ශ්‍රී ලංකාවෙන් තවත් කොවිිඩ් ආසාදිතයන් 1150ක් අද දිනයේදි වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 628116ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (12දා) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.