හමුවේ වඩා යහපත්, සුවපත් හා පැහැපත් හෙට දවසක් උදාකර ගැනීම සඳහා රටක් වශයෙන් එක්ව කටයුතු කළ යුතුව ඇත. එහිදී අපේකම මුසුවූ හෙළ වෙදකම සමඟ අතිනත් බැඳගෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට යෑමට අප කටයුතු කළ යුතුය. විස්මිත ගුණ සහිත හෙළ වෙදකම සමඟ අපට පැහැදිලි හෙට දවසක් වෙත ගමන් කළ හැකිය. ඒ සඳහා විශ්වාසයෙන් යුතුව පෙළගැසීම අප සැමගේ යුතුකමකි,වගකීමකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd