ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ 20 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කළ මරණ වෙයි.
අවුුරුදු 30 හා 59 අතර මරණ 4ක් හා අවුරුදු 60ට වැඩි මරණ 16ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
පිරිමි 13ක් හා කාන්තාවන් 07ක් කොවිඩ් නිසා සිය දිවියෙන් සමුගෙන තිබුණි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14278ක් දක්වා වර්ධනය විය.