ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් මෙරටේ නිෂ්පාදන හා සේවා අංශයන්ට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ගෝලීය නිෂ්පාදනය හා අගයදාමයන් සමග සම්බන්ධ වීම ආදිය මූලික අභිමතාර්ථය වුවත්, ඒ පිළිබඳ බොහෝ දෙනා නොයෙක් විවේචනාත්මක මත රැසක් ප්‍රකාශ කරයි. දේශීය කර්මාන්තකරුවන්ට ඉන් යම් බලපෑමක් සිදුවේද, මේ හරහා රාජ්‍ය බදු ආදායම ගිලිහී යෑමේ අවදානමක් පවතින්නේද, අන්‍ය ජාතීන්ට මෙරටට සේවය සඳහා පැමිණිය හැකිද යන්න ඒ අතර ප්රමුඛ වේ. නමුත් සැබෑ ලෙස එහි අභිමතාර්ථ හා පරමාර්ථයන් කුමක්ද යන්න පිළිබඳව සවිස්ත්රාතමක විග්‍රහයක් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යනත්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් අද හමුවේ ඉදිරිපත් කළේ මෙලෙසිනි.
?මෙම ගිවිසුම නීත්‍යානුකූල නොවන ආකාරයට අත්සන් කරන ලද ගිවිසුමක් යැයි පවසන ප්රකාශයන්ගේ සත්‍යතාවක් තිබේද
එම ප්රකාශයන්ගේ කිසිදු සත්‍යතාවක් නැහැ. ශ්‍රී ලංකා හා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට 2017/12/22 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. එම අමාත්‍ය මණ්ඩල සංදේශය, 2018.01.02 හා 2018.01.09 දිනවල පැවැති අමාත්‍ය මණ්ඩල සාක්ච්ඡාවන්හිදී සාකච්ඡාවට බඳුන් කළ අතර, නීතිපතිවරයාගේ නිරීක්ෂණය ලබාගැනීමෙන් පසු ගිවිසුමේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. 2018.01.16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.
?ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අන්‍ය ජාතිකයන්ට මෙරටට සේවය සඳහා පැමිණිය හැකිද
කිසිසේත්ම බැහැ. යම් යම් මත පළකර ඇති ආකාරයට ඉන්දියානු මැලේසියානු හෝ වෙනත් කිසිදු රටක අග්‍ර හා බලාත්මක ජාතිකත්වයක් සහිත පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා කුමන තරාතිරමක සේවයක් කිරීමට හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු අවස්ථාවක් ලබාදී නැහැ.
මෙරට ආයෝජනය සිදුකරන සිංගප්පූරු සමාගමක ශාඛා අතර හුවමාරු වන කළමනාකරුවන්, විධායකයන් හා විශේෂඥයන් යන ඉහළ නිලධාරී මට්ටමේ සේවය කරන සිංගප්පූරු ජාතිකයන් සඳහා පමණක්ම සීමාකොට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එවැනි කාණ්ඩවලට අදාළ වන සිංගප්පූරු ජාතිකයන්ද වසර 5ක පළපුරුද්දක් හා අදාළ සමාගම තුළ අවම වශයෙන් වසරක සේවා කාලයක් සම්පූර්ණකොට තිබිය යුතු අතර, ඔවුන්ගේ ඇතුළු වීමද ආරම්භයේදී වසර 2කට හා සේවා දිගුකිරීම සහිතව වසර 5ක උපරිමයකට යටත් වෙනවා. එම නිසා සිංගප්පූරු සමාගම්වලට වෙනත් ජාතිකයන් සේවයට බඳවාගෙන ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා එවිය හැකි බවට සිදුකරන ප්‍රකාශ අසත්‍යයි.
?මෙම ගිවිසුම හරහා නිදහස් වෘත්තිකයන් හා සේවකයන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්ථාව ලැබී තිබේද
කිසිසේත්ම නැහැ. කිසිම නිදහස් වෘත්තිකයෙකුට හෝ සේවකයෙකුට මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.
?මෙම ගිවිසුම හරහා දේශීය ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ශිල්පීන්ට අහිතකර බලපෑම් ඇතිවන පරිදි සේවා නිදහස්කරණයක් සිදුකර තිබේද
කිසිසේත්ම නැහැ. කිසිදු විදේශීය ඉංජිනේරුවෙකුට හෝ ගෘහ නිර්මාණ ශිල්පියෙකුට අදාළ වෘත්තීන්හි යෙදීමට මෙරටට පැමිණීමට නව අවස්ථාවන් මේ හරහා ලබා දී නැහැ. අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා (Advisory and Consultative engineering services) හා උපදේශන හා මූලික සැලසුම් උපදේශන සේවා (Advisor and per-design advisor services) කාණ්ඩවලට අදාළව මෙම ගිවිසුම ඔස්සේ බැඳීම් ඇති කරගෙන තිබුණත්, එම බැඳීම් සේවා සපයන්නාගේ
දේශ සීමා අතර කිසිදු සංචරණයකින් තොරව අන්තර්ජාලය වැනි මාධ්‍ය හරහා සපයන සේවාවන්ට අදාළ බැඳීම් බැවින් ඒ හරහා කිසිවෙකුට මෙරටට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
මෙය මෙම ගිවිසුම නොමැතිව දැනට පවත්නා ක්‍රමවේදය ඔස්සේද සිදු කළ හැකි අතර, අදාළ බැඳීම් ඇතිකර ගන්නා බවට අදාළ පාර්ශ්වකරුවන් සමග පැවති දැනුවත් කිරීමේ හමුවලදී විශේෂිත කොට දැක්වූවා.
?මෙම ගිවිසුම හරහා වෙනත් රටක නිපදවන භාණ්ඩ ශ්‍රී ලංකාවට පැමිණිය හැකිද?
බැහැ. සිංගප්පූරුව තුළ අවම වශයෙන් 35%ක අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු නොකරන කිසිදු භාණ්ඩයක් ගිවිසුමේ වරණීය වරප්‍රසාද සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. එසේම අදාළ වරප්‍රසාද ලබා ගැනීමට දේශීය අගය එකතුකිරීම පිළිබඳව ප්‍රභව සහතිකයක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි.
?මෙම ගිවිසුම හරහා දේශීය කර්මාන්තකරුවන්ට අහිතකර බලපෑම් ඇතිවේවිද?
මෙම ගිවිසුම සකස් කරන ලද්දේ වාණිජ මණ්ඩල හා වෙළෙඳ සංගම් සිදුකරන ලද පුළුල් සංවාදයකින් අනතුරුවයි. එම නිසා මෙහි තීරුබදු නිදහස්කරණ වැඩසටහන දේශීය කර්මාන්ත සඳහා අවම බලපෑමක් සිදුවන පරිදි සකස්කර තිබෙනවා. විශේෂයෙන්ම එම සංවේදිතා සහිත කර්මාන්ත තීරු බදු නිදහස් නොකරන නිශේධ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. එමනිසා දේශීය කර්මාන්තවලට බලපාන 20෴ක් හෙවත් තීරු බදු රේඛා 1488ක තීරු බදු අහෝසි කිරීමට භාජනය වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් රසකැවිලි නිෂ්පාදන හා කෘෂිකාර්මික සැකසුම් වැනි බොහොමයක් පවතින්නේ නිශේධ ලැයිස්තුවේයි.
ඒ වගේම දේශීය කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු මුදලකට ලබාගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනවා. එය දේශීය කර්මාන්තයන්ගේ ප්රගමනයට හේතු වන්නක්.
?මෙම ගිවිසුම හරහා රාජ්‍ය බදු ආදායම් ගිලිහී යෑමේ අවදානමක් පවතිනවාද
පැහැදිලිවම මේ පිළිබඳව වෙළෙඳ සාකච්ඡාවන්හිදී සැලකිල්ලට යොමු කළා. තීරු බදු නිදහස් කරන වැඩසටහන මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා පවත්වා එහි අනුදැනුම හා එකඟතාව ඇතිව සකස් කිරීම සිදුකළා.
ගිවිසුම බලාත්මක වූ වහාම නිදහස් වන 3500 (50%) පමණ වන තීරු බදු රේඛාවන්, මේ වන විටත් සියලුම රටවල් සඳහා (MFN) තීරුබදු හා සෙස් බදුවලින් නිදහස් කර ඇති ඒවා බැවින්, ඒ ඔස්සේ සිදුවන බලපෑමක් නැති තරම්. ඒ වගේම 80෴ක උපරිම නිදහස් කරන මට්ටමට ළඟා වීම වසර 15ක් තුළ ක්‍රමිකව සිදුවෙනවා. පෙ‘ට්රෝලියම් භාණ්ඩ, දුම්කොළ, ස්ප්‍රීතු හා ඇල්කොහොල් වැනි භාණ්ඩ මත පනවා ඇති බදු රජයේ වැදගත් ආදායම් මූලාශ්රයන් බැවින් එම භාණ්ඩ නිශේධ ලැයිස්තුවේ රඳවා ගනිමින් ආදායම් සුරක්ෂිත කර තිබෙනවා.
2017 වර්ෂයේදී සිංගප්පූරුවෙන් ආනයනය කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1,293ක් වටිනා භාණ්ඩ දෙස බැලූ විට ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක්ම (සිංගප්පූරුවෙන් සිදුකළ මුළු ආනයනවලින් 60෴ක්ම) පෙට්‍රෝලියම් හා ඒ ආශ්රිත භාණ්ඩ වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 228ක් රත්රන් ආනයන බව සඳහන් කළ යුතුයි. ඒ අනුව රජයට ආදායම් ලබාදෙන භාණ්ඩ එම තීරුබදු අඩු නොකරන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
?ශ්‍රී ලංකාව සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මෙරටට ලැබෙන ප්රතිලාභ කවරේද
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ මූලික අභිමතාර්ථය සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා අංශයන්ට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ගෝලීය නිෂ්පාදන හා අගයදාමයන් සමග සම්බන්ධ වීම. මෙම ගිවිසුම මගින් ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන නිසා රට තුළට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය වීම සැලකිය යුතු ලෙස ඉහළ යනවා. ගෝලීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීමට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව ධනාත්මක පණිවුඩයක් මේ ඔස්සේ ලෝකයාට ලබාදෙනවා. ඒ අනුව මෙම සතියේදී ප්රමුඛ සිංගප්පූරු ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනාගැනීමට මෙරට වෙළෙඳ ප්‍රජාව සමග සාකච්ඡා පැවැත්වීමට මෙරටට පැමිණි බව සඳහන් කළ යුතුයි.
මීට සමගාමීව විදේශ වෙළෙඳාම පුළුල් වීමත් සමග දේශීය කර්මාන්තවලට සිදුවිය හැකි බලපෑම අවම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා ප්රතිතෝලන පනත හා ආරක්ෂණ පනත වැනි දශක ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති නීතිමය අණපනත් සම්මත කර ගැනීමටද හැකියාව ඇති වුණා. මෙම ගිවිසුම නිසා වරණීය වෙළෙඳ පාර්ශ්වකරුවන් අතර තරගකාරීත්වය ඉහළ යන බැවින් අත්‍යවශ්‍ය‘යෙන්ම ආනයනය කළයුතු භාණ්ඩ වැඩි ගුණාත්මකභාවයකින් යුතුව අඩු මුදලකට ලබාගැනීමට දේශීය පාරිභෝගිකයාට හැකිවෙනවා. එසේම ඉහතින් දැක්වූ පරිදි දේශීය කර්මාන්තකරුවන්ටද තම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු මුදලකට ලබාගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන නිසා එය දේශීය කර්මාන්තයන්ගේ ප්රගමනයට හේතු වනවා. එම නිසා සාර්ව ආර්ථිකමය ලෙස සැලකූ කල මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ආනයන වියදම් අඩු කිරීමට, උද්ධමනය අඩු කිරීමට මෙන්ම ජීවන වියදම් පහළ දැමීමටත් හේතු වනවා.