Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා
එයට අමතරව එම වසරට අදාළව විදුලිබල මණ්ඩලයේ විගණක වාර්තාවේ %අංක 3.4 දරන ‘‘අක්‍රමවත් ගෙවීම්/ඵලදායී නොවන ගනුදෙනු පරිච්ඡේදය^ යටතේ එම 6 කොටසින් 2007 දෙසැම්බර් 13දා නිකුත් කරන ලද කැබිනට් පත්‍රිකාව උල්ලංඝනය කරමින් සේවකයන් විසින් ගෙවිය යුතු උපයන විට බද්ද විදුලිබල මණ්ඩලයේ මුදලින් ගෙවා ඇති ආකාරය පැහැදිලිව දක්වා ඇතැයිද අනාවරණය විය.
ඔවුන්ගේ ප්‍රකාශය අනුව විදුලිබල මණ්ඩලයේ 2015 වාර්ෂික වාර්තාව මගින් උපයන විට බද්ද ලෙස 2010-2015 කාලය තුළ ගෙවා ඇති මුදල රුපියල් 2,006,685,521කි
(රු. මිලියන 2006). 2016දී රුපියල් මිලියන 611ක්ද, 2017දී රුපියල් මිලියන 676ක් සහ 2018 සිට අද දක්වා රුපියල් මිලියන 172ක්ද ගෙවා ඇතැයි මාධ්‍ය වාර්තා දක්වයි. ඒ අනුව ජනතා මුදලින් ගෙවා ඇති පෞද්ගලික බදු මුදල රුපියල් කෝටි 346කි.
රජය පවසන පරිදි රු. ලක්ෂය සහ ලක්ෂ එකහමාර අතර වැටුපක් ලබන සේවකයන් සිය මාසික වැටුපෙන් උපයන විට බද්දට ගෙවිය යුතු මුදල 4෴කි. එක්ලක්ෂ පනස්දහසේ සිට ලක්ෂදෙක දක්වා වැටුප් ලබන සේවකයන් සිය මාසික වැටුපෙන් 8෴ක්ද වශයෙන් අවසානයේ මාසිකව රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට වැඩි වැටුපක් ලබන සේවාදායකයන් 24෴ක්ද ගෙවිය යුතුය.
අදටත් ඇලෝසියස්ලාගේ, මහේන්ද්‍රලාගේ බැඳුම්කරය ගැන විලාප නගන ඇත්තන් අතර මෙම දූෂණයට අනුබල දුන් ඇත්තන්ද විරල නැතැයි ජනතාව පවසති. අනුන් ජනතා මුදල් අවභාවිත කරන විට හොරුන් යැයි පවසන අතරම, යමෙකු ජනතාවගේ මාසික බිලෙන්ද සූරා කන ජනතා සේවකයන් බවට පත්වීම පිළිබඳ ජනතාවට ඇත්තේ පිළිකුළකි.
තවත් ආයතන කීපයක් තුළද මෙම අඩුකිරීම එසේම සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා මෙහිදී ජනමාධ්‍ය කළ විමසීමකදී පවසා ඇත. ජනතාව අසන්නේ බල්ලන් මොනවදෝ අනුභව කරන නිසා උගත් බුද්ධිමතුන්ද අපිත් ඒ දේම කළා යනුවෙන් පවසන තැනට පත්විය යුතුද යන (මාධ්‍ය හරහා නොකිව යුතු වුවද) ගැමි වහර අනුව සිහිපත් වන කතාවකි.
මෙය දැන දැන කරන බරපතළ වරදක් වන්නේද එහෙයිනි. එහෙත් සැබෑ මහත්වරු එසේ නොවේ. යම් වරදක් සිදු වූ බව දැනගත් පසු හෝ සමාව අයැද සිටීම සහ නැවත ඒ වරද සිදුනොවන තැනට ස්වයං වාරණයක් පවත්වාගැනීම මෙන්ම නීතිමය ප්‍රතිපාදනවලට අනුගත වීම මහත්මා ගතියකි.
අනාවරණය වන පුවත් අනුව මෙම වරද 2010 සිට අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පැහැදිලිය. එසේනම් ඒ කාලය තුළ ලංකාවේ ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙක් නොසිටියේද යන පැනය ජනතාවට ඇත. අදාළ විෂය සඳහා ජනතා මුදලින් නඩත්තු වූ මැති ඇමතිවරුන් නොසිටියේදැයි ජනතාව අසති. අපට හෙණ ගැහුවත් ඒ අයට මොකද යනුවෙන් ජනතාව හිත හදා ගනිති.
හිටපු පාලකයන්ට මෙන්ම වත්මන් පාලකයන්ටද තම තමන්ට අවශ්‍ය පරිදි අණ පනත් පනවා ගැනීමටත් ඉහළ මහ පුටුවල සිත සතුටු කිරීමට දූෂිතයන් රඳවා ගැනීම එක් උපක්රමයකි.
වැරදි සඳහා අනුබල දෙන දූෂිතයන් හරහා තමන්ගේ හෙංචයියන්ට පත්වීම්, තනතුරු, උසස්වීම් ලබාදීමට ඇති හැකියාව තවත් එකකි.
තමන්ට අවශ්‍ය වෙනත් යමක් වෙතොත් අණ පනත්වලින් බැහැරව ඕනෑම කරුණකට කඩේ යැවිය හැකි ගැත්තන් කණ්ඩායමක් සඳහා මෙවැනි අයථා වරප්‍රසාද අනුබලයකි.
ආණ්ඩුවක දූෂණ වංචාවන්ට එරෙහිව සේවකයන් වීදි බැසීමේදී කැඳ ගොට්ටන්ගේ භූමිකාව හෝ පාවාදෙන්නන්ගේ රාජකාරිය වෙනුවෙන් යම් දූෂිත නිලධාරී පැලැන්තියක් නම්කර තිබීමේ අවශ්‍යතාව තවත් උපක්‍රමයක් බවද විවිධ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
අන්ත දිළින්දාගේ සිට ප්‍රධාන පුරවැසියා දක්වා සෑම අයෙකුම ලබාගන්නා මිලටම භූමිතෙල් බෝතලයත්, සීනි කිලෝවත්, හාල් සේරුවත් මේ සුපිරි වැටුප්ලාභීන්ද ඒ මුදලටම ලබති. දුප්පත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයත්, රෝහල් සේවයත් මේ ඇත්තෝද එසේම ලබති.
නමුත් එතරම් වරප්‍රසාද විඳිමින් මේ අපරාධය දෙකෝටියක් වූ ජනගහනයකගේ ජීවත් වීමේ අයිතියත්, නීතියේ සර්ව සාධාරණය සහ සමානාත්මතාව නමැති මූලික අයිතියටත් එරෙහිව සිදුකරන මහා වංචාවක් ලෙස දූෂණයට එරෙහි නීති විද්වතුන්ගෙන් චෝදනාවකි.
ආදායම් බදු දෙපාර්තමේන්තුව මාධ්‍ය දැන්වීම් මගින් බදු ගෙවීම වෙනුවෙන් ජනතාව දිරිමත් කරයි. එහෙත් රටේ ජනතාව නමින් ජනතා මුදලින් අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපනය ලැබ විදෙස් ශිෂ්‍යත්වය පවා ජනතා මුදලින් ලබාගත් ඇත්තෝ, තමන්ගේ මාසික වැටුපෙන් තමන් උපන් රටේ ජනතාව හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන පරිදි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් ලක්ෂයකට රුපියල් හාරදහසක මුදලක් තමන්ගේ මාසික වැටුප්පතින් ගෙවීමට දක්වන හොරකම ජනතාවට අනුව පිළිකුළ දනවන පුවතකි.
වසර අටක් තිස්සේ එකම දූෂණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම තුළ මෙහි ඇති රාජ්‍ය අනුග්රහයේ තරම පැහැදිලි බව දූෂණ විරෝධීහු පෙන්වා දෙති. රාජ්‍ය ආයතන සඳහා වන ආයතන සංග්‍රහය සහ මූල්‍ය අණ පනත් මෙම කරුණට අදාළ නොවන්නේ ඇයිදැයි රාජ්‍ය සේවකයෝ අසති.
රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අදාළ ඇමතිවරු මේවා නොදන්නේද යන පැනය ජනතාව අසති. ජනතාව නැවත පවසන්නේ නොදන්නවා නොවේ, දැනගත්තද නොදැක්කා ලෙස තම 2020 ඉලක්කය (මෝඩ චූන් එක) වෙනුවෙන් අහක බලා සිටින කතාවකි.
නැතහොත් අඩුම තරමින් වසරේ විගණක වාර්තාවක් කියවා ගැනීමට තරම් නොහැකි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු මේ පුවත නොදුටුවේදැයි ජනතාව විමසති. නමුත් අවුරුදු තුනක් ගතවීද ස්ථාවර කැබිනෙට්ටුව හදාගැනීමට නොහැකි වූ රටක විදුලිය ඇමතිවරයා කවුදැයි නින්දෙන් පිබිදෙන විට නොදන්නා තරමට වෙනස් වන කතාවක්ද ඒ අතර ඇසේ.
එසේනම් අඩුම තරමින් ලංවීම පාඩු යැයි වසර ගණනාවක් තිස්සේ කෝප් කමිටුව පවා පෙන්වා දෙන විට හෝ මේ අර්බුදය පාර්ලිමේන්තුව හරහා හෝ විසංවාදයට පත් නොවූයේ ඇයිද යන පැනය විද්වත්හු අසති.
මේ තීරණයට අනුබල දුන් අදාළ මණ්ඩලයේ සභාපතිවරු, සුපිරි නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ එම නොකළ යුතු වරද වසාගෙන සිටින්නේ කාගේ උවමනාවක් මතද යන්න පාරිභෝගිකයෝ අසති.
මෙහිලා මහින්ද මෙන්ම මෛත්‍රී ජනාධිපතිවරයාද සම සමව වගකිව යුතු බව පෙන්වා දෙන්නේද 2010 සිට අද දක්වා මෙම පාප කර්මය එසේම සිදුවන්නට ඉඩහැර ඇති හෙයිනි.
මාසයේ විදුලිය බිල්පතින් රුපියල් විසිපහක හිඟයටත් විදුලිය කපා දමන සහ එයටත් විසන්ධි කිරීමේ සහ සන්ධි කිරීමේ සේවා ගාස්තු අය කරන තැනට නීති සම්පාදනය කරන විදුලිබල මණ්ඩලය ඒ හැම දඩයක්ම ජනතාව කරපිට ගසන්නේ තමන්ගේ උපයන විට බද්දෙන් ජනතා මුදල් ගසා කන බව අමතක කර බව දුම්රිය බස් රියේ ඇසෙන සංවාදය ඔවුන්ටද දැනිය යුතුය.
මෙම ගෙවීම දැනට ක්‍රියාත්මක 03/2016 චක්‍රලේඛය මෙන්ම 2007 දෙසැම්බර් 13 කැබිනට් පත්‍රිකාව උල්ලංඝනය කිරීම බව විගණක වාර්තා පෙන්වාදී ඇත. නමුත් එය දිගින් දිගටම ඒ ආකාරයෙන් මේ දක්වා ගෙන ඒමට තරම් රාජ්‍ය පාර්ශ්වයෙන් ලැබී ඇති අනුබලය කුමක්දැයි ඇතැම් වෘත්තීය සමිති විමසති.
අනෙක මේ වරද හඳුනාගත් පසු 2016 අප්‍රේල් මස 29දා මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් 03/2016 රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය යටතේ ‘‘රාජ්‍ය ව්‍යවසාය විසින් උපයන විට බද්ද වැටුපෙන් මිස පාරිභෝගිකයන් ගෙන් අය කර නොගන්නා ලෙස නියෝග කර තිබේ.
ජාතික දේපළ විකුණනවා හෝ භාණ්ඩ මිල ඉහළ යැයි හෝ ජන ජීවිතය අවුල් යැයි හෝ %අපට වැඩි වැටුප් හිඟ වැටුප් දියව්^ යනුවෙන් හෝ විදුලි බිල්පත වැඩි යැයි ආණ්ඩුවට බලපෑම් කරන වෘත්තීය සමිති සහ විපක්ෂයට කෝටි 364ක දූෂණය නොපෙනුණේ ඇයිදැයි ජනතාව අසති.
එක් දෙයක් පැහැදිලිය. එදා මෙන්ම තවදුරටත් මෙවැනි දෙයක් සිදුවන්නේ එය ජනාධිපතිවරයා අගමැතිවරයා සහ අදාළ ඇමතිවරයා පෞද්ගලිකවම දැනුවත්ව යැයි අගතියට පත් පාරිභෝගික ජනතාව අවධාරණය කරති.
එසේ නොදැනුවත් නම් සන්නිවේදන බාධක හරහා වගකිවයුත්තන් අතට මෙවැනි අපරාධ දූෂණ පත්වීම වළක්වා ආණ්ඩුව අපහසුවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට දූෂණ විරෝධීහු පෙන්වා දෙති.
මෙතෙක් අපි නොදන්නවා යැයි අහක බලා සිටියේ නම් තවදුරටත් ඒ වරද නීතිගත කර තිබේ නම් යහපාලනය තුළද එදා 2010 සිට පැවති නිවටකම හෝ දූෂණයට අනුබල දීමේ පාපතර ජාතික ප්‍රතිපත්තිය පවත්වාගෙන යාමට අනුබලයක් බවද ජනතාව පෙන්වා දෙති.
එසේ දූෂණ ක්‍රියාවක යෙදෙන අතරම දිගුකාලීන ජනතා සැලැස්මක් මගින් ජනතාවගේ විදුලි බිල්පත අඩුකරන්න යැයි ඉල්ලා රජයට එරෙහිව විදුලි ඉංජිනේරුවරු සංකේත වැඩවර්ජනයක යෙදෙන්නේ යැයිද ජනතාව හාස්‍ය මතු කරති.
එහිදී පාරිභෝගිකයා අසන්නේ සුපිරි නිලධාරීන්ට දූෂණයට අනුබල දෙමින් සහ අනෙක් අතට දූෂණයන්ට ඇතුළත්ව ඇති නිලධාරීන්ගේ වර්ජන හරහා, විදුලි ගාස්තු අඩු කරව්, යනුවෙන් වර්ජන කරන තැන දක්වා ඔවුන් ගෙන යාම අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව කුමක්ද යන්නය.
මහින්ද සන්ධානය සමයේ වැඩි කළ බිල්පත අඩු කළ යුතු යැයි වීදි බැසගත් එදා විපක්ෂයට මැරකල්ලි යොදා පහර දුන්නේද මේ ගනුදෙනු එසේ සිදුවීමට එය බාධාවක් විය හැකි නිසා බවද ජනතාව මෙදා සිහිපත් කරති.
අනෙක භාණ්ඩාගාර වාර්තා අනුව මේ වරද තවත් රාජ්‍ය ආයතන ගණනාවක් විසින්ද සිදුකර ඇති බව දක්වයි. එහෙත් එය අදාළ භාණ්ඩාගාර ලේකම්ගේ නියෝගයෙන් පසු අත්හිටුවා ඇති බවද පැවසේ. එසේ නම් ඒ නියෝගයද නොසලකා හැරීමට තරම් විදුලියට අරක් ගත් බලවතා කවුද යන්න මාසයේ විදුලි බිල දකින විට පපුවේ ගැස්ම නගින ජනතාව අසති.
තවදුරටත් ඒ වැරදි පූර්වාදර්ශයේ රැඳී සෙසු ආයතනද ඒ වරද කරන්නේ නම් භාණ්ඩාගරය කරන්නේ චක්‍රලේඛ නිකුත් කිරීම පමණද? යහපාලන මෛත්‍රී පිලේ ඇමතිවරයා සහ ජාතික ආණ්ඩුවේ රනිල් පිලේ නියෝජ්‍ය ඇමතිවරයාගේ වගකීම ඒවා කුණු කූඩයට විසි කිරීමද?
ජනතා මුදලින් නඩත්තු වන ඇමතිවරු හෝ සභාපති දේශපාලකයෝ වෙති. ඔවුන් මේ වැරදි පූර්වාදර්ශ සපයන්නේ තමන් සහ මණ්ඩලය නඩත්තු කරන ජනතාවටදැයි තේරුම් ගැනීමට තරම් අට වසරක් තිස්සේ මේ ඇත්තන්ට මොළේ කලඳක් නොමැති වීම ගැන අගතියට පත් විදුලි පාරිභෝගිකයා පවසන දේ ජනාධිපතිවරයාට ඇසිය යුතුය.
දූෂණය යනු අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිර්වචනය අනුව යමෙකු තම නිලයට මුවා වී කරන අයුතු ක්‍රියාවකි. බලපෑමකි. ජනාධිපතිවරයා ජනමාධ්‍ය හරහා දූෂණ වංචා අක්‍රමිකතා සිදුවන්නේ නම් දන්වන්න යැයි කරන ඉල්ලීම කටින් බතල හිටුවීමක්දැයි මේ කතා අසන ජනතාව සැක කරති.
ජනතාව පවසන්නේ කවුරු කෙසේ පැවසුවද හැම ආණ්ඩුවක්ම ජනතාවට කළේ ඉහළ නිලධාරී පැලැන්තිය සමග එක්වී අත යට ගේම් ගසන කතාවකි. මේ කෝටි 364 කතාවද එයට උදාහරණ සපයන කතාවක් යැයි ජනතාව කියන දේ යහපාලනය තුළ තමන්ට තවත් බොහෝ දේ කිරීමට ඉතිරිව ඇතැයි 2020න් පසුද දේශපාලනයේ යෙදෙන මෛත්‍රී ජනාධිපතිවරයාට ඇසිය යුතුය.
අයථා ලෙස ලබාගෙන ඇති මුදල් ඒ ඒ නිලධාරීන්ගෙන් කොටස් වශයෙන් නොව විදුලි බිල්පත් හිඟයකදී පාරිභෝගිකයාගෙන් අයකර ගන්නා න්‍යාය සිහිපත් කර එය වවුචරයෙන් කපා ගැනීමය.
ජනතාවගේ බිල්පතින් එකී 2010 සිට වන ඒ මුදල ගණනය කර පාරිභෝගිකයාට ආපසු ලබාදීම රජයේ වගකීමකි.
ජනතාවගේ ඉල්ලීම මෙන්ම වගකීමද තමන්ගේ බිල්පතින් අය කරගත් ඒ මුදල ලබාදෙන මෙන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටීම බවද නීතිවේදීහු පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd