ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. පිරිමින් 15ක් හා කාන්තාවන් 9ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගිය පුද්ගලයන් අතර අවුරුදු 30 හා 59 අතර පුද්ගලයන් 4ක් හා අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 20ක් වෙයි.
මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 14182ක් දක්වා ඉහළ ගොස් තිබේ.