ඒෂියානා එයාර්ලයින්ස් ඉදිරියේදී සිය ගුවන් යානාවල හදිසි දොරටු අසල වූ ආසන මගීන් සඳහා වෙන් නොකරන බව නිල වශයෙන් දැනුම් දෙයි.
මෑතකදී එකී ආසනයක ගමන්ගත් මගියෙකු උඩු ගුවනේදී යානයේ හදිසි දොරටුව විවෘත කිරීම නිසා එම යානය ඉතා අසීරුවෙන් ගොඩබෑමට සිදුවීම මූලික කරගෙන ගුවන් සමාගම මෙම තීරණයට පැමිණ ඇත.
ඒ අනුව, ආසන 174ක් සහිත යානාවල 26A ආසනය සහ ආසන 195ක් සහිත යානාවල 31A ආසනය වෙන්කර ගැනීමට මින් පසුව අවස්ථාව නොලැබෙන බව කියයි.