මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ඔබ කියවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ සිවුවැනි සංවත්සරය සිදුවන අවස්ථාවේදීය. සිය සිවුවැනි පදවිප්‍රාප්තිය සමරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. මෙවර %කුරහන් සුවඳ^ තීරු ලිපියෙන් අපි කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට අදහස් කළෙමු.
01. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් මේ වන විට රට තුළ යම් ගැටලුවක් පැනනැගී ඇත. මේ අනුව පැන නැගී ඇති මූලික ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා අධිකරණ කොමිෂන් සභාවේ කාර්යයන් කළ හැකිද, කළ යුතුද යන්නය.
මේ වන විට ව්‍යවස්ථාදායක සභාවේ හැසිරීම හා කාර්යයන් පිළිබඳ අවධානය යොමුකළ විට පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණක් වන්නේ එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යයන් කරන බවයි.
ඒ අනුව මෙම පාර්ශ්ව තුන අතර ගැටුමක් පැනනගී නම්, එය අවසන් කිරීමේ වගකීම පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙයි. ජනාධිපතිවරයා විසින් රජයේ ඉහළ නිලධාරීන් පත් කිරීමේදී ඔවුන්ගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර අනුමැතිය ලබාගත යුතු වෙයි.
මේ අනුව පසුගිය කාලසීමාව තුළ එසේ අනුමැතිය ලබාදුන් පත්වීම් පිළිබඳ සමාජය තුළ දැඩි අවධානයක් යොමුවන්නට විය. කෙසේ වෙතත් දැන් එහි සංයුතිය වෙනස් වී තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට එක්වෙන හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඊයේ දිනයේදී රැස්වූ අතර, ඒ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක් විය. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හා පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අපි අදහස් කරගෙන සිටින්නෙමු.
02. බෙලිඅත්තට දුම්රිය යෑම
මාතර සිට කතරගම දක්වා දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු කොටස වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට ළඟා වී තිබේ. එහි පරීක්ෂණ දුම්රිය ධාවනයක්ද පසුගියදා සිදුවිය.
ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය යථාර්ථයක් බවට පත්කර ගැනීමට කටයුතු කළ සෑම දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මේ ආකාරයෙන්ම බෙලිඅත්ත සිට කතරගම දක්වා ඉතිරි කොටසේද ඉදිකිරීම් ඉක්මනින්ම අවසන් කිරීමට අවස්ථාව ලැබේවා^යි අප ප්‍රාර්ථනා කරන්නෙමු. එසේම මෙම නිරීක්ෂණ ධාවනයට එක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ, මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීමේ කටයුතු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි. එය හුදෙක්ම වචනයට පමණක් සීමා නොවී යථාර්ථයක් බවට පත්වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
03. සුමනදාස අබේගුණවර්ධන මහතාට වාහනයක් ලබාදීම
මහින්ද රාජපක්ෂ මහතා විසින් සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් තෑගි ලෙස ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පිරිකගේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකන් හා මිහින් ලංකා පිළිබඳ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කොමිසමේදී මෙම තොරතුරු හෙළිදරව් විය. ඒ අනුව මෙම වාහන ලබාදීම නිසි ක්‍රියාපටි අනුව සිදුව ඇත්ද, එසේ නොමැති නම් නීතිවිරෝධීව සිදුව ඇත්ද යන්න පිළිබඳ කොමිසම තුළින්ම ඉදිරියේදී තහවුරු වනු ඇත. යම් හෙයකින් එය නීතිවිරෝධීව සිදුව ඇත්නම් නීතිය අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන අතර, එය නීතිය මගින් බේරුම්කරණය වනු ඇත. අනෙක් අතින් මෙම කරුණ %දේශපාලන වේදිකාවේ හුදෙක්ම දේශපාලන මඩගැසීමක් වෙනුවෙන් භාවිත නොකළ යුතුය^ යන්න අපගේ හැඟීමයි. කොමිසමේ අවසන් වාර්තාවක්ද තවමත් ඉදිරිපත්ව නොමැත.
04. ක්‍රීඩකයන්ගේ වෘත්තීයත්වය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙපළක් අතර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මත ගැටුමක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත් එම ගැටුම සමථයකට පත්කර ගැනීමට ඔවුන් දෙදෙනා එකඟ වූ බවටත් ඊයේ (07දා) තොරතුරු වාර්තා විය. ඒ අනුව එය කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා පදනමක් වනු ඇත. විශේෂයෙන්ම මේ වසරේ එක්දින ලෝක කුසලානය සඳහා තවත් ඇත්තේ අවම කාලයක් බැවින් සියලු දෙනාගේම අවධානය බාහිර කරුණුවලට නොව ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවිය යුතුය.
වෘත්තීයමය ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳවත්, ක්‍රීඩාවේ ප්‍රධානීන්ගේ හැසිරීම පිළිබඳවත් අප මීට වඩා අවධානය යොමුකළ යුතුය. ක්‍රීඩාවේ ඇති ගැටුම් දේශපාලනයට එක් කර ගනිමින් එකිනෙකා අතර ගැටුම් ඇතිකර නොගත යුතුය. එසේම මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ශාරීරික සුවතාව, විනය පිළිබඳ ගැටලු එකිනෙක පටලවා ගනිමින් තිබේ. ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලු ඇති අයට විනය පරීක්ෂණ පැවැත්වීම සිදු නොවිය යුතුය. විනය ගැටලුවක් ඇති අයට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා ඊළඟ තරගාවලියට යොමුකිරීම හෝ යොමු නොකිරීම සිදු කරයි.
ස්වාධීන රූපවාහිනී සේවය
ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ මේ වන විට ගැටලුවක් පැනනැගී ඇත. ඒ හේතුවෙන් ඊයේ (07දා) දිනයේදී එම ආයතනය තුළ නොසන්සුන්තාවක් ඇතිව තිබේ. කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටියද, බලයෙන් ඉවත්ව ගියද, සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ආරක්ෂා විය යුතුය යන්න අපගේ හැඟීමයි. රාජ්‍ය මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් අප සියලු දෙනා තුළම විවේචනයක් පවතී. එහෙයින් අපගේ ප්රවෘත්ති පළ නොකරන ලෙසද මම වරක් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළෙමි.