Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ගෝඨාභය රාජපක්ෂගේ කතරගම නිවසක් තිබෙන බවට මේ සතිය පුරා විවිධ සමාජ මාධ්‍ය මෙන්ම විවිධ මාධ්‍යද කරුණු වාර්තා කළේය. ඇමති රන්ජන් රාමනායක සඳුදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ මේ පිළිබඳ සහ හොරු ඇල්ලීම පිළිබඳ කතා කිරීමටය.
මේ මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂට අයත් යැයි කියන මල්වානේ නිවස පිළිබඳවද කතාබහ ඇති විය. මෙම කරුණු තහවුරු කර ගැනීමට රන්ජන් මාධ්‍ය හමුවේදී ජ්‍යෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනට දුරකථන ඇමතුමක් ගත්තේ මාධ්‍යටද තොරතුරු කියන අරමුණිනි. සංවාදය ඇරඹුණේ මෙලෙසය.
‘ආ හලෝ මම රන්ජන් රාමනායක. ඔයාගේ මිත්‍රයා, කොහොමද?’
‘ආ ආ ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ. මට අඳුරගන්න බැරි වුණා.’
‘අනේ මගේ නම්බර් එකවත් සේව් කරලා නෑ නේද? මොකද මේ. එහෙම හොඳ නැහැනේ.’
‘නැහැ නැහැ මගේ අනිත් එකේ සේව් කරලා තියෙනවා.’
‘ආ එහෙම. ඔබතුමාට ස්තුති කරන්න මම කතා කළේ. ඔබතුමා මල්වානේ ගෙදර ගැන මරුවට කතා කරනවා. නියමයි. නියම සාක්ෂියක් දීලා තිබුණා.’
ඔව් ඔව්. ඉතින් මම ඒක කියන්න එපැයි. අනේ අනේ රන්ජන් මහත්තයෝ ඔබතුමා මම ගැන එහෙම මුකුත් අරහෙ මෙහෙ කියන්න එපා. මම දැක්කා ටීවී එකටත් කියලා තිබුණා. මම ඉතින් ඔබතුමාගේ හොඳ යාළුවෙක්නේ. ඔබතුමා බොහොම හොඳ අවංක කෙනෙක්.’
‘හොද යාළුවෙක්. මම ඔයා ගැන එහෙම කියන්නේ නැහැ. නමුත් අපි ජනතාවගේ මුදල් කොල්ලකන එක හරි නැහැනේ.’
‘ඔව් ඒක ඇත්ත. ඒ වුණාට මාධ්‍යයට මගේ ගැන එක එක දේවල් කියන්න එපා රන්ජන් මහත්තයෝ. ඒක හරි නෑනේ.’
‘නෑ, නෑ මම කවදාවත් ඔබතුමා ගැන මාධ්‍යයට කියන්නේ නැහැ. ඔයා මල්වානේ ගෙදර ගැන හොඳට කියලා තිබුණා. පුෂ්පා රාජපක්ෂ ගෙදර හිටියා කියලත් කියලා තිබුණානේ නේද?’
මම ඇත්ත කියන්න ඕන නේද රන්ජන් මහත්තයෝ? ඇත්ත කියන්න ඕනනේ. මට බොරු කියන්න බැහැ.’
‘මේ එතකොට අර ගෝඨාභය නන්දසේන මහත්තයාගේ කතරගම ගෙදරත් වාස්තු කළේ ඔයාද?’
‘නෑ, නෑ, නෑ. මම එහෙම කළේ නැහැ. ඒක වෙන කවුරුහරි කරන්න ඇති. මම ගෝඨාභය මහත්තයා එක්ක කතා කරලාවත් නැහැ.’
‘ඇත්තද බැසිල් මහත්තයා එක්ක විතරද සම්බන්ධය තිබුණේ?’
‘ඔව්, ඔව්. මහින්ද මහත්තයා, බැසිල් මහත්තයා එක්ක කතාබහ කළාට ගෝඨාභය මහත්තයා එක්ක කතාවක් තිබුණේ නැහැ. මම දැන්වත් කතා කරන්නේ නැහැ.’
‘ආ එහෙමද? මේජර් නෙවිල්ගේ රාජගිරියේ ගෙදර ගැන මට කියන්නකෝ.’
‘මේකත් ඔබතුමා මේ මාධ්‍යයත් එක්කද කතා කරන්නේ.’
‘අනේ පිස්සුද අනේ. මම මේ මගේ ගෙදර ඉන්නේ.’
‘එහෙමද? හැබැයි එදා අර කරපු වැඩේ නම් මට හොඳ නැහැ රන්ජන් මහත්තයෝ. ඒකයි මම කියන්නේ. මම බොහොම අවංකව කටයුතු කරපු කෙනෙක්. අනික මම දැන් දේශපාලන කටයුතුවල නෑනේ.’
‘ඔව්, ඔව්. ඒ වුණාට මම කියන්නේ අපි මේ හොරු ටික අල්ලන්න ඕනනේ.’
‘මම ඔබතුමාගේ වැඩවලට එදත් කැමැතියි, අදත් කැමැතියි රංජන් මහත්තයෝ. ඒ වුණාට මම දැන් පැත්තකට වෙලා බොහොම නිශ්ශබ්දව ඉන්නෙ. කිසිම දේශපාලන පැත්තකට මම දැන් නැහැ. මට දැන් කවුරුත් අවශ්‍ය නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා රන්ජන් මහත්තයෝ.’
‘හැබැයි ඔබතුමා අපි එක්ක හොරු අල්ලන සටනට සහයෝගය දෙන්න ඕන.’
රන්ජන් එසේ කියන විට සුමනදාස දුරකථනය විසන්ධි කළේය.
16 වැනිදා ඇමති නවීන් චීනය බලා පිටත් වූයේ සතියක රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා චීන ආරාධනය බාර ගනිමිනි. ගමනට ඇමති ලේකම්වරයෙකු මෙන්ම තේ මණ්ඩලයේ හා වැවිලි අමාත්‍යාංශයේ තිදෙනෙක් බැගින්ද සම්බන්ධ වූහ.
චීනයේදී ප්‍රථමයෙන් නවීන් සහභාගි වූයේ ෂැංහයිහි පැවැති තේ ප්‍රදර්ශනයකටය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපනයනකරුවන් හත්දෙනෙකු පමණ ඊට සහභාගි වී සිටි අතර, නවීන් ඒ සියලු දෙනාගේම වෙළෙඳ කුටි වෙත ගමන් කළේය. අනතුරුව සුහද කතාබහකද නිරත වී කිලෝමීටර් 1,100ක් පමණ දුර ගෙවා මහාමාර්ගයෙන්ම Hangzhou නගරයට පැමිණියේය.
චීනයේ ධනවත්ම පුද්ගලයන් වෙසෙන්නේ යැයි සැලකෙන Hangzhou නගරයේ Zhejiang ප්‍රදේශයේ අක්කර පහක පමණ ප්‍රමාණයක පිහිටා ඇති %National Tea Museum^හි සංචාරයේ යෙදෙමින් එය නරඹන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වැවිලි ඇමතිවරයා වෙනුවෙන් චීන යුවතියන් පිරිසක් ග්‍රීන් ටී පානයක් සූදානම් කර තිබිණි. ඒ 19 වැනිදාය. සාම්ප්‍රදායික චීන ඇඳුමින් සැරසුණු එම යුවතියන් ඔබමොබ සැරිසරමින් ඇමති නවීන්ට
ග්‍රීන් ටී පිළිගැන් වූයේ ඉමහත් උනන්දුවකිනි. ඒ අතර ළඟ ළඟ පාද තබමින් එකිනෙකාට කසුකුසු ගෑවෝය.
‘ඇමතිතුමා දැකලා උන්ට පිස්සු හැදිලා’
චීන බස වටහාගත හැකි ශ්‍රී ලාංකිකයෙකු තවකෙකුට කීය.
‘උන් මොනවාද ඒ කියවන්නේ..?’ ඒ ඇසුණු තවකෙක් ඇසීය.
‘මේ රටේ පිරිමිත් ගෑනු වගේනේ බං. රැවුල තියෙන පිරිමි දැක්කම උන් දඟලන්නේ පිස්සු හැදිලා වගේ’
‘හොඳ වෙලාවට අපේ ඇමතිතුමා ටිකක් හරි මූණේ රැවුල ඉතිරි කරන්නේ.. හහ්.. හහ්... හා...’
කතාව යන අතරේ සංග්‍රහය පැවැත්වූ චීන යුවතියන් වෙත නවීන් ශ්‍රී ලංකාවේ
බ්ලැක් ටීපිළිගැන්වීය. ඒ ඔවුන් සඳහා ශ්‍රී ලංකාවෙන් තිළිණ ලෙසිනි. යුවතියෝද මහත් ඕනෑකමින් %බ්ලැක් ටී^ලබා ගැනීමට උනන්දු වූහ. %බ්ලැක් ටී^ ද සමගින් යුවතියන් වෙත මුව පුරා සිනහවක් පුද කිරීමටද නවීන් අමතක නොකළේය.
ඉතා සුහද රාජත්‍රාන්ත්‍රික හමුවක තවත් දිගුවක් තබමින් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා අනතුරුව තම වැඩකටයුත්තක් සඳහා චීන තානාපති කාර්යාලය වෙත පිටත් විය. අනතුරුව තමන් සමග ගමන් ගත් නිලධාරියා අතරමගදී වාහනයෙන් බැස්වූයේ චීන මහා ප්‍රාකාරය නරඹන්නට ඔහුට ඉඩ ලබා දෙමිනි.
‘සර්, මට බෑ. වෙන වෙලාවක යමු’
‘පිස්සු නැතිව යන්න. හොඳ මතකයක් ඉතිරි වෙයි’
නවීන් තානාපති කාර්යාලය බලා පිටත් විය. මහා ප්‍රාකාරයද නරඹා පැය 05කට අධික කාලයක් යනතුරු නිලධාරියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීමෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ද කලබලයට පත්ව තිබිණි. එම කලබලය කෙතරම් දුර ගියේදැයි කිවහොත් ඔවුහු මේ පිළිබඳ පොලීසියටද පැමිණිලි කළහ.
අනතුරුවද පැය කිහිපයකට පසු නිලධාරියා හති දමමින් තානාපති කාර්යාලයට ගොඩ වූයේ ‘ඇමතිතුමා කිව්වත් හරි හොඳ මතකයක්ම තමයි’ කියමිනි.
‘පැය ගාණක් මං අතරමං වෙලා හිටියේ’
තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්ල නළලේ ගසා ගත්තාය.
‘හයියෝ.. අපි බය වුණ තරමක්.. මොනවා හරි වුණා නම්, අපි ඉන්න කියලද ආයේ.. ඔබතුමාලගේ සේරම වගකීම් අපි අතේ..’
‘කවුද දන්නේ මෙහේ අතරමං වුණාම දැනුම් දෙන්න මෙච්චර අමාරුයි කියලා. ෆෝන් ඇප්වලින් වොයිස් කට්ස් දෙන්නයි, අරකයි, මේකයි..’
22 වැනිදා නවීන් දිවයිනට සැපත් වූයේ තම කළු තේ සඳහා චීනයෙන් ත්‍යාග ලද ග්‍රීන් ටී පාර්සලයද තමන් ඇතුළු පිරිසට මගපෙන්වූ චීන ජාතිකයාට ප්රදානය කරමිනි. තෑග්ගෙන් තෑග්ග, උතුම්ම තෑග්ග බවට ඇමති නවීන් චීන ජාතිකයන්ටද ඉගැන්වූයේ එලෙසය.
ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 25 වැනි සිකුරාදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාරදෙන ලදී. මෙම අවස්ථාවට ජවිපෙ පක්ෂ නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වූ අතර කථානායකවරයාද පැමිණ සිටියේය. ජවිපෙ විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාරදුන් කෙටුම්පත නීතිපතිවරයාට යොමු කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. පසුව එය කථානායකවරයා විසින් විෂය භාර අමාත්‍යවරයාට යොමු කෙරෙන අතර, ඉන් අනතුරුව එය විවාදයට ගැනීමට නියමිතය. ‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරමට අනුව කටයුතු කරනවා නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුව තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ සම්බන්ධයෙන් තම මතය රටට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ වගකීම තමයි මාස දෙක තුනක් ඇතුළත මෙම පනත විවාදයට ගෙන ඒමට කටයුතු සැලැස්වීම” %20^ ගැන කතාකරමින් අනුර දිසානායක කියා සිටියේය.
ජවිපෙ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට බාරදීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සඳුදා ජවිපෙ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ඒ සඳහා චීනයේ පැවැත්වෙන මාක්ස් සැමරුමක් සඳහා සහභාගි වූ විජිත හේරත් මන්ත්‍රීවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධාන සැසිවාරය සඳහා සහභාගිවී සිටින ලාල් කාන්ත සහභාගි නොවීය.
‘අපි 20 පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ බොරු බිල්ලෝ මවපු අයට තවදුරටත් බිල්ලෝ මවන්න අවස්ථාවක් නැහැ. අංජනම් එළි බලපු අයට, දේවතා එළි යවපු අයට දැන් 20 වැනි සංශෝධනය හරියටම ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්. දැන් ඇත්ත විවේචන කරන්න ඔවුන්ට සිදුවෙනවා” යැයි අනුර දිසානායක කීවේය. ‘ඇත්තටම අද රටේ ප්‍රධාන ප්‍රශ්න 03ක් තියෙනවා. එකක් ආර්ථික ක්ෂේත්රයේ ඇති වී තිබෙන අර්බුදය. අනෙක ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නය. තුන්වැනි කරුණ ජාතික සමගිය පිළිබඳ ප්රශ්නය. මේ කරුණු 03ටම එකම විදියට මැදිහත් වෙන්න ඕනෑ. ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සාකච්ඡාවක් හදන්න තමයි අපි 20 ගෙනාවේ. දැන් ඒ ගැන විශාල සංවාදයක් හදන්න ඕනෑ” යනුවෙන් ටිල්වින් සිල්වා කියා සිටියේය.
‘ඔව්, අපි මේ ගැන ජනතාව දැනුවත් කරන සංවාදයක් අරඹන්න ඕනෑ. ඒ වගේම 20 ගැන පැහැදිලි කරන ලියවිල්ලක් ජනතාව අතරට ගෙනියන්න ඕනෑ. ඒ වගේම ආගමික නායකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෘත්තීය සමිති නායකයන් හමුවෙලා ඔවුන් සමග මේ ගැන සංවාදයක් ආරම්භ කරන්න ඕනෑ” යැයි බිමල් රත්නායක කියා සිටියේය. ‘සමහරු අපිට චෝදනා කරනවා මේ වෙලාවේ කතා කරන්න ඕනෑ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි රටේ ඇතිවෙලා තියෙන අර්බුදය ගැන කියලා. රටේ හැම ප්‍රශ්නයකටම ව්‍යවස්ථාවෙන් උත්තර හොයන්න බැරි වුණත් මේ වෙලාවේ ප්රජාතන්ත්රවාදය ගැන අලුත් සංවාදයක් ඕනෑ. ඒක කරන්න වෙන කවුරුවත් ඉදිරියට එන්නේ නැහැ. අපිට විතරයි ඒක කරන්න පුළුවන්” යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ‘ප්රජාතන්ත්රවාදයේ ව්‍යාජ සළුපිළි පොරවගෙන හිටපු අයගේ සළුපිළි ගැලවිලා. ප්රජාතන්ත්රවාදය ගැන මහ ලොකුවට නන්දොඩවපු අය දැන් ප්රජාතන්ත්රවාදයට බලපාන ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ආපු මහින්ද රාජපක්ෂට සහාය දුන්න ගම්මන්පිලලා, වීරවංශලා අද ඒකට විරුද්ධව කෑමොර දෙනවා. ඒ අය විවාද කළ යුත්තේ මහින්ද රාජපක්ෂ සමගයි.” අනුර දිසානායක කියා සිටියේය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි දෙසතිය තුළ අාගමික නායකයන්, වෘත්තීය සමිති නායකයන්, වෘත්තිකයන්, කලාකරුවන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් සඳහා දිනයන් යොදාගත් අතර, පක්ෂ නායකයන් හමුවීම සඳහා අවස්ථාවක් ලබාගැනීමටද තීරණය විය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය පසුගිය බදාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන බවට ආරාධනා පත්‍රයේ සඳහන් කර තිබුණද ජනාධිපතිවරයාට ආරාධනා පත්‍රයක් ලබාදීමට උත්සවයේ සංවිධායකයන්ට අමතක වී තිබුණි. උත්සවයට පැමිණි අයටද දැනගන්නට ලැබී තිබුණේ ජනාධිපතිවරයා නොපැමිණෙන බවයි. කථානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් සභාවට පැමිණ සිටියහ. උත්සවය ආරම්භ වී ටික වේලාවක් යනවිට ආරාධනයක් නොමැතිව වුවද මෛත්‍රීපාල සිරිසේන පැමිණියේය. සියලුදෙනාටම පුදුමයට කරුණක් විය. පොදු අපේක්ෂකයා ලෙස පත්වූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සිටිමින් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ආකාරය ගැන ඔහු ඉතා ආවේගාත්මකව කරුණු ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව තංගල්ලට ගිය අවස්ථාව ගැන මෛත්‍රීපාල සිරිසේන වරක් සිහිපත් කළේය.
“ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට ගෙනැවිත් තිබුණු ආරක්ෂක රථවලින් අලුත්ම වාහනවලින් 2015 ජනවාරි 08 වැනිදා යන විට අවශ්‍ය ප්‍රමාණය අරන් ගියා. ජනාධිපති සිටින ස්ථානයේ සිට මීටර් 100ක් පමණ ඈතීන් තිබෙන පුපුරන ද්‍රව්‍ය දැනෙන ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ගෙනා අලුත් තාක්ෂණික උපකරණයක් තිබුණා. ඒකත් ඒ කාර් එකක් ඇතුළෙ අරන් යන්න ඇති. අදටත් මට ඒක නැහැ. අලුත් වාහනවලින් දෙකක් ඉතුරු කරලා තිබුණා. මගේ ආරක්ෂක නිලධාරීන් කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට වාහන නැහැ කියලා අංක පෙන්වලා එම වාහන දෙක ඉල්ලුවා. ඒ වාහන දෙකත් රනිල් වික්‍රමසිංහ මහතාට දුන්නා. මම අවුරුදු දෙකහමාරක් පාවිච්චි කළේ පරණ වාහන. මහින්ද රාජපක්ෂ මහත්තයා යන්නැතිව අයින් කරපු වාහන මම පාවිච්චි කළේ. රවි මුදල් ඇමති විදියට සාක්ෂි දරනවා. මට යන්න වාහන නැති නිසා අවුරුදු දෙකහමාරකට පස්සේ මම කාර් දෙකක් ගෙන්වා ගත්තේ. මුදල් ඇමති විදියට රවි සල්ලි දුන්නා. තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නේ කවුද? මමද දුන්නේ? මේවට උත්තර දෙන්න ඕන අය දෙන්න ඕන. අද උදේ මම ගුවන් හමුදාපතිට කතා කරලා ඇහුවා මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට යන්න හෙලිකොප්ටර් දෙන්න නියෝග කළේ කවුද කියලා. ජනාධිපතිතුමා කිව්වා කියලා අහවලා කිව්වා කියලා ගුවන් හමුදාපතිතුමා මට කිව්වා. මම මෙලෝ දෙයක් දන්නෑ. මගෙන් ඇහුවෙ නැහැ. ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ නැහැ.’
ජනාධිපතිවරයා කියූ ප්‍රකාශය ගැන බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබුණි. මෙම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙමින් තිබියදී මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුම් ලැබෙන්නට විය.
“මොකද්ද සර් අර අරන් ආවා කියන තාක්ෂණික උපකරණය?’ එම ඇමතුම්වලින් අසන්නට වූහ. එදින රාත්රියේදී ෂෙහාන් සේමසිංහ මහින්දට ඇමතුමක් ගත්තේය.
“සර් සිරිසේන ජනාධිපතිතුමාගේ කතාව ඇහුවද? සැරට කතා කළා නේද?’ ෂෙහාන් ඇසූ විට
“ඔව් ඔව් මටත් දැනගන්න ලැබුණා’ මහින්ද කීවේය.
‘මීටර් සීයක් ඇතුළේ තියෙන පුපුරන ද්‍රව්‍ය සොයාගන්න පුළුවන් උපකරණයක් සර් අරන් ආවා කිව්වේ. ඒක ඇත්තද’ ෂෙහාන් යළි විමසීය.
“මොන බොරු කතාවක්ද? මම හමුදාවේ ආරක්ෂක අංශයේ වැඩ ගැන හොයන්න ගියේ නැහැ. අනික මම මොකටද ඒවා ගෙන්න ගන්නේ. ආරක්ෂක අංශයේ අයගේ වැඩවලට මම ඇඟිලි ගහන්නේ නැහැ’ මහින්දගේ පිළිතුර විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වදිමින් ජනාධිපති මෛත්‍රී සතිය ආරම්භ කළේය. සෞඛ්‍ය ඇමති රාජිත සිටියේ ජිනීවා නුවරය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වැනි වාර්ෂික සැසියට සහභාගි වෙමිනි.
‘දැන් මොකක්ද වෙන්නේ?’ ජනපති නිලධාරීන්ගෙන් ඇසීය.
‘සර්...?’
‘මම ඇහුවෙ දකුණේ වසංගත තත්ත්වෙ ගැන..’
‘සර් පහසුකම් තමයි මදි...’
‘මොනවද?’
‘සර් ඉන්ෆ්ලුවන්සා එන්නත ගවර්මන්ට් හොස්පිට්ල්වල නෑ... ගණන් වැඩි නිසා අපි තියාගෙන නෑ ඒක...’
‘සල්ලි බලලා දැන් බෑ... එන්නත ගෙන්නන්න... මේ වෙලාවේ කවුරුත් සල්ලි බලන්න එපා... මම රාජිත ඇමතිතුමාට කතා කළා... මම හිටපු සෞඛ්‍ය ඇමති... අනිත් එක රටේ ජනාධිපති... මේවා බලන් ඉන්න බෑ..’
‘හා සර්...’
ජනපති මෛත්‍රීගෙන් දිගින් දිගටම උපදෙස් ලැබිණි. තවත් මඳ වේලාවක් අමාත්‍යාංශයේ රැඳුණේ රාජපක්ෂ සමයේ ඇමති ධුරය හෙබවූ අයුරු සිහිපත් කරන්නාක් මෙනි. පරිපාලන නිලධාරීන් කැඳවා තවත් මොන මොනවාදෝ කීමෙන් පසු නික්ම ගියේය.
‘හැබෑට මොකද වුණේ...?’ තතු දැනගන්නට %රාළ^ට ඉවසුම් නොවීය. ඉහළ නිලධාරියෙකුට %රාළ^ ළං විය.
‘මේකනේ... ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිතුමාට කතා කරලා... එතුමා මේ වෙලාවේ ජිනීවාවලනේ... නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩි සෙන්ස් එකක් නෑ මේ ගැන... භාෂා ප්‍රශ්නෙත් තියෙනවනේ... ඉතිං හිටපු සෞඛ්‍ය ඇමතිතුමා විදියට ජනාධිපතිතුමාම ඇවිත් හොයල බැලුවා දකුණේ වසංගත තත්ත්වය ගැන..’
රාළගේ කට කොනට සිනා ආවේය.
‘ඔබතුමාලා ඉතිං කවුරු කවුරුත් බේරාගන්න එපායැ නේද..? හැබෑට ඉතිං නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවනේ..’
‘නෑ එහෙම නෙවෙයි... දැන් රාජිත ඇමතිතුමා ඩොක්ටර් කෙනෙක් නිසා එතුමාට සෞඛ්‍ය අංශය ගැන තේරෙනවා... ජනාධිපතිතුමා හිටපු සෞඛ්‍ය ඇමති නිසා මේ වගේ වෙලාවක වෙන්න ඕන මොනවද කියලත් දන්නවා...’
‘අයියෝ සල්ලි.. කාගෙද සල්ලි’ සුළුදිය පහවන්නට ආයෙන් රාළ වහ වහා නික්මිණි.
අතරමඟදී තව තව දේවල් ඇසිණි. හඬ ඉහළ පරිපාන නිලධාරියෙකුගේය.
‘මේ වගේ වෙලාවක වසංගත රෝග විද්‍යා අංශය වගකීම් සහගතව වැඩකරන්න ඕනෑ... දැන් බලනකොට ඒක හරියට වෙලත් නෑ... වැළැක්වීමේ උපාය මාර්ගත්, පැතිරීමේ උපාය මාර්ගත් ඒ අය හරියට ක්‍රියාත්මක කරන්න ඕනෑ... මේ ඉන්ෆ්ලුවන්සා කාණ්ඩ හතරකට අවදානම්... ගර්භිණී මවුවරුන්ට, වයස අවුරුදු 65ට වැඩි අයට, බෝ නොවන රෝගයන්ගෙන් පෙළෙන අයට වගේම වයස අවුරුදු 5ට අඩු කුඩා ළමයින්ට අවදානම තියෙනවා... වසංගත රෝග විද්‍යා අංශය අතින් තමන්ගේ රාජකාරිය මේ වෙලාවේ හරියට සිද්ධවෙලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්.’
මේ අතර 28 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න නිතරගයෙන් තේරී පත්විය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් පසුගිය බදාදා 30 වැනිදා විජේරාම පෙදෙසේ පිහිටි මහින්දගේ නිල නිවසේදී පැවැත්විණි. හමුව කැඳවා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් විමසීමටය.
එහිදී ඒකමතිකව තීන්දු කෙරුණේ 20 වැනි සංශෝධනයට විරුද්ධ වීමටය. එසේම ඉදිරියේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරය ලබා නොදීමටද මෙහිදී තීන්දු කෙරිණි. ඒ හැර ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ජනරැලි මාලාවක් පැවැත්වීමට තීන්දු කෙරුණු අතර, එහි පළමු රැලිය නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.
‘ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු මේ කෙටුම්පතේ අඩුපාඩු රැසක් තිබෙනවා. මේ වෙනස් කරන්න යන්නේ රටේ උත්තරීතර නීතිය මිසක් පොඩි එකාගේ ලියුම නෙමෙයි. ඉවත් කරන්න ඕනේ ජනාධිපතිවරයාගේ වරප්‍රසාද මිසක් බලතල නෙමෙයි’ ගම්මන්පිල පැවසීය.
‘මේ වෙලාවේ 20 වැනි සංශෝධනය ගෙන ආවේ ආණ්ඩුවට තිබෙන දේශපාලන අර්බුද වසාගැනීමේ අරමුණෙන් කියන එක පැහැදිලියි. මේ යෝජනාව ගෙනැල්ලා රටේම කතාබහ මෙතැනට යොමු කරලා අර්බුද වසාගැනීමට තමයි ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ’ වාසු පෙන්වා දුන්නේය.
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට අකමැත්තක් නැති වුණත් ඒ මුවාවෙන් ගෙනල්ලා තියෙන මේ යෝජනාවට නම් පක්ෂ වෙන්න පුළුවන්කමක් නැහැ’ වෙල්ගම පැවසීය.
‘මේ වෙලාවේ රට හමුවේ තියෙන තීරණාත්මක ප්රශ්නය විදියට 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ කුමක්ද කියන එක අපි පැහැදිලිව තේරුම්ගත යුතුයි. මේක රට වෙනුවෙන් අවංක වුවමනාවෙන් කෙරෙන වැඩක් නෙවෙයි’ දිනේෂ්ද පැවසීය.
මුස්ලිම් ජනතාවගේ ඉෆ්තාර් උත්සවයක් පසුගිය 28 වැනිදා බේරුවලදී පැවැත්වුණේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. බේරුවල ආසනයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටිනු දක්නට ලැබුණු අතර, මහින්දානන්ද අලුත්ගමගේද ගෝඨාභය සමග එහි ගොස් සිටියේය. බේරුවල මුස්ලිම් මිනිසුන් ගෝඨා පිළිගත්තේ අපේ අනාගත ජනාධිපතිතුමා කියමිනි.
එහිදී ගෝඨාභය සමග සුහදව අදහස් හුවමාරු කරගත් මුස්ලිම් ජනතාව කියා සිටියේ මෙතෙක් කල් තමන් සිටියේ වැරදි මතයක බවය. අද ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන් පළකරන අදහස් නිසා ගෝඨාභය ගැන පුහු බියකින් තමන් පසු වූ බවත් ඔවුහු මෙහිදී කියා සිටියහ.
‘බය වෙන්නේ මොකටද? මෙතුමා අපේ මහින්ද මහත්තයාගේ මල්ලිනේ. ඔබතුමාලා ඉතින් මහින්ද මහත්තයා ගැන දන්නවනේ. ඒ වගේම තමයි මෙයත්’ මහින්දානන්ද පැවසුවේ සිනාසෙමිනි.
ඉෆ්තාර් උත්සවයට සහභාගි වී සිටි කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ගෝඨා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට පොරකෑවේ එක පොකුරටය. ඉෆ්තාර් උත්සවය අවසානයේ කොළඹ බලා යන්නට සිටි ගෝඨාට තවත් පැයකට වැඩි කාලයක් එහි ගත කරන්නට සිදුවූයේ මුස්ලිම් වැසියන්ගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසාමය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd