අර්බුදකාරී තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා හංගේරියාව වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් පැය කිහිපයකට පසුව අගමැති වික්ටර් ඕර්බන් යුක්රේනයේ ගැටුම උපුටා දක්වමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය.
ඔර්බන් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ සටහනක් තබමින් හදිසි අවස්ථාව නිවේදනය කළේය. ඒ අනුව, මෙම හදිසි තත්ත්වය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර පළමු පියවර බදාදා අනාවරණය කරන බව කීවේය.
"හංගේරියාවේ ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට, අපි යුද්ධයෙන් ඉවත්ව සිටින බවට වග බලා ගැනීමට සහ හංගේරියානු පවුල් ආරක්ෂා කිරීමට, රජයට සීරුමාරු කිරීමේ ඉඩක් අවශ්‍ය වන බැවින්, ඒ සඳහා වහාම ක්‍රියා කිරීමේ හැකියාව අවශ්‍ය වෙනවා" ඕර්බන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.