මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන බවට පුරෝකථනය කළ කිහිපදෙනෙක් පරාජයට පත් වී තිබුණි.
ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි, ව්‍රායි කැලී බර්තසාර් සහ මාතර දිස්ත්‍රික්කයේ නීතිඥ උපුල් කුමරප්පෙරුම සිටියි.
මෙහිදී විමල් කැටිපෙආරච්චි 2020 දී ද පාර්ලිමේන්තු මැතිවරණයට වූ අයෙකි. ඔහු එවර මැතිවරණයට ඉදිරිපත් වූයේ කැස්බෑව ආසනයෙනි. නමුත් මෙවර ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ මැද කොළඹ ආසනයෙනි.
එම ආසනය සාපේක්ෂව ගත් කල කොළඹින් අඩු ඡන්ද ප්‍රමාණයක් ඇති ආසනයකි. එහිදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළ ද ඡන්ද ලබා තිබුණේ 39,160කි. එහිදී කැටිපෙආරච්චි මනාප 53,161ක් ලබා තිබුණි.
කොළඹ ආසනයේ බොරැල්ල, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, උතුරු කොළඹ සහ බටහිර කොළඹ යන කොළඹ නගරයේ ආසන පහට අපේක්ෂකයින් පස්දෙනෙකු ඉදිරිපත් කරර තිබුණි.
ආසනයෙන් පිට කිසිදු අපේක්ෂකයෙක් ප්‍රචාරන කටයුතු සිදු නොකළහ. ව්‍රායි සහ විමල් යන දෙදෙනාගේම පරාජයට හේතුව එම ආසනවල ජන ඝනත්වය විය හැකිය. අනෙක් කරුණ නම් විමල් කැටිපෙආරච්චිව කැස්බෑවෙන් කොළඹට ගෙන ඒම යැයි කිව හැකිය.
මාසයක පමණ කාලයක් තුළ ඔහුට එම ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් දැනුවත් කරමින් සහ සෙසු ජන හමු හා දැනුවත් කිරීම් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණේ යැයි අනුමාන කළ හැකියි. ඊට හේතුව ඔහු එම ආසනයේ ඉන් පෙර දේශපාලනික කටයුතු කර නොතිබීමයි.
උපුල් කුමරප්පෙරුමගේ මුල් ගම මාතර වුවත් ඔහු මේ වන විට කොළඹ නුගේගොඩ පදිංචිකරුවෙකි. මාතර ප්‍රතිඵලය දෙස බැලූ විට පෙනී යන්නේ මාතර ජනතාව තම දිස්ත්‍රික්කය තුළ පදිංචි අපේක්ෂකයින්ට මනාප ලබා දී ඇති බවයි.