හිරු ගවේෂණයේ නිරත ඉන්දියාවේ ආධිත්‍ය එල්1 යානය මගින් ලබාගත් ප්‍රථම ඡායාරූපය පෘථිවිය වෙත එවා තිබේ.
සැප්තැම්බර් 4 වැනිදා ගනු ලැබූ මෙම ඡායාරූපයේ පෘථිවිය සහ සඳ එකවර දිස්වීම විශේෂත්වයකි.
පසුගිය සෙනසුරාදා ගමන් ඇරඹි මෙම යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරක් ගමන් කිරීමට නියමිත අතර, එය පෘථිවිය හා හිරු අතර පවතින දුරෙන් 1%කි.
මෙම දුර ගමන් කිරීම සඳහා ආධිත්‍ය එල්1 යානයට මාස හතරක කාලයක් ගතවනු ඇත.