ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් ප්‍රදේශයේ කළු ජාතිකයින් ඉලක්ක කර තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය සති අන්තයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයෙන් එක් වාර්ගික සිදුවීමකි.
ජැක්සන්විල් හි ෂෙරිෆ් ටී.කේ. වෝටර්ස් පැවසුවේ, “මෙම වෙඩි තැබීම වාර්ගික අභිප්‍රේරණයක් නිසා සිදුවූවක්. එහිදී ඔහු කළු ජාතිකයින්ට වෛර කර තිබෙනවා” යනුවෙනි.
වෝටර්ස් මෙම වෙඩික්කරු වයස අවුරුදු 20ක සුදු ජාතිකයෙකු ලෙස විස්තර කළ අතර, මෙම ප්‍රහාරයෙන් පසු ඔහුද තමාට වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව සඳහන් කළේය.