Netflix හි විකාශය වූ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රංගනයෙන් දායක වූ උපහාසාත්මක විකට කතා මාලාවක් වන 'Servant of the People' නැවත වරක් නැරඹීමට ඇමෙරිකාව අවස්ථාව සලසා තිබේ.
රංගන ශිල්පියෙකු ලෙස කලක් කටයුතු කරමින් සිට, ඒ හරහාම තම ජනප්‍රියත්වය ගොඩනගා ගනිමින් දේශපාලනයට පිවිසි සෙලෙන්ස්කි මේ වනවිට රුසියාව සමග යුද්ධයක පැටලී සිටින අවස්ථාවේදී ඔහුගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර විසින් දැවැන්ත ප්‍රවර්ධන හා ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය ඇමතීමට සෙලෙන්ස්කි වෙත අවස්ථාව සලසා දෙමින්, ඔහුගේ දේශනය සිදුකිරීමට පෙර මෙම නිවේදනයද ප්‍රකාශයට පත්ව තිබේ.
මේ තත්ත්වය තුළ සෙලෙන්ස්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඇතැම් බටහිර රාජ්‍යයන්ගේ රූකඩයක් බවට පත්ව ඇති බව රුසියාව පෙන්වා දෙන්නේ, එම රාජ්‍යයන් බළලුන් ලවා කොස් ඇට බෑවීමක් මෙම විකට රංගන ශිල්පියා හරහා සිදුකරන බවද අවධාරණය කරමිනි.