ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව දෙවැනි දිනයේදීත් 900 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව අද දිනයේදි වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 942කි. මේ අතරින් තිදෙනෙක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.
මෙම ආසාදිතයන් 942ත් සමගින් ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 607104ක් දක්වා වර්ධනය විය.