ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 900 සීමාව ඉක්මවා යමින් අද දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 961ක් වාර්තා වී තිබේ.
මෙම ආසාදිතයන් 961 අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙක්ද වෙයි. මෙම ආසාදිතයන් 961ත් සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 608065ක් දක්වා වර්ධනය විය.