Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 22 වන බදාදා
2025 ජනවාරි මස 22 වන බදාදා
ගිහි නම - මුතුවාඩියගේ නිමේෂ සඳරුවන් ප්‍රනාන්දු
වයස - 25
පදිංචිය - මීගමුව
පාසල - කොච්චිකඩේ මහා විද්‍යාලය, වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයය, යාපනය විශ්වවිද්‍යාලය (පරිගණක ඉංජිනේරු විද්‍යාව)
සාමාන්‍ය පෙළින් පස්සේ තමයි මම ක්‍රිස්තුස් වහන්සේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. උන්වහන්සේට අනුව ඇයි අපි කරන වැරදි අපිට නවත්තගන්න බැරි කියලයි මම හිතන්න පටන් ගත්තේ. කොහොමද ඒ අපිට එන වැරදි සිතිවිලි නවත්ත ගන්නේ කියලයි මම කල්පනා කළේ. ඒ ක්‍රමයයි මං හොයාගෙන ගියේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ කියපු විදිහට සරල, අල්පේච්ඡ ජීවිතය මම ගත කළා. ඒක තමයි නිදහස කියල හිතුවා. ඒත් එක්තරා මට්ටමකදී මට ඒ මමත්වය අයින් කරගන්න බැරි වුණා. ඒක තමයි මට තිබුණ ප්රශ්නය. ඒ හින්දා හැම සෙනසුරාදා, ඉරිදාවකම මම පල්ලියට ගියා. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මෙනෙහි කළා. ඒ අනුව මගේ තියෙන වැරදි මොනවද කියල හිතන්න පටන් ගත්තා. උන්වහන්සේට අනුව මගේ ගමන මං යා යුත්තේ කෙසේද කියල හිතුවා. ඒ අනුවයි සමාජයේ අපි ජීවත් වුණේ. මොකද අපි පල්ලියට හුඟක් ලැදි පිරිසක්. ඒ නිසා පල්ලිය හරහා හදාගත්තු තරුණ සමිතිවලත් මම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරගන්න ක්‍රියාකාරීව යෙදිලා ඉඳල තියෙනවා.
කන්‍යාරාමවල සරල ජීවිත ගත කරන අය වෙනුවෙනුත් කටයුතු කරල තියෙනවා. ඒත් මට හිතට සැනසීමක් තිබුණෙ නැහැ.
යාපනය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනගන්න කාලේ මම අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට අහම්බෙන් වගේ තමයි ධර්මයයි ඔබයි ගුරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබෙන්නේ. මොකද මම පුරුද්දක් වශයෙන් පෝයට රූපවාහිනියේ විකාශය වන බණ අහන්න පුරුදුවෙලා හිටියා. බුදුරජාණන් වහන්සේගේ කතා අහන්න ආසාවෙන් හිටියා. ඒ වුණාට ඒ කාලේ පැවිදි වෙනවා වගේ අදහසක් අහලකවත් තිබුණේ නැහැ. මොකද මම ජීවත් වන වර්ග කිලෝමීටරය ඇතුළෙම පල්ලි පහක් තියෙනවා. අනික අපිත් කොලුකමට සෙට් වුණු, බීච් පාටිවලට ගිය අය. මම උපාධියෙන් පස්සේ මහාචාර්යවරයෙක්ගේ ආරාධනාවෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ යන්න හිටියේ. රැකියා අවස්ථාවකුත් ලැබිලා තිබුණා. ඉතින් එවැනි වටපිටාවක කෙනෙක් පැවිදි වෙයි කියල හිතන්නවත් පුළුවන්ද?
ඔව්. ගුරු ස්වාමීන් වහන්සේගේ මම අහපු පළමු ධර්ම දේශනාවෙදි උන්වහන්සේ විග්රහ කළේ සත්ත්වයා ලෝකයට බිහිවෙන ආකාරය, හේතුඵල දහම ආදිය. තමන් කැමති විදිහක් හදාගෙන ඒ කැමැත්තට අනුව ඒ හේතුව තමන්ගේ වසඟයේ තබා ගැනීම නිසා ඇතිවන පෙළීම ගැන තමයි උන්වහන්සේ විග්රහ කළේ. ඒක තමයි මාව කම්පනය කළේ. ඉන්පස්සේ මම ඒ දහම හොයාගෙන ගැඹුරට යන්න පටන් ගත්තා. එදා ඉඳන් දවසට පැය දහයක් විතර මම ධර්ම දේශනා අහන්න පටන් ගත්තා. ඒකෙන් තමයි නිදහස් සුවය දැනෙන්න පටන් ගත්තේ. මනුෂ්‍යයා මේ ආකාරයෙන් හැසිරෙන්නේ සසර ගනුදෙනුවක් පියවීමේ ප්‍රතිඵලයක් විදිහට කියල අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ අනුවයි මට තිබුණු ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න පටන් ගත්තේ. කර්මස්ථානයක් විදිහට මම දැන් මෙනෙහි කරන්නෙත් ඒක. මොකද සතුට කියල කියන්නෙත්, දුක කියල කියන්නෙත් හේතු රාශියක ඵලයක් කියල මට තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ පෙළීමෙන් නිදහස් වෙන්න ඕන. එතකොටයි නිරාමිස සුවය දැනෙන්න පටන් ගන්නේ. ඒ නිසා තමයි ඒ ක්‍රමවේදය පවතින තැනට මම සමීපවෙන්න පටන් ගත්තේ. මොකද ගිහි ජීවිතේ පවතින සතුට තාවකාලිකයි. නැත්නම් ඇයි මගේ යාළුවන්ට සෙට් වෙන පාටි හැමදාම දාන්න බැරි? ඇයි ඒ සතුට දිගටම පවත්වාගෙන යන්න බැරි? අනික ඒ පාටිය වෙනුවෙන් කොයිතරම් කාලයක් අපි පෙළෙන්න ඕනද? පෙළීමෙන් තමයි ඒ සතුට දෙගුණ, තෙගුණ වෙන්නේ. ඒ නිසා ඒකෙන්ම පැහැදිලියි ඒ සතුට තාවකාලිකයි කියලා. ඒ නිසයි ඒ සතුටින් අත්මිදිලා පරම සතුට සොයාගෙන යන්න තීරණය කළේ. පැවිදි වීම එතැනදි මට ඒ ගමන පහසු කරනවා. හැබැයි අම්මලා මුලදි කැමැති වුණේම නැහැ. මොකද මම විශ්වවිද්යාලයේදිත් හොඳට ඉගෙන ගත්තු, අමාරුම විෂයයන් තෝරල ඉගෙන ගත්තු ශිෂ්‍යයෙක්. මගේ නංගී එතැනදි ඉතා බුද්ධිමත්ව අම්මලාට මගේ තීරණය ගැන පැහැදිලි කළා. දැනුවත් කළා. යාළුවෝ දන්නෙත් මෑතකදී. ළඟදි මාව හොයාගෙනත් ඇවිත් තියෙනවා. මොකද අපි ඒ ගැන එයාලව දැනුවත් කළේ නැහැ. අනික එයාලට මේක එකපාරටම දරාගන්න බැරිවෙයි කියලයි අපිත් හිතුවේ. හෙමිහිට දැනුවත් කරන්නයි හිතන් හිටියේ. එදත් එයාලා ඇවිත් තියෙන්නේ ඒ කම්පනය නිසා. මාව නැවත එක්කගෙන යන්නයි ඇවිත් තියෙන්නේ. මොකද එයාලට තාම සද්ධර්මය ගැන අවබෝධයක් නැහැ.
දුක් විඳින සත්ත්වයන් වෙනුවෙන් ප්‍රේම කළ යුතුයි කියලයි ජේසුස් වහන්සේ කිව්වේ. ඒ නිසා ඒ දුකින් නිදහස් කළ යුතුයි කියල උන්වහන්සේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුන්ව නිදහස් කරන්න කලින් තමන් දුකින් නිදහස් වෙන්න කියලයි. තමන් දුක් විඳිමින් කොහොමද තව කෙනෙක් නිදහස් කරන්නේ? තමන්ගෙන් ලෝක සත්ත්වයාට වෙන අසාධාරණයයි මුලින් නවත්වාලිය යුත්තේ. අනික එහෙම තව කෙනෙක්ව නිදහස් කරනවා කියන්නේ අනික් කෙනාව නිදහස් කරන එක විතරක් නෙමෙයි, තමන්ගේ පෙළීමෙනුත් තමන් නිදහස් කරගන්න එක. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ අනික් අයගේ දුකේදී පිහිටවෙන්න එපා කියලා. තමන්ටත් කරදර ඇතිවෙන්නේ යම්කිසි හේතුවක් නිසා. ඒක තමන් තේරුම්ගන්න ඕන. ඒ නිසා අනික් කෙනාට ඇලෙන්නේ නැතුව කරුණාව දැක්වීමයි කළ යුත්තේ.
සියයට සියයක් නිරපේක්ෂව බලන්න නම් මම අරහතුන් වහන්සේ නමක් වෙන්න ඕන. ඒත් මම තාම එවැනි තත්ත්වයකට ඇවිත් නැහැ. හැබැයි උත්සාහ කරන්නේ එතැනට යන්න. අනික සාපේක්ෂතාව එන්නෙත් මැන ගැනීමට තියෙන ආසාව හින්දා. අපි කැමතියි සංසන්දනය කරන්න. ඒ හින්දා සිද්ධවෙන්නේ ආසාවක් මතුවීමයි. ඒ ආසාව අඩුකර ගැනීමයි මගේ අරමුණ. එතකොට මට කොයිකත් එකයි.
විද්‍යාව කියන්නේ කල්පිතයක් අරගෙන ඒක සත්‍ය බවට පත් කිරීමක්. එතැනදි අපි ඒක සත්‍යයක් වෙන්නේ මොන පරිසර තත්ත්වයකද කියල සොයා බලනවා. ඒ නිසා ඒ පරිසර තත්ත්වයන් යටතේ ඉඳන් ඔප්පු කිරීමක් තමයි විද්‍යාවේදී අපි කරන්නේ. නිව්ටන්ගේ තුන්වැනි නියමය ඇරුණම අනික් නියම දෙකම වැරදි බව දැන් ඔප්පුවෙන මට්ටමට සාධක විද්‍යාව විසින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ මේ හින්දා. ඒ නිසා විද්‍යාව කියන්නේ සැබෑවටම විද්‍යාවක් නම් ඇයි අපි කල්පිතයක් ගන්නේ කියලා කල්පනා කළ යුතුයි. කල්පිතය වැරදි නම් මුල් නිගමන සියල්ලම වරදිනවා.
ඒ පුහුණුව සෑහෙන්න වැදගත් වුණා. හොඳ තර්කානුකූල හැකියාවක් මට ගණිතය හරහා ලැබුණා. හේතුඵල දහම අවබෝධ කර ගැනීමේදියි එහි වටිනාකම තේරෙන්නේ. මොකද මම Image Processing කරපු කෙනෙක්. ඒ නිසා හැමදේම විභේදනය කරල බලන්න මට හැකියාව තිබුණා. ඒ හරහායි මට මේ දහම ප්රත්යක්ෂ වුණේ. සත්ත්වයා බිහිවෙන්නෙත් දැනගැනීමේ සහ හඳුනාගැනීමේ දැඩි ආසාව නිසා. රූප බැලීම, ශබ්ද ඇසීම, ගඳ සුවඳ රසවිඳීම, ස්පර්ශය ලබාගැනීම හරහා ඒ ආසාව තෘප්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළට සත්ත්වයා කියා කිව්වත් නිවැරදියි. බුදුරජාණන් වහන්සේ වදාළෙත් ප්‍රඥාවන්තයන්ට පමණයි මේ දහම වැටහෙන්නේ කියලා. අනික ප්‍රඥාව ඇතිවෙන්න තර්කානුකූල හැකියාව වගේම ගරුගුණ හිතත් බලපානවා. එතකොටයි යථාර්ථය වැටහෙන්නේ. තමන් හරිය යන මානයේ ඉඳන් තර්ක විතර්ක කරන අයට ඒ ප්‍රඥාව ලබන්න පින නැහැ.
බුදුරජාණන් වහන්සේ තර්ක කළේ යථාර්ථය සොයන්න. ෂඩ් ශාස්තෘවරුන් පසුකරමින් බුද්ධත්වය ළඟා කර ගත්තේ ඒ නිසයි. පරම උත්තම වෙන්නේ ඒකයි.
වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා නෙමෙයි පැවිදි වුණේ. කොයිතරම් මහන්සියෙන් වැඩ කළත්, අවසානයේ මරණය නවත්තගන්න බැරි නම්, අපි මැරිලා යනවා නම් මොකක්ද ඒ ජීවිතෙන් ඇති ඵලේ? ඒකයි ගැටලුව. ඒ නිසා ධාර්මිකව ජීවත් වෙනවා කියන්නෙත් අපි ඊළඟ භවය වෙනුවෙන් සකසා ගන්නා වැඩපිළිවෙළක් විතරයි. ඒකත් එක්තරා දුකක්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න දේශනා කළේ. අනික ඉර, හඳ, තරු, ගස්කොළන් මේ හැමදේම පවතින්නේ මනුෂ්‍ය සංඛාර නිසා. මනුෂ්‍ය සංඛාර අනුවයි ලෝකයේ සෞම්‍ය බව හෝ උෂ්ණ ගතිය තීරණය වෙන්නේ. ද්වේශ සහගත ප්‍රදේශ ගිනියම් වෙන්නේ ඒ නිසා. කාන්තාර වෙන්නේ ඒ නිසා. හැබැයි මිනිස්සු සෞම්‍ය වුණොත් ලෝකයම සෞම්‍ය වෙයි. ඒ ගැනයි අපි සිතිය යුත්තේ. ඒ නිසා මමත් කළේ නිවන කරා ළඟා වීමයි. අනික ගිහි ජීවිතේ ඉඳලා අපිට හැමදාම කරන්න වෙන්නේ තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙනුවෙන් මහන්සි වීමයි. ඇලි ඇලී ජීවත් වීම. එතකොට අවසානයේ උරුම වෙන්නේ පෙළීම.
බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන වරක් විමසුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධියෙන් මත් වුණු ප්‍රදේශවලින් ප්‍රඥාවන්තයන් බලාපොරොත්තු වෙන්න බැහැ කියලයි. එයාලට තියෙන්නේ දැනගැනීමේ ආසාව මිසක් නිවන් දැකීම නෙමෙයි කියල උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා බුද්ධිමත් වුණාට, සාක්ෂරතාවය අතින් ඉහළින් හිටියට ප්‍රඥාව නැත්නම් එවැනි තැනකින් පෙළීමේ ස්වභාවය අවබෝධ කරගන්නා පිරිස් බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි මේ වෙද්දි නැවතත් සද්ධර්මය මතුවෙමින් පවතිනවා. ඒ නිසා ප්‍රඥාව ඇති පිරිස් මත ඉදිරියේදී බුද්ධ ශාසනය පවතීවි.
ඔබට මීට වසර ගණනාවකට කලින් ගත්තු කඩල ගොට්ට මතකද ? මතක් කරල බලන්න ඒ ගැන? ඒක මතක් වෙන්නේ මේ මොහොතේ වටිනාකමක් තියෙනවා නම් තමයි. වටිනාකම ශූන්‍ය නම් ඒක කොච්චර මතක් කළත් මතක් වෙන්නේ නැහැ. ඒ නිසා වටිනාකමක් තියෙනවා කියන්නෙම ආස්වාදයක් තියෙනවා කියන එකයි. මතක් කරද්දි වෙන්නේ ඒ ආස්වාදය එන එක. ඒක තමයි අපි මතක් කරන්න උත්සාහ කරන්නේ. අපි පෙළෙන්නේ ඒ වෙනුවෙන්. ඒ උත්සාහයක ප්‍රතිඵලයක් තමයි හිතක් හට ගැනීම. ඒකම තමා අපේ අනෙක් සිතිවිලිවලදිත් සිද්ධ වෙන්නේ. අපි තව කෙනෙක්ව හදාගන්න උත්සාහ කරන නිසා තමයි අපි පෙළෙන්නේ. තව කෙනෙක්ට හොඳක් කරන්න ගිහින් බලාපොරොත්තු වෙන්නෙත් දිව්‍ය ලෝකයක්. ඒ වෙනුවෙන් තමයි පෙළෙන්නේ. ඒ පෙළීමෙන් නිදහස් වීමයි නිවන කියන්නේ.
එතකොට ඒ කාලේ සිටුවරු කොහොම ජීවත් වෙන්න ඇත්ද? බිරින්ඳෑවරු ගණනාවක් එක්ක රජවරු කොහොම ජීවත් වෙන්න ඇත්ද? සිදුහත් කුමාරයාට මාලිගා තුනක් තිබ්බා. එහෙනම් ඒ කාලේ කොයිතරම් සැප සම්පත් ඒ සමාජයේ ගැවසෙන්න ඇත්ද? අපි දැන් චිත්‍රපටවලින්, රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් බලන දේවල්, ඒ කාලේ මිනිස්සු බැලුවේ සජීවීව. එහෙනම් කොයිතරම් ආස්වාදයක් ලබන්න ඇද්ද? සිදුහත් කුමාරයට ශීත සෘතුවේදී පිරිමි පුළුටක්වත් දකින්න බැරිවෙන විදිහටයි වැඩපිළිවෙළ සකස් කරල තිබුණේ. ඒත් සිදුහත් කුමාරයා ඒ සියලු සැප සම්පත් අතඇරලා ගිහිගෙයින් නික්මෙනවා. එහෙනම් කොහොමද වත්මන් සමාජයට ඒ අවබෝධය සාක්ෂාත් කරගන්න බැහැ කියන්නේ.
වචනෙන් කියාගන්න බැරි සතුටක් දැනෙනවා. ලෝක සත්ත්වයා කොයිතරම් දුකක් විඳිනවද කියල දැන් හිතෙනවා. එයාලා තමන්ගේ දුක වහගන්නේ American Brand එක ගහපු ලංකාවේ වතුර බෝතලයකින් කියල හිතෙනවා. ඒකයි මම නිතරම භාවිත කරන උදාහරණය. ඒ නිසා ඒ ආස්වාදය කියන බ්‍රෑන්ඩ් එක අයින් කරගත්ත දවසට එයාලා මොන බ්‍රෑන්ඩ් එක ආවත් ගන්න එකක් නැහැ.
(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි. උන්වහන්සේලා අත්විඳින ඒ නිරාමිස සුවය උදාකර දුන් නිර්මල සද්ධර්මය පරිශීලනයට පහත සඳහන්
විස්තර උපයෝගී කරගන්න.)
සම්බන්ධීකරණය - 077 279 0013 (සනත්), ධර්මයයි ඔබයි
ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය
වෙබ් අඩවිය: http://www.dharmayaiobai.org
Facebook: http://www.facebook.com/dharmayaiobai/
YouTube: http://www.youtube.com/c/dharmayaiobai/
popular news
A.M. chithra kanthi c/o ifragan estar Sunday, 22 July 2018 01:01 AM
Budusaranai suwamin වහන්ස ඔබ වහන්සේ දෙසුවගන්ති සත්තියක් මටත් Mage jeevithe godak බලපොරොත්තු තිබුන ඒවා වැඩක් නැති ඒවා කියල මන් ගොඩක් පින්දහම් කර අසරණ ayata උඩු කරලා පන්සල් වලට මටත් දැන් ඕනි ඔබ wahansa ගිය මග යන්න මත ඒ මග යනවා ඒ hara වෙන kisima deyak natha ඔබ wahan සෙට නිදුක් nirogi deergausa Sampath labe wa sadu sadu sadu
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd