Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ගංජා නීතිගත කරන්න ඕන, නැතිනම් ජනප්‍රිය කරවන්න උත්සාහ කරන බලවේග අපට කියන කාරණා කිහිපයක් විමසා බලමු. එකක් තමයි ගංජා කියන්නේ සමාජයට, මානවයාට හානියක් නොවන ද්‍රව්‍යක්, බොහෝම අහිංසක මත්ද්‍රව්‍යක් කියන කාරණය. මේක සම්පූර්ණ මිථ්‍යාවක්.
ගංජාවලින් සිදු වන හානිය කතා ගැන කළොත් මනෝ වෛද්‍යවරයෙක් හැටියට මුලින්ම හිතට එන දේ තමයි, ගංජා භාවිතය නිසා එක්කෝ තිබුණු මානසික රෝග උග්‍ර වීමේ හෝ නැත්තම් අලුතින් මානසික රෝගයක් හට ගැනීමේ අවදානම. Cannabis induced psychosis කියන්නේ ගංජා නිසාම ඇති වන මානසික රෝගයක්. ඒ වගේම ගංජා භාවිතය නිසා කලින් තිබුණු මානසික රෝග උත්සන්න වෙනවා. ඒ වගේම මානසික රෝගයක් හැදීමේ ඉහළ ප්‍රවණතාවක් තිබුණා නම්, විශේෂයෙන් psychosis^ වගේ, එය ඉතා කලින් මතුවීමටත්, එහෙම ප්‍රවණතාවක් නොතිබුණු අයට එම රෝගය ඇති වීමටත් ගංජා නිසා අවස්ථාව ලැබෙන බව පෙනී යනවා.
ගංජා නිසා රෝගී වූ අය ඉතා බහුලව දක්නට ලැබෙනවා. මේවා සුළු මානසික රෝග නෙමෙයි. ගංජා භාවිතය නිසා ඇති වූ හෝ මතු වූ හෝ %සයිකෝසියාව^ ගණයට වැටෙන schizophrenia ඊට අමතරව bipolar disorder, depression වගේ ප්‍රධාන මානසික රෝග අපට සුලබව දකින්න ලැබෙනවා.
ඊළඟට අප ගත්තොත් තරුණ වයසේ ගංජා භාවිතය, නැත්තම් ළමා ඒ කියන්නෙ වර්ධනය වන විකාශය වන මොළයක්, මධ්‍ය ස්නායු පද්ධතියක් සහිත පිරිස් ගංජා භාවිත කිරීම යන කාරණය. ඉතා පැහිදිලිව පර්යේෂණවලින් පෙන්වලා දීලා තියෙනවා මේ අයගේ මොළයේ වර්ධනය අඩාල වන බව, බුද්ධි මට්ටම අඩුවන බව, නිර්මාණශීලීත්වය, මතක තබා ගැනීම වැනි ප්රජානන හැකියාවන් අඩුවෙලා යන්න පුළුවන් බව. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනික හැකියාවන්, අධ්‍යාපනික ජයග්‍රහණ පැහැදිලි ලෙස ගංජා භාවිත නොකරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩා අඩු වන බවත් පෙන්වා දීලා තියෙනවා.
ශාරීරික හානි පිළිබඳ කතා කළොත්, ගංජා භාවිතයෙන් ප්‍රධාන වශයෙන්ම ශාරීරික හානි සිදු වෙන්නෙ ගංජා සිගරට් ලෙස උරාබීම නිසා. දුම්පානයේදී සිදු වන හානිවලින් විශාල ප්‍රමාණයක් ගංජා භාවිතයෙන් සිදු වෙනවා. උදාහරණයක් ලෙස %කාබන්මොනොක්සයිඩ්^ වැනි විෂ රාසයනික ද්‍රව්‍ය දුම්පානයේදී අපේ ශරීරයට ඇතුළු වෙනවා. ඒ වගේම ගංජා භාවිතයේදීත් විෂ රසායනික රාශියක් (දුම් පානයේදී ඇති වන සියලු දේ නොවුනත් එයින් රාශියක්) අපේ ශරීරයට ඇතුළු වෙනවා. ඒ වගේම අපි දන්නවා ගංජා භාවිතය 90෴ක් සිදුවන්නේ දුම්කොළත් සමග මිශ්‍ර කරලා බව. එතකොට දුම්කොළ භාවිතයේ හානිත් මේ අතරට අනිවාර්යයෙන්ම එකතු වෙනවා.
ගංජා භාවිතය සහ දුම්කොළ භාවිතය යන දෙකම නිසා හෝ දෙකෙන් එකක් නිසා හෝ වෙන්න පුළුවන් දේ තමයි නිතරම තමන් ළඟ ඇති ගඳ. ඒ වගේම මුහුණ පමණට වඩා වයසට යෑම, හම රැලි වැටීම, මුහුණේ ඇති ජීවය, දීප්තිමත්භාවය, තරුණභාවය අහිමි වෙලා මලානික පරාජිත, නිකම් මියගිය ස්වභාවයක් මුහුණේ ඇතිවීම ආදිය සිදු වෙනවා. අමතක කරන්න එපා දුම්පානයේදී වගේම පිළිකා අවදානම වැඩි වීමත් ගංජා භාවිතය සමග සිදු වෙනවා. ඒ වගේම ඔබ දන්නවා දුම්පානය හා ගංජා භාවිතය නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. මන්ද %කාබන්මොනොක්සයිඩ්^ වැනි විෂ රසායනික ද්‍රව්‍ය මේ දෙක භාවිතයේදී හටගන්නා නිසා. ඒ වගේම හෘදයාබාධ, අංශභාග තත්ත්වයන්ට ඇති අවදානම වැඩි වෙන්නටත් පුළුවන්.
අවසන් වශයෙන් ගංජා භාවිතය නිසා වන හානියක් ලෙස කියන්නට පුළුවන් දෙයක් තමයි අනෙකුත් මත්ද්‍රව්‍යවලට යොමු වීම. අද කාලයේ අපි දන්නවා දුම්කොළ පදනම් කරගෙන හදපු නොයෙකුත් මත්ද්‍රව්‍ය පාසල් ශිෂ්‍යයන් අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව. මන්ද ඊට පසුව ඔවුන් සිගරට්වලට යොමු කර ගැනීම පහසුයි. ඒ වගේම ගංජා භාවිතයට යොමු කර ගත් දරුවා ඉදිරියේදී සිගරට් භාවිතයට, එහෙම නැත්තම් සිගරට් භාවිතට යොමුකර ගත් දරුවා ඉදිරියේදී ගංජා භාවිතයට යොමු වීමටත්, එසේම මේ දෙකටම හෝ එකකට හෝ යොමු වෙච්ච ළමයා ඉදිරියේදී හෙරොයින් භාවිතයට යොමු වීමටත් ඇති ඉඩ ඉතා වැඩියි. එම නිසා අපි දුම්වැටියට සහ ගංජාවලට කියනවා %teaching drugs^ නැතිනම් ගුරු මත්ද්‍රව්‍ය කියලා. මෙම මත්ද්‍රව්‍ය විසින් අනිත් මත්ද්‍රව්‍යවලට දරුවාව නැත්තම් ඒ පාවිච්චි කරන කෙනාව යොමු කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් මෙවැනි හානි රාශියක් සිදුවෙනවා ගංජා භාවිතය ආශ්රයෙන්.
ගංජා භාවිතය ජනප්‍රිය කරවීමට වපුරන එක් මිථ්‍යාවක් තමයි ගංජා භාවිතය නිසා නිර්මාණශීලී බව වැඩි වෙනවා, අධ්‍යාත්මික සුවයක් ලැබෙනවා, මිනිසුන් ශාන්තදාන්ත වෙනවා කියන එක. මේ කිසිම කාරණයකට කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. මිනිසුන් ශාන්තදාන්ත වෙනවා කියන කතාව ගමු. ගංජා භාවිතය නිසා නොයෙකුත් මානසික රෝග ඇතිවන්නට ඉඩ ඇති බැවින්ද, මේ රෝගී තත්ත්වයන් සමග පුද්ගලයන් කලබලකාරී වීමට ඉඩ ඇති බැවින් ද, මෙය මිථ්‍යාවක් බව පුනපුනා කිව යුතුද? ගංජා භාවිතය නිසා කලබලකාරී ස්වභාවයන් ඇති වන අවස්ථා අපි ඕනෑතරම් දකිනවා. ගංජා භාවිතය සහ ප්රචණ්ඩත්වය අතර පැහැදිලිවම සම්බන්ධයක් ඒ අයුරින් තියෙනවා. ඒ අනුව ගංජා භාවිතයෙන් ශාන්තදාන්ත මිනිසුන් ඇතිවෙනවා කියන එක අපට කොහෙත්ම පිළිගන්න බැහැ.
ගංජා භාවිතය සහ අධ්‍යාත්මික සුවය සම්බන්ධයෙන් කිව හැක්කේ මෙයයි. අධ්‍යාත්මය කියන්නේ තමන්ගේ මනෝවිද්‍යාව ඉක්මවා ගිය දෙයක්. මනෝවිද්‍යාව කියන්නේ අපේ මනස වැඩ කරන හැටි නැතිනම් මනසේ ස්වභාවයටයි. අපි තරම් දියුණු නැති වුණාට බල්ලටත් මනසක් තියෙනවා. අපි කාගෙත් මනස (ඒ ගැන අපි හිතුවත් නැතත්) වැඩ කරනවා. නමුත් අධ්‍යාත්මය කියන්නේ අපේ වැඩ කරන මනස දෙස අපේ සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය දෙස අපට බලා සිටීමට හැකියාවක් තිබීමය. අපේ මොළේ තියෙන දියුණුවත් සමග අපි අපේම මනෝවිද්‍යාව දෙස හැරී බලන විට අපට පේනවා අපේ සිතිවිලි වැඩ කරන හැටි, අපි හිතන හැටි, අපි තීරණ ගන්න හැටි, අපි කරන මෝඩ වැඩ. ඒ අනුව අපි දේවල් වෙනස් කරමින් ජීවිතය අපට ඕන පැත්තට අරගෙන යෑම තමයි අධ්‍යාත්මික ලෙස ජීවිතය බලනවා හැඩගස්සනවා කියන්නෙ. එසේ බැලීමට තමන්ට වෙනත් රසායනික ද්‍රව්‍යවල පිහිට පතන්න වෙනවා කියන මතවාදය ඉතාම දුර්වල මතවාදයක් හැටියටයි මට පෙනෙන්නෙ.
නිර්මාණශීලීත්වය වැඩි වෙනවා කියලා ගංජා භාවිතය නිසා තවත් මිථ්‍යාවක් පතුරනවා. ගංජා භාවිතය නිසා තරුණ ළමයින්ගේ මොළයේ බුද්ධි මට්ටම අඩු වෙනවා, ප්රජානන හැකියාව අඩු වෙනවා කියලා පැහැදිලිව පෙනිලා තියෙනවා. ගංජා භාවිතය නිසා මානසික රෝග ඇති වෙනවා කියන එක අපි දන්නවා. නමුත් නිර්මාණශීලීත්වය වැඩි වෙනවා කියන කාරණය පිළිගැනීමට කිසිදු පර්යේෂණ දත්තයක් ලෝකයේ නැහැ. මෙහිදී අපට මෙහෙම හිතෙනවා. ඇත්තටම නිර්මාණශීලී පුද්ගලයන්, කලාකරුවන් ගංජා භාවිතය කරන කොට අපට හිතෙනවා මෙම පුද්ගලයා නිර්මාණශීලී වෙලා තියෙන්නේ ගංජා භාවිතය නිසා කියලා. එහෙම ගත්තොත් කොණ්ඩෙ වවපු කලාකාරයන් ගොඩක් ඉන්නවා. එතකොට මේ කොණ්ඩෙ වැවීම නිසා නිර්මාණශීලී බව වැඩි වෙනවා, කලාකාරයෙක් වෙනවා කියලා අපි නිගමනය කළොත් ඒක එච්චරම විද්‍යාත්මක නැහැ. ඒ නිසා බොහොම පරිස්සමෙන් විචාරශීලී ලෙස මේ ගංජා ගැන පතුරලා තියෙන මත දෙස බැලුවොත් හොදයි.
අපට දැන් පේනවා ගංජා භාවිතය නීතිගත කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් ලොව පුරා දියත් වන බව. ලංකාවේ බැලුවාම, ෆේස්බුක් එකේ ඒ වගේම නොයෙකුත් රැස්වීම් හරහා, චිත්‍රපට හරහා, ග්රන්ථ ප්‍රකාශන හරහා, සාකච්ඡා සංවාද හරහා යම්යම් පුද්ගලයො, දේශපාලඥයන්, එක්තරා සංවිධාන විශාල පරිශ්‍රමයක් දරන බවක් පේනවා. ලෝකයෙත් මේ දෙය සිදු වී ගෙන යනවා. සමහර රටවල ඒ සඳහා දොර ඇරීගෙනත් එනවා. දැන් මේ ව්‍යාපාරය දෙස බැලුවාම අපට පේනවා මේ ව්‍යාපාරයට විශාල මුදල් තියෙන බව. ෆේස්බුක්, අනෙකුත් සමාජ වෙබ් අඩවි, සංවාද, කතාබහ, පොත්පත් මුද්‍රණය කිරීම් හරහා විශාල සංවිධානාත්මක ව්‍යාපාරයක් කිරීමට නම් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. කොහෙන්ද මේ මුදල් එන්නේ? මොකද දැනට ගංජා කර්මාන්තයක් නැහැ.
මද්‍යසාර ප්‍රචාරය කරනවා නම්, මද්‍යසාර ප්‍රචාරය කරන චිත්‍රපට හදනවා නම්, පොත්පත් ලියනවා නම්, ඒවට හොරෙන් නැතිනම් යටින් මද්‍යසාර සමාගම් මුදල් දෙනවා කියන එක අපි දන්නා ප්‍රසිද්ධ කාරණයක්. නමුත් ගංජා කර්මාන්තයක් දැනට එහෙම නැහැ, විශාල වශයෙන් මුදල් වියදම් කරන්න තරම්. එහෙනම් කවුද මේ ගංජා නීතිගත කිරීමේ ව්‍යාපාරයට මුදල් පොම්ප කරන්නේ?
ලෝකෙ දැනට අනාවරණය වෙලා තියෙන කාරණාවලින් පැහැදිලිවම පෙනිලා තියෙනවා මේ සඳහා මුදල් යොදවන එක ප්‍රධාන පිරිසක් තමයි දුම්කොළ සමාගම්. මන්ද ඔවුන් දන්නවා ඔවුන්ගේ ව්‍යාපාරය දිගින් දිගටම දියුණු වන ව්‍යාපාරයක් නොවන බව. විශේෂයෙන්ම දියුණු රටවල, ඒ වගේම ලංකාවෙත් දුම්කොළ භාවිතය එන්න එන්න අඩුවීගෙන යනවා. එතකොට මේ සමාගම් තමන්ගේ කර්මාන්ත ශාලා වහල දාලා ගෙදරට වෙලා ඉන්න ලෑස්තිවෙන බවක් අපට හිතන්නට අමාරුයි. ඉදිරියේදී ගංජා කර්මාන්තය නීතිගත වීමෙන් පස්සේ ඔවුන්ගේ එක අරමුණක් විය හැකියි නීතිමය කර්මාන්තයක් ලෙස ගංජා කර්මාන්තය කරගෙන යෑම. මන්ද ඔවුන්ට ගංජා වවන්නට අවශ්‍ය ඉඩම් තියෙනවා. ගොවීන් ඉන්නවා. ඒ වවන ගංජා එකතු කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒවා සකස් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒවා ඔවුන්ගේ කර්මාන්ත ශාලාවට ගෙන යාමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒවා ගංජා සිගරට් ලෙස නිෂ්පාදනයට සකස් කිරීමට අවශ්‍ය කර්මාන්ත ශාලා තියෙනවා. ගංජා සිගරට් බවට රෝල් කරන්න පුළුවන්කම, එම සිගරට් පැකැට් කිරීමට පුළුවන්කම, ඒවා විකිණීමට බෙදා හැරීමට ප්‍රචාරණය කිරීමට පුළුවන්කම ආදී මේ සියලුම අවශ්‍ය යටිතල පහසුකම් දුම්කොළ සමාගම්වලට තියෙනවා. නීතිගත කිරීම පමණයි අඩු.
ඉතින් දුම්කොළ සමාගම් ඉතා කැමැතියි ගංජා නීතිගත වෙනවාට කියා අපට අනුමාන කළ හැකියි. මොකද අනාගතයේදී සිගරට්ටුව නැතිවෙලා ගියත් අලුත් ව්‍යාපාරයට කදිම වාණිජ භාණ්ඩයක් ලැබෙන නිසා. අද වන විට දුම්කොළ සමාගම් මෙම ගංජා ව්‍යාපාරයට මුදල් යොදවන බවට සාක්ෂි හෙළිවෙලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙමයි ගංජා නීතිගත කිරීමේ ව්‍යපෘතියට මුදල් ලැබෙන්නෙ.
දැන් අපි දන්නවා ගංජා නිසා වන හානි. ඒ වගේම ගංජා ගැන ප්‍රචාරණය කරන මිථ්‍යා මත. එසේම කවුද එම වැඩවලට මුදල් යොදවන්නේ සහ ඒ ඇයි කියලා. දැන් ඉතින් ගංජා ව්‍යාපාරයට අහු වෙනවද, නැද්ද කියන එක ඔබටම තීරණය කරන්න පුළුවන්.
popular news
Kumar Friday, 29 June 2018 01:00 AM
මහත්මයා ලියල තියෙන්නේ බොරුවක් වගෙයි මට පෙනේනේ. ගංජා මම ඉන්න කැලිෆෝර්නියාවේ තහනම ඉවත් කර ඇතිවග නොදන්නවාද? ගංජා සමහර ඇස් අමාරුවලට සහනයක් ලබදෙනවග උගතුන් පවසනවා.
Reply : 0 23
අනේ මන්දා Tuesday, 04 September 2018 01:31 AM
අනේ පලයන් මහත්තයෝ යන්ඩ උබ දන්න කෙහෙල් මල
Reply : 0 11
මේ මම බ්න් මම Wednesday, 28 November 2018 01:43 PM
කංසා තහනමට ලක්වුණේ මෙහෙමයි, මේ ශාකයෙන් මිනිස්සු උපරිම ප්‍රයෝජන ගත්තා. ඔය අතර කංසා ශාකයෙන් සේවා ලබා දීමට හැකි වෙනත් ආදේශක බිහි වෙන්න පටන් ගත්තා. ඒවා කෘත්‍රිම දේ. නයිලෝන්,ප්ලාස්ටික්, සෙලෝපේන් වගේ දේ එනකොට, කංසා ශාකය ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් ඈත් කිරීමේ වෑයම දියත් වුණා. කංසාවලින් කඩදාසි තැනීම 1930 පමණ දක්වා සිදු වුණා. 1930 වෙද්දී පර්යේෂකයන්ට ඕන කළා ,ලී කුඩුවලින් කඩදාසි තනන්න. මේ ව්‍යාපෘතියට බොහෝ සෙයින් ම වියදම් කළේ, විලියම් හර්ස්ට්. මේවයින් කඩදාසි හදලා තමන්ගේ පුවත්පත් කර්මාන්තය දියුණු කිරීම ඔහුගේ අරමුණ වුණා. ඔහු තමයි කංසා නැති කිරීමට උදවු කළ පළමු මාධ්‍යකරුවා. ඔහු කංසා ගැන විවිධ ප්‍රවාද ගොඩනැඟුවා. සින්තටික් අමුද්‍රව්‍යවලින් නිෂ්පාදන කළ අයටත් කංසා ප්‍රශ්නයක් වුණා. ඔවුන් කළේ මේ ස්වභාවික නිෂ්පාදන අයින් කිරීමට වැඩ කිරීම. රසායනාගාරවල ඖෂධ පෙති වශයෙන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ආරම්භ වෙලා තිබුණේ. ඒවාට වෙළෙඳ පොළ හදන්න නම්, ඒත් කංසා නැතිකළ යුතු වුණා. විස්කි, බ්‍රැන්ඩි, ජින් වගේ අමෙරිකානු නිෂ්පාදන වෙනත් රටවලට විකිණීමටත්, යටත් විජිත වැසියන් පාවිච්චි කළ දේ හෑල්ලු කරන්න අවශ්‍ය වුණා.
Reply : 0 15
මේ මම බ්න් මම Wednesday, 28 November 2018 01:45 PM
ඉහත කමෙන්ටුවේ මුල කොටස මෙන්න මේ සියලු හේතු නිසා තමයි කංසා ශාකය නරකයි කියන හංවඩුව වැදුණේ. ඒක කරන්න පුළුවන් පහසුම විදිහ වුණේ කංසා දුමෙන් මත්වී පිස්සු නටනවා ය කියන මතය ඉදිරිපත් කිරීමයි. හර්ස්ට් ඒක තමන්ගේ මාධ්‍ය ඔස්සේ කළා. ඉන් පසුව තමයි කංසා වගාව තහනම් කළේ. විවිධ කර්මාන්තවලට ආදේශක තිබුණා වුණත්, ඒ තහනම ආනන්දයට බලපෑවා. ඒ නිසා තමයි මිනිස්සු ආනන්දය ලබා ගැනීම සඳහා පමණක් හොර රහසේ කංසා වගා කරන්න පෙලඹුණේ. මේ තහනම පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මුල්වුණා. තමන්ගේ නිෂ්පාදන විකුණා ගන්න නම්, අනෙකාගේ නිෂ්පාදනය නරක බව කියන්න ඕන. කච්ඡපුට වෙළෙඳාමේ හැටියට කළෙත් ඒකමයි.
Reply : 0 12
තර්ක Thursday, 30 January 2020 12:40 PM
ලිපිය පිළිගත නොහැකියි.. අතිෂෝක්තියෙන් දක්වා ඇත. ගංජා භාවිතයෙන් කොහෙද ලිංගික දුර්වලතා ඇතිවෙන්නෙ? දුම්කොල සමඟ භාවිතය ගැන තියන දේවල් ඇත්ත උනත් ගංජා ශාකයේ ඖෂධීය ගුණය ගැන හාංකවිසියක් නැතුව, ගංජා ගැසීම විතරක් ඉලක්ක කරලා ලියපු ලිපියක්..
Reply : 0 3
Indika Thursday, 03 September 2020 12:27 PM
ඔයා ගංජා ගහලා තියනවද?,ගහලා නැත්නම් ඔයා කොහොමද ඒ ගැන නිර්වචන දෙන්නේ,
Reply : 0 4
Chamith Tuesday, 22 June 2021 11:38 PM
මම කියන්නෙඕක පුච්ච පුච්ච දුම් බොනවට වඩා වැඩගන්න පුලුවන් අපි එකයි කියන්නෙ නීති ගතකරන්න කියල ඕකත් හරියට පොල්ගහ වගෙ පොල්ගහේ මුලු පස්පංගුවම අරගත්තාම කොච්චර ප්‍රයෝජනවත් දේවල් තියේද . (ඒකෙනුත් ඔය රා පෙරන්නෙ)ඒවගේ තමයි කංස ගහත් පොත්තවත් අපතෙ යවන්න ඕන්නෑ වැඩක් ගත්තැහැකි. කංසා දුම් පානයටනම් මගේ එච්චර වැඩිකැමත්තක් නෑ
Reply : 0 1
සුසිල් කුමාර Thursday, 26 August 2021 09:54 AM
ඔබගේ ලිපිය මාගේ දැඩ් විවේචනයට හා පිලිකුල්ට ලක් වූ බව කනගාටුවෙන් ප්‍රකාශ සිටිමි.ඔබ බහු ජාතික සමාගම් වල ගුන්ඩුවක් බව හොදින් පැහැදිලි වේ,මන්ද ඔබගේ ලිපියේ කියවෙන කරුණු සියල්ලම අනෙක් පැත්තෙන් සිදුවන බැවිනි. කංසා නිසියාකාරව ප්‍රයෝජනයට ගත හොත් ලෝකයේ බටහිර වෙදකමට කන කොකා හැඩීමක් හා රෝහල් වල රෝගීන් විශාල ප්‍රමානයක අඩු වීමක්, පිලිකා රෝග සදහටම තුරන් වීමක් ,මේ හරහා බහු ජාතික සමාගම් වලට කෙලවීම්ක් , ...??බුද්ධියෙන් මේ ගැන ඔලුවක්, තියෙනවනම් විමසා බලන්න පුලුවන් ,
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd