2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය 3.0%ක් ලෙස පුරෝකථනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.
එය ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේ සිදුකළ පුරෝකථනයට වඩා ආර්ථික වර්ධන වේගයේ 0.2%ක වැඩිවීමක් ලෙස පෙන්වා දෙයි.
එහිදී, චීනයේ 2023 වසර සඳහා වූ 5.2%ක සහ 2024 සඳහා වූ 4.5% යන ආර්ථික වර්ධන වේගයන් සම්බන්ධ පුරෝකථන වෙනස් නොකිරීමටද එම අරමුදල කටයුතු කර ඇත.
රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ -ඔලිවර් ගෝරින්චාස් පවසන්නේ ලෝක ආර්ථිකය මේ වනවිට යම් ස්ථාවර මාවතකට පිවිස ඇති නමුත්, තවමත් එය අර්බුදයෙන් සම්පූර්ණයෙන් ගොඩට පැමිණ නැති බවයි.