සෙනගාලයේ විපක්ෂ නායක ඔවුස්මනේ සොන්කෝ අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔහු මීට පෙරද අත්අඩංගුවට පත්වූ අතර, එය සෙනගලය පුරා දැවැන්ත විරෝධතා සහ මාරාන්තික කැරලි ඇතිවීමටද හේතු විය.
49 හැවිරිදි දේශපාලනඥයාගේ නිවස ඉදිරිපිටදී කාන්තා පොලිස් නිලධාරිනියකගේ ජංගම දුරකථනයක් බලහත්කාරයෙන් ගෙන, ඒ මොහොතේම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පොලීසියට චෝදනා කරමින් සිය ආධාරකරුවන්ට පණිවුඩයක් යැවීම ඔහුගේ මෙම නව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.