Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
"මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යය නෑ, අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒවා නීතියක් හැටියටම අහෝසී කර ගන්නවා.පළමුවැනි ආදර්ශය දෙන්නේ අපි.මම වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුවේ වැඩ භාර ගන්න දවසේ ඉඳලාම, වැඩ භාර ගන්න විදිහේ ඉඳලාම ආදර්ශ දීලා, නාස්තිය දූෂණය නතර කරලා පෙන්වනවා.මුදල් විශුද්ධීකරණ පනත තියෙනවා, අල්ලස් හෝ දූෂණ පනත තියෙනවා, පොදු දේපළ අපරාධ පනත තියෙනවා, තව ගොඩක් නීතී තියෙනවා.නීතී නැත්නම් නීතී හදලා හරි මේ මහජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු ධනය නැවත අත්පත් කර ගන්නවාම තමයි.ඒකේ දෙගිඩියාවක් තියා ගන්න එපා, ඒක නොකලොත් අපෙන් වැඩක් නෑ" යැයි හිටපු කෝප් කමිටු සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර තඹුත්තේගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින්ය. රට දිනන මග යන මැයෙන් තඹුත්තේගමදී ජාතික ජන බලවේගය මගින් ව්‍යාපාරික හමුවක් පැවැත් වූ අතර, හිටපු කෝප් කමිටු සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති,ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික වරලත් ගණකාධීකාරී සුනිල් කුමාර ගමගේ, ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික වරලත් ගණකාධීකාරී අමරසේන අතුකෝරළ යන මහත්වරුන්ද එහිදී අදහස් දැක්වීය.
Q මේ හැමෝම හෙට උදේට උයන්නේ මොනවාද කියලා තීරණය කරන්න බැරි තත්වයකට ඇවිත් තියෙනවා, කෙටි කාලීනව මේ ප්‍රශ්නයට උත්තර හොයන්නේ කොහොමද? ආර්ථිකය ණය කන්දක හිර කරලා තියෙනවා, රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා.
A හිටපු කෝප් කමිටු සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා
අවුරුදු 76 ක් තිස්සේ ඒ අය දිගු කාලීනව කර ගෙන ආව නාස්තිය, දූෂණය,වංචාව, හොරකම නිසා අපේ රට කොච්චර හානි වෙලා තියෙනවාද, නාස්තිකාර වියදමක් දැරුවට පස්සේ හොඳ ආයෝජනයක් කරන්න තිබුණ අවස්ථාව අපිට නැති වෙලා තියෙනවා.පාඩු දෙකයි එතකොට.හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය තියෙනවා මැච් ගහන්නේ නෑ, සම්මන්ත්රණ ශාලාවක් තියෙනවා සම්මන්ත්රණ නෑ, වරයාක් හැදුවා අපි, වරයා හිලව්වට චීනයට දුන්නා, දැන් ණය ගෙවනවා.
ඒවාට අපි දරණ ලද වියදම, ඒවායේ පොලිය.ඒ නාස්තිකාර වියදම නිසා අපිට තව හොඳ ඵලදායි ආයෝජනයකට යොදවන්න තියෙන අවස්ථාවක් අහිමි වෙලා තියෙනවා.මේ රටේ මිනිස්සු ව්‍යාපාර කරලා බදු ගෙවලා, පිටරට මිනිස්සු වැඩ කරලා එවපු සල්ලි, ඒවානේ මේ වියදම් කරලා තියෙන්නේ, කිසිම දේශපාලඥයෙක් ගෙදරින් ගෙනල්ලා වරයාවල්, සම්මන්ත්රණ ශාලා, ක්‍රීඩා පිටි හදලා නෑ, නාස්තිය දූෂණය විතරක් නවත්තලා විතරක් රට හදන්න බෑ කියන අයට ඔ්ක තේරෙන්නේ නෑ, සමහරු කියනවා හොරකම්, හොරකම් කියලා අපි කථා කළාට හොරකම් නවත්තලා විතරක් රට හදන්න බෑ කියලා.
හොරකම් විතරක් නවත්තලා රට හදන්න බැරි තව දේවල් තියෙනවා කරන්න, හැබැයි හොරකම් නවත්වන්නේ නැතිව රට හදන්නත් බෑ,හොරකමකින් වෙන පාඩුව විතරක් නෙමෙයි, ඒක ආයෝජනය කරලා ඵලදායි ආර්ථික කටයුත්තකට, නිෂ්පාදන ක්‍රියාවලියකට යොදවන්න හැකියාව තියෙනවා.
ඒ නිසා අපිට ඔය කියන කාළය එච්චර ලොකු කාළයක් නෙමෙයි මේ සිස්ටම් එකට වෙනස් වුණොත්.මේ තියෙන අකාර්යක්ෂම දේශපාලන ක්රමයම, මේ විදිහටම පවත්වාගෙන යන්න බෑ, අපි එහෙම යනවා නම් මේ ගොල්ලත් හරි කැමතියි.එහෙනම් අපිත් එක්ක මෙච්චර තරහකුත් නෑ, අපි කියනවා නම් ඔයගොල්ල කර ගෙන ආව ක්‍රමයටම, ඔයගොල්ලන්ගේ හොරකම් ඔයගොල්ල කරගෙන යන්න, අපෙන් බාධාවක් නෑ කියනවා නම් මෙච්චර තරඟයක් නෑ මේකේ, සජිත් ප්‍රේමදාස මහත්තයායි, රනිල් වික්‍රමසිංහ මහත්තයායි, මහින්ද රාජපක්ෂ මහත්තයාලයි අතරේ ලොකු තරඟයක් නෑනේ.
මොකද ඒ ගොල්ල එක කඳවුරක්, ඒ ගොල්ල කවුරු බලය මාරු කර ගත්තත් ඒ ගොල්ලන්ගේ වංචා, දූෂණ, හොරකම් මේ ක්‍රමය පවත්වාගෙන යන්න පුලුවන්.ගජ මිතුරු ආර්ථිකය පවත්වාගෙන යන්න පුලුවන්.ඒ ගොල්ලන්ට බාධාව අපි, ඒ නිසා තමයි ඒ ගොල්ල අද එක කඳවුරකට ඇවිල්ලා අපේ වැඩපිළිවෙල ආපස්සට හරවන්න වැඩ කරන්නේ.
අපි මූලිකවම ජනතාවට වස විසෙන් තොර ගුණාත්මක ආහාර වේලක් ලබා දෙනවා, ඒ මගින් සෞඛ්‍යයට යන සෑහෙන වියදම් කොටසක් අඩු කර ගන්න පුලුවන්, අධ්‍යාපනය ජනතාවට මහා බරක්, මේ මහා බර ජනතාවට අඩු කලොත් ගුණාත්මක ආහාර වේලකට වියදම් කරන්න මුදල් ඉතිරි වෙනවා.
මේක තමයි අපේ කෙටි කාලීනම විසදුම.ඒ සඳහා මේ තියෙන මුදල් ඇති, අදටත් බදු ගෙවන්න එකඟතාවයට පත් වෙලා අය කරපු නැති බදු මුදල් තියෙනවා රුපියල් ට්‍රිලියනයකට වැඩිය, බිලියන 1000 කට වැඩියි එකතු කර ගන්න තියෙන ඒවා, ලංකාවේ අරක්කු නිෂ්පාදන ස්කාගාර වලින් ලැබෙන්න තියෙන බදු රජයට විශාල වශයෙන් ලැබෙන්න තියෙනවා, වැට් බදු මිලියන 163 ක් විතර එකතු කරන්න තියෙනවා.ඒවා ආවොතින් මේ ආර්ථිකය දුවන්න පටන් ගන්න පුලුවන් දේශීය වශයෙන්.
විදේශීය වශයෙන් ගත්තොත් අපි රට තුළ ඉන්ධන කොච්චර නාස්ති කරනවාද? සැලැස්මක් නැති නිසා, පොහොර අපි කොච්චර නාස්ති කරනවාද? බෙහෙත් අපි කොච්චර නාස්ති කරනවාද? මම කෝප් කමිටු සභාපති හැටියට පරීක්ෂණයක් කළා, ගුවන්තොටුපලෙන් ලංකාවට ගේන බෙහෙත් පරික්ෂා කරන්න රසායනාගාරයක් හදන්න යයි රුපියල් කෝටී 50 ක්, හැබැයි අවුරුද්දකට කල් ඉකුත් වීම නිසා විනාශ කරනවා රුපියල් කෝටී 100 ක පමණ බෙහෙත්.
බෙහෙත් මාෆියාවක් තියෙනවා නේ, බෙහෙත් ඇනවුම් කරන්නේම කල් ඉකුත් වෙන කාළය අල්ලලා, එතකොට හැමදාම කල් ඉකුත් වෙනවා, හැමදාම ඇනවුම් කරනවා.ඒක මේ රටේ තියෙන ඖෂධ මාෆියාවේ එකක්.තව කියන්න දෙයක් නෑ, ලංකාවේ සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් හිරේනේ ඉන්නේ, ඒ මේ ලංකාවේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් අරන් දෙන්න ගිහින් උද්ඝෝෂණ කරලා, අරගල කරලා සේනක බිබිලේ මහත්තයාලා වගේ ජාතික ඖෂධ ප්‍රථිපත්තියක් හදන්න ගිහින් නෙමෙයි.
සෞඛ්‍ය ඇමති බෙහෙත් වලින් හොරකම් කරන්න උත්සහ කරලා, වතුර කළවම් කරලා එන්නත් වලට, ඒවා නතර වෙන්න ඔ්න, ඒවා නතර වුණාම ඒකේ ප්‍රථිපලය එන්නේ ජනතාවට.ඒවා කෙටිකාලීනව, ඊට පස්සේ මධ්‍යකාලීනව ,දිගු කාලීනව සැලසුම් අවශ්‍යයි.අපේ හැමදේම නාස්ති කරනවානේ ප්‍රථිපත්තියක් නැති නිසා, ලංකාවේ අල අවශ්‍යතාවෙන් තුනෙන් පංගුවක් සපයන නුවර එළියේ අල ගොවියා අල ගලවන කොට, ඒ ගොවියාට කන්න තියෙන්නෙත් පකිස්තාන් අල, දඹුල්ලේ ළූණූ ගොවියා ගෙදර ගෙනියන්නේ පකිස්තාන් ළූණූ, මොරටුවේ වඩු කාර්මිකයාගේ ගෙදර තියෙන්නේ ප්ලාස්ටික් පුටු, එහෙම රටක් මේක, ප්‍රමිතියක් නෑ, සැලැස්මක් නෑ, ඒ නිසා මේක අපි හදාගන්න ඔ්න, ඒ සඳහා යම් කාළයක් යයි.
ආර්ථිකය හදන්න යම් කාලයක් යයි.මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්න ණය ප්රථිව්යූහගතකරණයකට අපි යන්න ඔ්න, අපි අයි.එස්.බී කණ්ඩායම හම්බුණා, ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල හම්බුණා, අපි පැහැදිලිව කිව්වේ ඉස්සරලා අපේ රටේ ජනතාවගේ මේ ප්‍රශ්න විසඳගන්න පැහැදිලිවම ඉඩ දෙන්න, ඒක සාධාරණ ඉල්ලීමක්, මෙච්චර කාළයක් කිසිම වග විභාගයක් නැතිව වැඩි පොළියට ණය අනුමත කරලා දීලා තියෙන්නේ නාස්තිකාර ආණ්ඩු වලට, අපි නාස්තිකාර නොවන ආණ්ඩුවක් හදන්න ලෑස්ති නම් ඒ ගොල්ලන්ගේ පලවැනි අවධානය අපිට දෙන්න එපැයි.
අපි හොරකම් කරන්නේ නැති, නාස්තිකාර නැති, මහජනතාවගේ බදු මුදල් වලට වගකියන ආණ්ඩුවක් හදනවා, අපිට ඒකේ පළවැනි ප්රශ්නය විසඳාගන්න ඉඩ දෙන්න.අපි කියන්නේ නෑ කොතනදීවත් ණය නොගෙවා ඉන්නවා කියලා.රනිල් ගත්ත ණය, මහින්ද ගත්ත ණය, ගෝඨා ගත්ත ණය අපිට ගෙවන්න බෑ කියලා කියන්නේ නෑ, රටක් වශයෙන් අපි ණය ගෙවන්න බැඳිලා ඉන්නවා.හැබැයි අපිට සාධාරණ කාළයක් දෙන්න. අයි.එස්.බී එක ඒක දන්න නිසානේ අපිට බලය නැතිවත් අපිව හමුවෙන්න එන්නේ යැයි පැවසීය.
Q සාමාන්‍යය ජනතාවට වඩා දේශපාලඥයෝ වරප්‍රසාද ලබනවා, මාලිමාවේ ආණ්ඩුවකින් මොනවද මේ වරප්‍රසාද වලට කරන්නේ.
A හිටපු කෝප් කමිටු සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා
මෙතන ඉන්න කාගෙවත් නිළ නිවාස නේවී එකෙන්, හමුදාවෙන් නඩත්තු කරනවාද? ලයිට් බිල, වතුර බිල, දුරකථන බිල ආණ්ඩුවෙන් ගෙවනවාද? එහෙනම් ඇමතිවරුන්ට මොකටද එහෙම එකක්.ජනතාවට නැති වරප්‍රසාද මොකටද? මෙතන ඉන්න ව්‍යාපාරිකයෝ තමන් රක්ෂණයක් කර ගත්තොත් මිසක්, අවුරුදු 05 ක් යන කොට විශ්‍රාම වැටුපක් ලැබෙනවාද? අවුරුදු 60 ගිහිල්ලත් පෙන්ෂන් එක හදාගන්න බැරි රජයේ සේවකයෝ ඉන්නවා.හැබැයි දේශපාලඥයොන්ට අවුරුදු 05 ක් දේශපාලනය කලොත් පෙන්ෂන් එකක් හම්බෙනවා මැරෙනකල්ම, ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 02 යි මාස ගාණකුත් දවස් ගාණක් හිටියේ දැන් පෙන්ෂන් එක්ක හම්බෙනවා.
මේ දේශපාලනය කියන්නේ මහජන සේවයක්, අපි මේ කරන්නේ ජොබ් එක්ක නෙමෙයි, ඒකයි දේශපාලඥයාට දේශපාලනය කරන ගමන් රස්සාවක් කරන්න අයිතියක් තියෙන්නේ.මේක මහජන සේවයක්, අපිට පඩියක් හම්බෙන්නේ නෑ, අපිට දෙන්නේ දීමනාවක්, දීමනාවකට, පෙන්ෂන් හදා ගන්න එකම රට ලංකාව.වැටුපකට පෙන්ෂන් හදා ගන්න එක සාධාරණයි කියමුකෝ, දීමනාව කියන්නේ ස්වෙච්ඡා සේවයට දෙන එකක්, මන්ත්‍රීවරයාට දීමනාවකුත් දීලා, ගමන් වියදමකුත් දීලා, තව වරප්‍රසාද ගොඩකුත් දීලා, පාර්ලිමේන්තුවේ ගිහින් පුටුවේ වාඩි වෙනවාට, පස්ස පැත්ත තියනවාටත් ගානක් දෙනවා.
කාරක සභාවට යනවාට වෙනම ගානක් දෙනවා.අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒවා නීතියක් හැටියටම අහෝසී කර ගන්නවා.පළමුවැනි ආදර්ශය දෙන්නේ අපි.මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යය නෑ, ජනාධිපතිවරුන් පෙන්ෂන් ගියාම ජනාධිපති විතරක් නෙමෙයි බිරින්දෑවරුත් බලාගන්නේ ජනතාව, මේවා නවත්වන්න ඔ්න, මේවා නවත්වන්න බැරි නම් අපෙන් වැඩක් නෑ, ඒ වගේම ඔ්වා කරන්න කොච්චර කල් යයිද කියලා අහනවානේ, අනුර කුමාර සහෝදරයට කියන්න පුලුවන්ද මම ජනාධිපතිකම අරගෙන රනිල් වික්‍රමසිංහ වගේ මාස 06 ක් ඉඳලා, ගෝඨාභය වගේ මාස 06 ක් ඉඳලා, පස්සේ මම අනුර කුමාර වෙන්නම් කියලා.
මට කියන්න පුලුවන්ද අපිට ඇමතිකමක් හම්බුනොත් රවී කරුණානායක වගේ ටිකක් කරලා, බන්දුල ගුණවර්ධන වගේ තවත් ටිකක් කරලා, ඊට පස්සේ හදුන්නෙත්ති වෙ න්නම් කියලා.බෑ අපි පටන් ගන්න ඔ්න ඔතනින්, මම වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුවේ වැඩ භාර ගන්න දවසේ ඉඳලාම, වැඩ භාර ගන්න විදිහේ ඉඳලාම ආදර්ශ දීලා, නාස්තිය දූෂණය නතර කරලා පෙන්වනවා.අපිට පුලුවන් ඒක කරන්න.
කැබිනට් මණ්ඩලය ප්රවෘත්ති වලට කිව්වට පස්සේ ආයේ හන්දි ගානේ කටවුට් ගහන්නේ මොකටද? කැබිනට් අමාත්‍ය ධූරයෙන් පිදුම් ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ අහවල් ඇමතිතුමා සාධරයෙන් පිළිගනිමු කියලා එයාම කටවුට් ගහනවා.ඒ පිළිගැනීම ලැබෙන්න ඔ්න වැඩකරලා.ඒ කටවුට් ගහන්නෙත් තමන්ගේ සල්ලි වලින් නෙමෙයි.ව්‍යාපාරිකයකුට දඩයක් ගහලා හරි, ආණ්ඩුවේ සල්ලි වලින් ඒවා කරන්නේ.ඒවා අපෙනුත් බලාපොරොත්තු වෙනවාද? ඒවා තමයි නතර වෙන්න ඔ්න දේවල්.එතකොට තමයි ජනතාවට තේරෙන්නේ දැන් අපේ ආණ්ඩුවක් ඇවිත් තියෙන්නේ කියලා.
අද මේ නාස්තිකාර ක්‍රමය නතර කරන්න ජනතාව බලාගෙන ඉන්නවා.ඒ වගේම තමයි අනිවාර්යෙන් අපේ රටේ මුදල් විශුද්ධීකරණ පනත තියෙනවා, අල්ලස් හෝ දූෂණ පනත තියෙනවා, පොදු දේපළ අපරාධ පනත තියෙනවා, තව ගොඩක් නීතී තියෙනවා.නීතී නැත්නම් නීතී හදලා හරි මේ මහජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු ධනය නැවත අත්පත් කර ගන්නවාම තමයි.ඒකේ දෙගිඩියාවක් තියා ගන්න එපා, ඒක නොකලොත් අපෙන් වැඩක් නෑ,
මහජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක, ගෝඨාභය රාජපක්ෂගෙන් බලාපොරොත්තු වුණේ ඒක, හොරු අල්ලන්න කියලා, හොරු ගෝඨාභය අල්ලන්න නෙමෙයි.මුළු මහත් ජනතාවට සුභසාධනය කරලා තව හොරු ටිකකුත් පරිස්සම් කරන ක්‍රමයක් හරියන්නේ නෑ, ඒ් ගොල්ල භය වෙන්න පුළුවන්, ඒ ගොල්ල කළබල වෙන්න පුලුවන්, ඒ ගොල්ල කුමන්ත්‍රණය කරන්න පුලුවන්, ඒ ගොල්ල අපි හදන ආණ්ඩුව වට්ටන්න උත්සහ කරන්න පුලුවන්, දැනුත් උත්සහ කරනවා.
ඒ ගොල්ල තමයි ඔය එහෙට මෙහෙට කපුකම් කථා කරන්නේ.අවුල් හදන්න හදන්නේ.ඒ ඔක්කොම අපි දන්නවා.ඔක්කොම සතුටු වෙන ආණ්ඩුවක් හැදෙන්නේ නෑ කවදාවත්, නමුත් සාතිශ්‍ය බහුතරයක් මෙතෙක් කාළයක් පීඩාවට පත් වුණ, සාධාරණයක් ඉෂ්ඨ නොවුන මැද පන්තියේ , ඉහළ පන්තියේ, පහළ පන්තියේ ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ, ව්‍යවසායකයෝ කොච්චර ඉන්නවාද තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න උත්සහ, ඒකටවත් ඉඩ දෙන්නේ නැති, අන්න ඒ මිනිස්සුන්ට මේ රට හදන්න ඔ්න, අපි අවුරුදු 05 ක් හරියට කරොත් ඊළඟ පරම්පරාව අපිට වඩා හොඳ මිනිස්සු තෝරයි, 2030 ජනාධිපතිවරණයේදී අපි සහතික කරනවා අපිට වඩා හොඳ අය තමයි ඊළඟට තෝරන්නේ, දැන් වෙලා තියෙන්නේ එකම කාසියේ දෙපැත්ත හැමදාම.
එක කාසියයි තියෙන්නේ.දැන්නේ විකල්පයක් දකින්නේ මිනිස්සු, හැමදාම අඩු නපුර හොය හොය හිටියා, ගෝඨාභය රාජපක්ෂ තේරුවේ එහෙමනේ, හොඳම එක හින්දා නෙමෙයි තියෙන එක හින්දා.දැන් විකල්පයක් තියෙන නිසා දැන් ඒ ප්රශ්නය විසඳිලා තියෙන්නේ යනුවෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd