හවායි ලැව්ගින් තත්ත්වයේ මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආණ්ඩුකාර ජෝෂ් ග්‍රීන් අනාවරණය කරයි.
මෑත ඉතිහාසයේ ඇමෙරිකානු කලාපයේ ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය නිසා විනාශ වූ නිවාස හා දේපොළ ආශ්‍රිතව මියගිය අය සෙවීම සඳහා පොලිස් සුනඛයන් යොදාගෙන ඇත.
ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි දින 10 තුළ මරණ සංඛ්‍යාව දෙගුණ විය හැකි බවයි. විශේෂයෙන්ම මුදා ගැනීමේ කණ්ඩායම් විසින් දිනකට මළ සිරුරු 10ත් 20ත් අතර සංඛ්‍යාවක් සොයා ගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.